Chapter 39

3.9K 590 397
                                    

නික්ට හිතාගන්න බැරි වුනා අඬන්නද හිනාවෙන්නද කියලා...එයා බිම ඉඳගත්තා කොන්ඩේ ඇදගනිමින්..මොන හේතුවකට හරි එයාට අඬන්න හිතුනේ නෑ... පිස්සෙක් වගේ මහ සද්දෙන් එයා හිනා වුනා...

මේ මොකක්ද වෙන්නේ වගේ බැල්මක් එම් එයාට දෙනකොට හැඟීම් විරහිතව තාමත් කතා නොකරපු සෑම් නික් දිහා බලා හිටියා...සඳලිගේ මූණේ කලින් තිබ්බ උපහාසය වෙනුවට අනුකම්පාවක් මතුවුනා... නික් හිටියේ රැවටිලා රැවටිලා හෙම්බත් වෙලා...

"වාව්...නියමයි...ඈ..මාව අතනින් උස්සන් එන්න තිබ්බනේ උබලට මම මේකි පස්සේ දුවන් එද්දී...තමුසේ මගෙ අක්කා වගේ නාස්ති වෙයි කියලා බයටමයි මම පණ්ඩිතයෙක් වගේ තනියම තමුසෙව බේරගන්න ආවේ..කෙල්ලෙක් නේද ලැජ්ජයි ඕයි...කෙල්ලෙක් වෙලත් වෙන කෙල්ලෙක්ගෙ රේප් කේස් එකකට ගෑවිලා ඒක වහන්න හදන සොත්ත පිරිමි සෙට් එකකට උදව් කරන එක ගැන උබ ලැජ්ජ වෙන්න ඕන සඳලි...තමුසෙ හොඳයි කියලා මම හිතුවා තමුසේ අනුහසා එක්ක හිටියත්...මට වරදිනවා කියලා මෙහෙමත් වරදින්න පුළුවන්ද...මම ගොනෙක්...පට්ටම ගොනෙක්...එකෙක් වරදක් එක පාරයි කරන්නේ...ඒත් මම කීපාරක් වරද්ද ගන්නවද...කොහෙදවත් යන එකියක් බේරගන්න මගේ වල මමම කපාගත්තා..ශිට්!..ශිට්!!.."

දෝතින්ම ඔලුව බදාගෙන නික් කෑ ගැහුවේ කලකිරීම කැටිවුන වේදනාවකින්...

"සඳලි ගැන විතරද තමුසේ පුදුම සුදු මල්ලි?...ඇයි තමුසෙගෙ බෝයිෆ්‍රෙන්ඩ් වෙච්ච මම එංගලන්තේ ඉදන් මෙතනින් මතු වුන හැටි ගැන උබට පුදුම නැද්ද?.."

හඬ අවදි කරපු සෑම් උපහාසෙන් කියනකොට එම් පපුවට අත් බැදගෙන කොල්ලා දිහා සමච්චලෙන් බලා හිටියා..

හයියෙන් හිනාවුන නික්...

"අඩෝ සමීර අයියා..තමුසෙට අයියා කියන්නත් වටින්නේ නෑ...මොන බෝයිෆ්‍රෙන්ඩ් මඟුලක්ද කියන්නේ...මම පුදුම වුනා තමුසෙව මෙතන දැකලා...ඒත් තමුසෙගෙ හැටියට ඕක කරන්න අමාරු නෑ..මාව බෝයිෆ්‍රෙන්ඩ් කරගත්තේ මගේ අසරණ කමට...දැනගන්නවා මගේ බෝයිෆ්‍රෙන්ඩ් තමා අපේ අල්ලපු ගෙදර හිටිය රයන් අයියා...තමුසේ මොකෙක්ද ඕයි?..මට ලොකුම රැවටීම කලේ අනුහස්...ඊට පස්සේ මෙන්න මේ බඩ්ඩ...මට ටිකක් හිතන්න තිබ්බා අනුහස් බලන්න මෙච්චරට මේකි නහිද්දි...කොල්ලා බලන්න යන්න වගේ ඇඩුවේ...අනික මෙයා ඌට වෙඩි වැදුන වග ඒකත් කැම්පස් එක ඇතුලෙම කියන එක දැනගත්ත හැටි මට සැක කරන්න තිබ්බා...මම ගොනා වුනා...කෙල්ලෙක් නිසා කලබල වුනා....තමුසේ තමා හොඳටම කලේ සඳලි...අරූ ICU එකේ කියලා දැනගෙන හිටියේ කී දෙනාද...ඒකෙන්ම තිබ්බා මට උබ ඩබල් ගේම් කාරියක් බව හිතන්න...මගේ කරුමේ....තොපි ඔක්කොටම හෙණ ගහන්න ඕන...බල්ලොයි බැල්ලියොයි...."

Campus Crush (Complete)✔️Where stories live. Discover now