Chapter 26

3.3K 551 283
                                    

කේශ් අවුලෙන් අවුලට කෙමෙන් කෙමෙන් පත් වෙනකොට එයාට හිතුනෙම එයා පිස්සෙක් වේගෙන යනවා කියලා...එම්ට රයන් ගත්තු කෝල් එකටත් වඩා එයාව පුදුම කලේ පුටුවක් ඇදන් එයා ලඟින් වාඩිවුන අමුත්තාව..ලඟ ඉන්න අයවත් දුර ඉන්න අයවත් විශ්වාස කරන්න බැරි කාලයක් මේක...එයා හෙඩ්බෝඩ් එකට තව තදින් හේත්තු වුනේ හරියට ඒකෙන් සහනයක් ලැබෙයි වගේ...නොහිතපු වෙලාවක නොසිතූ විරූ සප්‍රායිස් එකක්නේ එයාට ලැබුනේ...ඊයේ රෑ සනීපෙට නින්ද ගියාට පස්සේ ආපහු ඇහැරුනේ නැත්තම් කොච්චර හොඳයිද කියලත් හිතුනා එයාට...

නික් ලඟින් හිනාවේගෙන වාඩිවුනේ වෙන කවුරුත් නෙමේ... කැම්පස් එකේ රයන්ගේ ජන්මාන්තර සතුරා සෆ්‍රාස්...එහෙම වෙන්නේ කොහොමද?..කවද්ද එයාලා යාලුවෝ වුනේ?..නික්ට කොහේහරි වැරදුනාද?...මිස් වුනාද?..නැත්තම් එයා ඕනවට වඩා මිනිස්සු විශ්වාස කලාද?...එයාගේ ආදරේ එයාව රැවැට්ටුවද?...හිතට නැගෙන ප්‍රශ්න එකින් එක රයන්ගෙන් අහන්නවත් කොල්ලට සිහියක් නෑ...සිහිය විකල් වෙලා...ලස්සන රැයකට පස්සේ කරුමක්කාර උදෑසනක් එයාට ලැබුනේ...

"රශ්...මොකක්ද මේ වෙන්නේ...ස..ෆ්‍රාස් අයියා මෙහේ කොහොමද?...ඔය දෙන්නා තරහයි නේද?..."

මාරුවෙන් මාරුවට රයනුයි සෆ්‍රාසුයි දිහා බලන ගමන් කොල්ලා ඇහුවේ උභතෝකෝටික ප්‍රශ්නයකට මැදි වුන එකෙක් ගානටයි...

"අන්න ඔයාට වැරදුන තැන මල්ලී...අපි සහෝදරයෝ...ලෝකෙට කොහොම පෙනුනත් අපි යාලුයි...අනික ඒක අපි කරපු ඇක්ට් එකක්...කොහොමද සුපිරී නේද?...අපේ ඇක්ට් එක වගේද බන් ඔයාගේ රඟපෑම්...අති විශිෂ්ටයි ඒවා..."

පුටු ඇන්දකට වාරු වෙන ගමන් සෆ්‍රාස් කියනකොට එයාට අදහගන්න අමාරු වුනා...නයයි මුගටියයි වගේ ගහ මරාගත්ත දෙන්නා මෙහෙම කොහොමද වුනේ...රයන් එයාගේ කබඩ් එකෙන් ටී ෂර්ට් එකක් අරන් අදින ගමන් හිටියේ...නික් සෆ්‍රාස් එක්ක සැප දුක කතා කරන තාලෙට තමා රයන් එතන හැසිරුනේ...

"මගෙ මොන රඟපෑම්ද...මේ මාංචු ගලවන්නකෝ අයියේ..." රයන් දිහාට දෑත් දිගු කරලා නික් කීවේ කදුලු පිරි දෑසින්....

"තමුසේ තාම රඟපානවද නික්?...කියපන් උබ රිතූ ගැන දන්නේ මොනාද කියලා...මෙච්චරකල් අපිව ඇන්දුවා ලස්සනට...අහිංසකයෙක් නෙමේ උබ...දිය යටින් ගින්දර ගෙනියන එකෙක්...රයන්ට විතරයි උබව අල්ලගන්න පුළුවන් වුනේ...අපි කාටවත් උබව නම්මන්න පුලුවන් වුනේ නෑ..."

Campus Crush (Complete)✔️Where stories live. Discover now