"ආව් අයියේ රිදෙනවා.ග.ගහන්නෙපා..ආයේ ඔයාට බොරු කියන්නේ නෑ..ප්‍රොමිස්..."
කේශ් වේදනාවෙන් කකුල් අල්ලලා අඬනකොට රශ් හොඳ හුස්මක් හෙලලා නික්ව නැගිට්ටවලා බදාගත්තා තදින්...
"මට සමාවෙයන් කේශ්...මට තරහා ගියා හොඳටම...හුඟාක්...මට පව් පුරවන්න එපා බන් මාව යකෙක් කරලා...උබට මම මෙහෙම පනිශ්මන්ට් එකක් කරන පලවෙනි පාර වගේම අන්තිම පාරත් මේකයි...උබට රිදුනා නේද වස්තුව...කොච්චර තරහා ගියත් හිතට එකඟව උබට රිද්දන්න බෑ මට මැණිකේ...උබ තමා මගේ සැනසීම...මගේ කේන්තිය පාලනය වෙන්නේ උබ ලඟ විතරයි...අද ඇහුන කෙරුන දේවල් එක්ක මම හිටියේ යකෙක් වෙලා...එම් තමුසෙව අල්ලනකොට...තව අර සෑම් තමුසෙ උගේ බෝයිෆ්‍රෙන්ඩ් කියලා වැලලෙන්න හදනකොට මට දරාගන්න බැරි වුනා...උබට මම හුඟාක් ආදරෙයි මගේ කේශ්..."
කේශ්ගේ ගෙලේ මුහුණ හොවාගෙන රශ් කීවේ හැඟුම්බරව..එයා වේගෙන් හුස්ම ගනිමින් කේන්තිය පාලනය කලා...එයා ගින්දර නම් නික් කියන්නේ දිය පොදක්...කොල්ලට පාරක් ගහපු එක ගැන දුකයි එයාට...පසුතැවෙනවා ඒ ගැන...කේන්ති ගියාම නිමක් නෑ අගස්ත්‍යට....
"කමක් නෑ අයියේ...ඔයා දැන් ඒක නැවැත්තුවානේ...අනික මම කරපු වරදට මට පනිශ්මන්ට් එකක් තියෙන්නත් එපැයි...ඔයාට වැරැද්දක් කියන්නත් බෑ..."
නික් හීන් හඬකින් කීවේ වරදකාරී හැඟීමකින් සිත වෙලී යද්දී....
"මට සමාවෙයන් මැණිකේ...අහ් මටත් ගහන්න මේකෙන්...ඇති කියලා හිතෙනකම්.."
කේශ්ගේ අතකට බලෙන්ම බෙල්ට් එක දීලා රශ් කියද්දී බෑ කියමින් කොල්ලා හිස දෙපසට හෙලෙව්වා.....
"ඔ..ඔයාට පිස්සුද අයියේ???..මට බෑ..."
"උබට බැරි නම් උබට ගහපු එකට මමම මට පනිශ් කරගන්නම්..."
එහෙම කියපු රශ් නික් හිතන්නත් කලින් එයාගේ පිටට අර බෙල්ට් එකෙන් ගහගෙන යන්න පටන් ගත්තේ ඒ බාහුවක කේශ් එල්ලෙද්දී....
"නවත්තන්න!!! එපා!!.. ඔයාට මක් වෙලාද...ඔයාම නේද කීවේ ගතේ ඇතිවෙන තුවාල හොඳ වුනත් හිතේ තුවාල ලේසියෙන් හොඳ වෙන්නෙ නෑ කියලා...ඉතින් ඇයි මෙහෙම කරන්නේ...මට තුවාලයක් වෙනවට වඩා වේදනයි ඔයාට මොනවාහරි වෙනවා දකින එක මගෙ අයියේ...ඔහොම කරද්දී මගෙ හිත රිදෙනවා මහත්තයෝ...ආයේ මම හිතුවක්කාර වෙන්නේ නෑ... "
YOU ARE READING
Campus Crush (Complete)✔️
Non-Fictionඑයා කඩවසම්....දගකාරයි... දඩබ්බරයි.. ජනප්‍රියයි...යාලුවෝ ගොඩයි....අපේ කැම්පස් එකේ බෑඩ් බෝයි...❤️🔥 මම ඒකේ සම්පූර්ණ අනික් පැත්ත...සරලයි..බෝරින්ග්.... අහින්සකයි...යාලුවො ගොඩක් නෑ.. පොත් ගුල්ලෙක්...කොටින්ම නර්ඩ් කෙනෙක්...🖤 නොගැලපෙන අය ගැලපෙන එක ලෝක ස්...