නික්ට ඇහැරෙනකොට එයා හිටියේ එයාගේ ගෙදර කාමරේ ඇද උඩ...තාමත් ට්‍රිප් එක ගිහින් ආපු ඇදුම් පිටින්...එයා ගැස්සිලා ඇහැරුනා....
මොන හත්තිලව්වක්ද ගෙදර එනකොට වුනේ කියලා කල්පනා කලා...එයාගේ මතකයේ ඇදුනේ රශ් ගන් එකක් අරන් ජැකීට වෙඩි තියපු හැටි...රශ් වෙඩි තිබ්බේ පුරුදුකාරයෙක් වගේ...ඒත් එයත් නික් වගේ කැම්පස් යන පොඩි කොල්ලෙක් නේද උස මහත හැඩි දැඩි පෙනුමක් තිබ්බට...ජැකී වෙඩි වදින්න මොහොතකට කලින් කියපු නම තාම එයාගේ කණ්වල රැව් පිලිරැව් දෙනවා...එතකොට එයා හොයපු ආමීකාරයා රයන්ද...නෑ කීයටවත් වෙන්න බෑ....
"කැ..කැප්ටන් යාගේශ්..."ජැකීගේ වදන් තාම ඇහෙනවා වගේ එයාට...
"නෑ නෑ වෙන්න බෑ....ජැකීට වැරදිලා...ඒත් මට රයන්ගේ බෑග් එකෙන් හම්බුන දේවල් අර බිම වැටුන කොලේ..නෑ ඒත් රයන් කොහොමද එහෙම..."
දෝතින්ම පුපුරු ගහන ඔලුව බදාගෙන කොල්ලා කල්පනා කලා...එයාගේ තෙමුනු ඇදුම් මේ වෙනකොට ටිකක් වේලිලා තිබ්බා...ඇද උඩ ඉන්නේ එයා තෙමුනු ඇදුම් පිටින්මයි...ඒ කියන්නේ රයන් එයාව ගෙදරට බස්සලා ගියාද...එතකොටම එයාට ඇහුනා කවුරුහරි පඩිපෙල නගින සද්දයක්...එයා බිත්ති ඔරලෝසුවේ වෙලාව බැලුවා...වෙලාව රෑ දහයත් පහු වෙලා...
ජැකීට වෙඩි වැදුන ගමන් එයාට සිහි නැති වෙන්න ඇති කියලා නික්ට හිතාගන්න පුලුවන් වුනා...එයා බය වුනා...ජැකීට මොකද වුනේ කියලා දැනගන්නත් හිත බලකලා...ඒ ඔක්කොමත් හරි රයන් කවුද...එයාගේ සම්බන්ධය මොකක්ද මේ වෙන දේවල්වලට...ජැකී රයන්ගේ මූණ අදුනගත්තා...රයන්ගේ දෙවෙනි නම මීට කලින් අහලා තිබ්බත් කවදාවත් ඒක නික්ගේ සැකයට තුඩු දුන්නේ නෑ...ඔලුව එකම විකාරයක් වෙලා...
"ආහ් කේශ්...ඔයා නැගිට්ටද?...මන් පුලුවන් විදියට ඔයාට සුප් එකක් හැදුවා...ඔයාගේ ඇදුම් මාරු කලේ නම් නෑ මන් ඔයා කෑ ගහයි කියලා..." සුප් බෝල් එකක් ට්‍රේ එකක තියන් ආපු රශ් ඒක බෙඩ්සයිඩ් ටේබල් එකෙන් තියලා ඇදෙන් වාඩිවෙලා හිනාවෙලා ඇහුවා...එයාගේ මූණේ කලබලයක් නෑ...වෙනදා කේශ් දැකපු ඒ පෙනුමම තමා..වෙනසක් නෑ...මිනිහෙක්ට වෙඩි තියලා රිලැක්ස් එකේ ඉන්නේ කොහොමද?...
KAMU SEDANG MEMBACA
Campus Crush (Complete)✔️
Nonfiksiඑයා කඩවසම්....දගකාරයි... දඩබ්බරයි.. ජනප්‍රියයි...යාලුවෝ ගොඩයි....අපේ කැම්පස් එකේ බෑඩ් බෝයි...❤️🔥 මම ඒකේ සම්පූර්ණ අනික් පැත්ත...සරලයි..බෝරින්ග්.... අහින්සකයි...යාලුවො ගොඩක් නෑ.. පොත් ගුල්ලෙක්...කොටින්ම නර්ඩ් කෙනෙක්...🖤 නොගැලපෙන අය ගැලපෙන එක ලෝක ස්...