ෆෝන් එක උදුරගත්තේ මොකාද බලන්න ගැහෙන හදවතින් වෙව්ලන අත් එක්ක නික් හැරිලා බැලුවේ ඇවිත් හිටියේ කවුරු වුනත් ඒ රශ් වෙන්නෙපා කියලා ප්‍රාර්ථනා කරන ගමනුයි....එයාගේ ප්‍රාර්ථනාව හරි ගියා...නමුත් ඇවිත් හිටිය කෙනාව දැකලා සතුටු වෙන්න පුලුවන් තත්වයක් එයාට තිබ්බෙත් නෑ හැබැයි....
සමච්චල් හිනාවක් එක්ක ෆෝන් එක උදුරන් සෑම් එක්ක එයා කරපු චැට් එක ඕපන් කරන් බලා හිටියේ එයා හීනෙකින්වත් හිතපු කෙනෙක් නෙවේ...ඒ එම්..අද දවසම නිහඬව නික්ට මූණට මුලිච්චි නොවී ඒත් එයා ගැන අවධානයෙන් හිටපු නසරානියා එම්..ඌ එක්ක තව කොල්ලෝ පස් දෙනෙක් එතන හිටියේ නික්ට ගේමක් දෙන්න වගේ තාලෙකට...කොල්ලගේ ඇඟම සීතල වෙලා ගියේ එම් වගේ එකෙක් එක්ක තනි වෙන්න වුන නිසා...රයන්ට කෝල් කරන්නත් ෆෝන් එක ඕනනේ..දහසක් සිතුවිලි හිතේ හොල්මන් කරනකොට එයාට මිස් වුනා එම් එයාගේ මැසේජ් කියවන එක....රයන් එක්ක වැඩිය ටෙක්ස්ට් කරගෙන පෙම්බස් නොදෙඩූ නිසා හොඳයි...නැත්තම් අරූට ඒකත් මාට්ටු වෙන්න පුලුවන්....
"අයියේ ඔයා මොකද කරන්නේ?..ප්ලීස් මගේ ෆෝන් එක දෙන්න..."
"උබ ගේද?...අයියලා එක්ක හුරතල් වෙනවා වගේ...මොකාද සෑම්?..යාශ් සෆ්‍රාස් අල්ලගන්න බැරි වුනාම වෙන එකෙක්ට සින්න වුනාද උබ...අපෝ උබලා...පොත්ත රතට සිනිදුවට කෙල්ලෙක්ටත් වඩා ලස්සනට උබ ඉන්නකොට සමහර දැඩි පිරිමි හිත් වුනත් සැලෙන්න පුලුවන් මල්ලී...උබට මුල අමතක නෑ නේද?...උබට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉදලද උබ යාශා පස්සේ ආවේ....මන් ඒකනේ මුල ඉදන්ම කිව්වේ උබ අපි හිතන තරම් අහිංසක නෑ කියලා...අනික මේ රෑ වේගෙන එන වෙලාවේ පාලූ බිල්ඩින් එකක් අස්සේ රිංගන්නේ මොකෙක්ට හරි පුක දෙන්න නේහ්...මොකාටද ඒ?..පේන්න නම් මොකෙක්වත් නෑ...උබ කීපයක් එකට රන් කරනවා වගේනේ...මචන්ලා බලපන් අපේ UIT කුමරා සැමගේ කුමාරයා වෙලා...වටේ යනවද උබ?...මට අතටම අහු වුනානේ..."
සමච්චල් හිනාවක් එක්ක සෑම්ගේ චැට් එක පිරික්සන ගමන් එම් කියද්දි උගේ සහචරයොත් හිනාවෙන්න ගත්තේ නික්ගේ හදවතේ ගැස්ම බයටම වේගවත් වෙද්දී...
"ඔයාට වැඩක් නෑනේ මන් වටේ තියා කොහේ ගියත්...නිකන් බොරු කතා නොකියා කරුනාකරලා මගේ ෆෝන් එක දෙන්න...මන් කාට කොහොම මැසේජ් කලත් ඔයාට මොකද?...මාත් මේ කැම්පස් එකේ කොල්ලෙක්...මට එන්න තහනමක් නෑනේ මෙතනට...දෙන්න මගේ ෆෝන් එක..."
YOU ARE READING
Campus Crush (Complete)✔️
Non-Fictionඑයා කඩවසම්....දගකාරයි... දඩබ්බරයි.. ජනප්රියයි...යාලුවෝ ගොඩයි....අපේ කැම්පස් එකේ බෑඩ් බෝයි...❤️🔥 මම ඒකේ සම්පූර්ණ අනික් පැත්ත...සරලයි..බෝරින්ග්.... අහින්සකයි...යාලුවො ගොඩක් නෑ.. පොත් ගුල්ලෙක්...කොටින්ම නර්ඩ් කෙනෙක්...🖤 නොගැලපෙන අය ගැලපෙන එක ලෝක ස්...