Chapter 35

4.2K 593 356
                                    

අර දේහදාරී පුද්ගලයා කේශ්ගේ ඇඟෙන් අයින් වෙලා එයාගේ මාස්ක් එක ගලවලා දානකොටම දඩිබිඩි ගාලා කේශ් ඒ ආගන්තුකයාගේ උකුලට පැනලා එයාව තදින් බදාගත්තා...ඒ උකුල ඒ ස්පර්ශය එයාට නුහුරු දේවල් නෙවේ...

"ම...මාව දාලා ගියේ ඇයි මගේ පණ?...අනේ අයියේ මම පිස්සෙක් වුනේ නැතිටික විතරයි...ඔයා ආවා මගේ රශ්....ඔයා ආවා නේද දෙයියෝ...මන් ඇඬුවා කඳුලු හිඳෙන තරම්...ඔයා එයි කියලා හිත කීවත් අනික් අය කීවේ ඔයා සදහටම ගියා කියලයි...මාස හයක් ..මාස හයක් මාව නොමරා මැරුවේ ඇයි මගේ අයියේ?...ඇයි මෙච්චර ලොකු බොරුවක් කලේ?...ඇයි මට ආදරේ කලා නම් මාව ඇඬෙව්වේ?..මන් තරහයි..ඒත් මට දුකයි....මගේ අයියේ ඔයා නැතුව මගෙ පණ ගියේ නැතුවා විතරයි...."

ආගන්තුකයාගේ මූණ එක දිගටම පුන්චි හාදුවලින් නහවමින් කොල්ලා හඬමින් කියවන්න ගත්තේ පිස්සුවෙන් වගේ....ඊට පස්සේ එයා අරයගේ පපුවට අත් මිට මොලවලා හෙමින් ගහන්න පටන් ගන්නකොටම ආගන්තුකයා එයාගේ අත අල්ලගත්තා...ආගන්තුකයා තවදුරටත් ආගන්තුක වුනේ නෑ කොල්ලට..හීනෙන් වුනත් අඳුරන්න පුලුවන් එයාට ඇහුණු ඒ කටහඬ...ඇවිත් හිටියේ එයාගේ රශ්...රයන් අයියා....එයාගෙම ආදරය...

"කේශ්...කේශ්!!! කාම් ඩවුන්...ඇති ඇති...කියන දේ අහන්න වස්තුව...උබ නැතුව මාත් මැරුනා හුස්ම ඉතුරු වුනත්...කැමැත්තෙන් නෙමේ කලේ මම කිසි දෙයක්....කරන්න සිද්ද වුනා මගෙ රත්තරන්..."

කේශ්ගේ මූණ දෝතට අරන් ඒ දෙතොල් දිහා බලලා ඊට පස්සේ කොල්ලගේ නලලට උනුසුම් හාදුවක් එයා දුන්නේ මහ වැස්සේ සීතල පරදවලා...එතකොටම කේශ් ඉකි ගගහා හැඩුවේ රශ්ගේ උරහිස මිරිකගෙන...

"මන් දුක් වුනා...මාව මලමිනියක් වුනා මගේ අයියේ!!! එක එකා මට කතා කිව්වා...අනුහස් එම්...අනේ උන් ඔක්කොම මාව කෑවා...ඇයි මගේ ලඟ...ම...මගේ ලඟ ඉන්නම ඕන වෙලාවේ මාව දාලා ගියේ මගේ සුදු අයියේ...ස..සෆ්‍රාස් චතුර මා ලඟ හිටියත් ඔයා නෙවේද ඉන්න තිබ්බේ.. අනේ ඇයී බොරුවට මැරුණා කීවේ?...ඇයි මාව ඇඬෙව්වේ....මට ඔයාගේ අන්තිම මොහොතෙවත් ඉන්න බැරි වුනා ඔයාට සමු දෙන්න බැරිවුනා කියලා මම පිස්සු හැදෙනකම් ඇඩුවා අයියේ....මගේ මේ ඇස් දෙක දන්නවා මම අඩපු තරම්....හිත වේදනා දුන්නා...වෙලාවකට දරාගන්න බැරි තරම් පපුව රිදුනා මගෙ රශ්.....ඒ....ඒ තරම් මහ ගොඩක් ඔයාට මම ආදරෙයි දෙයියෝ!!"

Campus Crush (Complete)✔️Where stories live. Discover now