[Kesh's POV]
රිතූ නිශේල්යා විජයවර්ධන කියන්නේ මගේ ආදරණීය අක්කා...මගේ අක්කි බෝලේ...එක කුස නූපන්නත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මට සෙනෙහෙවන්ත අක්කා කෙනෙක් වුනා...මට වඩා වයසින් අවුරුදු හතරක් වැඩිමල් වුන එයා මට දෙවෙනි මවක් වුනා...
අම්මයි අප්පච්චියි එයාව හදාගන්න අරන් තිබ්බේ අම්මාගේ පුන්චි අම්මගේ දුව ඉස්කෝලේ ගිහින් ඉවර කරන්නත් ඉස්සෙල්ලාම දරුවෙක් එක්ක අනාථ වුන නිසා...කා අතින් එහෙම වුනාද දරුවගේ ඇත්ත තාත්තා කවුද කියලා නම් දන්නේ නෑ....අක්කගේ ඇත්තම අම්මාව එයාගේ පවුලෙන් අයින් කරලා තිවිලා තියෙන්නෙත් මේ හේතුවට.... අක්කාගේ අම්මා අක්කාට අවුරුද්දක් වෙනකොටම සියදිවි නසාගත්තේ ගමේ මිනිස්සුන්ගේ කතන්දර ඉවසන්න බැරිම තැනලු...අක්කා දැනන් හිටියා එයා අපේ අම්මාගේම දරුවෙක් නෙවේ කියලා...මටත් දැනුම් තේරුම් තියෙන කාලෙම අම්මා ඇත්ත කීවා..ඒකෙන් අපේ සම්බන්ධය ගැඹුරු වුනා මිසක් වෙනස් වුනේ නෑ...අනික අක්කාට අපේ පවුලෙන් කිසි වෙනසක් සිද්ද වුනේ නෑ...එයාගේම තාත්තා කවුද කියලා කවුරුත් දැනන් හිටියේ නෑ...අපෙ අම්මටවත් රිතූ අක්කගේ අම්මා කියලා තිබ්බේ නෑ තාත්තා ගැන...ඒ රහස එයා එක්කම වැලලිලා ගිහින් තිබ්බා...අම්මායි අප්පච්චියි කොයිම වෙලාවකවත් අක්කා පිට දරුවෙක් කියන කතාව කිසිම දවසක ඇදලා ගත්තේ නෑ කවමදාවත්...අක්කත් පණ වගේ අපි තුන් දෙනාටම ලෙන්ගතුව හිටියා...මන් දැකපු හොඳම ගෑණු ලමයා තමා මගේ රිතූ අක්කියා...
එයා මට වඩා හමේ පාටින් ටිකක් අඩු වුනත් පුදුම ලස්සනයි...ඉණ ලඟට වැවුනු කළු කොන්ඩේ එතකොට එයා හරිම හුරුබුහුටි...මට වඩා කොටයි කෙල්ල...හරියට මන් අයියා එයා නන්ගි වගේ පාරේ යනකොට...මන් ඕලේවල් කරන්න ලෑස්ති වෙනකොට අක්කාට අවුරුදු විස්සයි...එයා හොඳට ඒලෙවල් පාස් වුනා....එයාගේ දක්ශකම නිසාම එයාට UIT එකේ ෆුල් ස්කොලර්ශිප් එකක් හම්බුනා...ඉතින් ඒ වගේ කැම්පස් එකක මුලු ඩිග්රී එකම ෆ්රී කරන්න හම්බෙන එක ලක් එකක් නිසා අක්කා කොලඹ ගිහින් කැම්පස් ගියේ අම්මලා වැඩිය කැමති නොවෙද්දී...අපේ මාමා අදුරන බෝඩිමක තමා එයා නැවතිලා හිටියේ...ගෑණු පුලුටක් නැති එයාගේ ගෙදර අක්කව නවත්තගන්න මාමා කැමති වුනේ නෑ....ඒත් මාසෙකට සැරයක් අක්කා මාව බලන්න එන්න අමතක කලේ නෑ...එයා එනකොට රට ගිහින් එනවා වගේ තමා කෑම ජාතී එක එක ඇදුම් මට ගෙනත් දෙනවා..
YOU ARE READING
Campus Crush (Complete)✔️
Non-Fictionඑයා කඩවසම්....දගකාරයි... දඩබ්බරයි.. ජනප්රියයි...යාලුවෝ ගොඩයි....අපේ කැම්පස් එකේ බෑඩ් බෝයි...❤️🔥 මම ඒකේ සම්පූර්ණ අනික් පැත්ත...සරලයි..බෝරින්ග්.... අහින්සකයි...යාලුවො ගොඩක් නෑ.. පොත් ගුල්ලෙක්...කොටින්ම නර්ඩ් කෙනෙක්...🖤 නොගැලපෙන අය ගැලපෙන එක ලෝක ස්...