Chapter 13

4.1K 699 361
                                    

අනුහස්ව පුදුම කරලා එතනට ඇවිත් හිටියේ නුපුරුදු කෙනෙක් නම් එයි...ඒ එම්...එම් කට වාචාලයෙක් කියලා දැනන් හිටියත් මෙහෙම නරුමයෙක් කියලා කොල්ලා හීනෙකින්වත් හිතුවේ නෑ...උගේ කීමට අරුන් කරන්න ඇති කියලා අනුහස්ට තේරුනේ උන් කට්ටිය හයි ෆයිව් දාපු හැටියෙන්...

"තමුසේ කොහොමද අයියේ ඌට මෙහෙම කලේ? රිටන් එක හම්බෙයි තමුසෙට...මගේ එකාව බේරගනින්..." දැඩි කේන්තියෙන් එම්ගේ මූණටම එයා කෑගැහුවා...

"ඌප්ස්...උබ මට බනින්නේ හරියට මන් කරපු එකක් වගේනේ මේක...තව කොහේ කොහේ ලිස්සලා වැටෙයිද අපේ කුමරා...බේරගන්න ඕන නම් උබ පැනහන්කෝ...."

එම්ට ගහන්න බැරිකමට පූල් එක ලගට අනුහස් දුවලා ගියේ කොල්ලව අනතුරක් නොවී ගොඩට ගන්න එක තමා දැනට කරන්න තියෙන ලොකුම දේ නිසා....නික් පේන්න හිටියේ නෑ...වෙව්ලන අත්වලින් රයන්ගේ නම්බර් එක ඩයල් කරන ගමන් එයා කෑ ගැහුවා පූල් එකට එබිලා නික්ගේ නම කියමින්...හොඳ වෙලාවට කොල්ලගෙන් අනුහස් කෝකටත් කියලා රයන්ගේ ෆෝන් නම්බර් එක ඉල්ලන් තිබ්බේ....

"හෙලෝ...‍රයන් ස්පීකින්..."

"රයන් අයියේ....මන් අනුහස්...ඉන්න තැනකින් ඉක්මනට රූෆ් ටොප් එකට එන්නකෝ....නික්ව පූල් එකට වැටුනා අයියේ...ඌට පීනන්නත් බෑ අයියේ...මටත් බෑ....අයියේ ඌව බේරපන්කෝ...."

අනුහස් අඩ අඩා කියනකොට රයන්ගේ පැත්තෙන් ෆෝන් එක කට් වෙනවා විතරයි ඇහුනේ....අරුන් ටික පාහරයෝ වගේ හිනා වෙවී හිටියේ එම් ස්මෝක් කරමින් රූෆ් ටොප් එක වටේ තිබ්බ යකඩ වැටට හේත්තු වෙලා ඉන්න ගමන්...

එතන දොර ඇරෙන හඩත් එක්කම හීයක් වේගෙන් සපත්තු ගලවලා එම් පූල් එකට පැන්නේ රයන් ඇතුලට එනකොටමයි....

අනුහස් දෑස් විසල් කරගෙන බලා හිටියේ අනික් කොල්ලො තුන් දෙනාත් කනස්සල්ලෙන් බයෙන් වගේ පූල් එක වටා රොක් වෙද්දී...මුන් හොඳ නලුවෝ නේද කියලා අනුහස්ට හිතුනත් උන්ට පාඩමක් උගන්වන එක කෙසේ වෙතත් නික්ව බේරගන්න එක තමා වැදගත්ම කියලා එයාට කල්පනා වුනා...

රයන් පස්සෙන් සඳලිත් දුවන් ආවා....රශ්ගේ මූණේ තිබ්බේ කම්පනයක්...කලබලයක්...

Campus Crush (Complete)✔️Dove le storie prendono vita. Scoprilo ora