Chapter 14

3.9K 696 317
                                    

කේශ්ට ටිකක් එහෙම අඩලා දුක තුනී කරගන්න ඉඩ දීපු අනුහස් එක පාරටම ලගට නොගියේ කොල්ලා අඩපු බව තමන් දැක්කා කියලා එයා දැනගත්තොත් එයාට හුගක් දුක හිතෙයි කියලා හිතුන නිසයි....අනුහස් අනුන්ගේ හැගීම් වලට ගරු කරලා ඒ වගේම ඒවා තේරුම් අරන් වැඩ කරන්න ගොඩක් උත්සාහ කරනවා....

අනුහස් ලන්වෙනවා එක්කම අඩි සද්දෙට ගැස්සිලා කදුලු පිහගත්ත කොල්ලා ඔලුව උස්සලා බලනකොටත් එයාගේ ඇස්වල කදුලු පිරිලා අඩලම කම්මුල් රතුවෙලා....පාටියට හිනා වේගෙන ආපු නික් නෙමේ එතන හිටියේ...අනුහස්ගේ පපුව රිදුනා නික්ගේ පෙනුම දැකලා...

"නික්...මචෝ..උබට ගෙදර යන්න ඕනද..මන් කැබ් එකකට කෝල් කරන්නම්...අපි යමු...යන ගමන් කන්නත් මොනවාහරි ගමු..."

අනුහස් නික්ට කීවේ අඩන හේතුව අමුතුවෙන් අහන්න දෙයක් නැති නිසා...ඒ නැතත් ඒක අහලා ආපහු නික්ව දුකට පත් කරන්නත් එයා කැමති වුනේ නෑ...අද දවසට හුගක් දේවල් සිද්ද වුනා...සමහර ප්‍රශ්න හමුවේ අනුහසුත් ගොලු වුනා...ඕන කතාවකට කට ගහගෙන යන අනුහසුත් නිරුත්තර වුනේ නිකුයි රයනුයි ඒ දෙන්නගේ හැගීම් හරියටම තෝර බේරගන්නකම් එයාලා වටේ ඉන්න අනික් හැමෝමත් එයාලගේ ගේම් එකේ ඉත්තෝ වෙන බව තේරුන හින්දාමයි...

"ඔව් අනූ...මාව එක්ක යන්න...මට මෙතන ඉන්න බෑ...රශ් මගේ ඉස්සරහ මට රිද්දුවා...ම..මට නෑවිත් ඉන්න තිබ්බා අද...මන් එයාට කැමතී අනූ....හුගාක් කැමතී...ඒත් එයා කැමතී සඳලිට...මට උදව් කරපු කෙල්ලගේ ආදරේ මන් උදුරගන්නේ කොහොමද?...අනික මන් විතරනේ රශ්ට කැමති...එයා මට ඒ විදියට කැමති නෑ අනූ...මාව මල්ලි කෙනෙක් විතරයි එයාට..ඇයි අනූ...මට මෙහෙම වුනේ?...අර පූල් එකේ ගිලිලා මැරෙන්න තිබ්බේ මට...එහෙනම් එයා පොඩ්ඩක් හරි මට කැමතී කියලා හිත හදන් මැරෙන්න තිබ්බා..අනික කිසි කෙල්ලෙක්ගේ ලිප්ස් කිස් කරලා නෑ කියපු මිනිහා යස අපූරුවට එහෙම කලේ...." නහය උඩට උරමින් නික් කීවේ දරාගත නොහැකි වුන දුකක් එක්ක...ඔක්කොමත් හරි එදා හැගීම්බරව රයන් කියලා තිබ්බේ බොරුවක්ද?

"පිස්සු හැදීගෙන එනවද උබට මැරෙන කතා කියන්න?..උබ මැරෙනවා කියන්නේ උබ වෙනුවෙන් මැරෙන්න පුලුවන් එවුන්ව ගානකටවත් ගන්නේ නැතුව...උබ බලා ඉන්නේ උබ කැමති එකා දිහා විතරයි...දැන් උබ දුකින් ඉන්නේ...මන් මොනා කීවත් උබගේ ඔලුවට ඒක යන්නේ නෑ....හා අපි යමු...ඒත් සඳලිට යනවා කියලා එන්නම්...උබ මෙතන ඉදපන්...උබට සනීප නෑ වගේ කියන්නම්...මොනවා වුනත් කෙල්ලගේ වරදක් නෑනේ.. " අනුහස් එහෙම කියලා ගේ ඇතුලට යන්න හැරුනා...

Campus Crush (Complete)✔️Wo Geschichten leben. Entdecke jetzt