Chapter 1

7.9K 940 261
                                    

කීබෝර්ඩ් එකේ ඇගිලි වදින සද්දෙන් මේ නිසංසල රෑ නොසන්සුන් කරන්න නිකේශ්ට පුලුවන් වුනා...

එයා ගාව තිබ්බේ අවුරුදු පහකටත් වඩා පරණ ලැප්ටොප් එකක්...අලුත් එකක් ගන්න කාලෙත් හරි...සල්ලිත් හුගක් එපැයි...හැම එකටම මාමට කරදර කරන්නත් බෑනේ...අම්මලාට ඒ තරම් සල්ලියක් නෑ...අනික ලගදිනේ අලුත් ෆෝන් එකක් ගත්තෙත් එයා...

නිකේශ් හරිම කැමතී එයාගේම ලෝකෙක තනි වෙලා පාඩුවේ ඉන්න...එයාට නින්ද නොයන ලෙඩක් තියෙනවා...නින්ද ගියත් ටික වෙලාවයි...හරියට නිශාචරයෙක් වගේ...

ඉතින් එයා රෑට වැඩිපුරම කලේ එක්කෝ කාර්ටූන් බලපු එක එහෙමත් නැත්තම් එයාගේ ඩයරිය ටයිප් කරපු එක...හිතට එන ගොඩක් සිතුවිලි ඩයරියට ගොනු කරන්න එයා කැමති වුනේ තව කෙනෙක් එක්ක වචනවලින් දේවල් බෙදාහදාගන්න තියෙන නොහැකියාවට...එයා අකමැති නෑ...ඒත් ලැජ්ජයි...

තාම පාන්දර දෙකයි...තව පැය කීපයකින් අලුත් ජීවිතේ පටන් ගන්න ඕන..ඇදෙන් බැහැලා කැම්පස් එකට අඩිය තියන මොහොත උදා වෙනවා..

ඒ ගැන චකිතයක් තියෙන්නෙ නික්ගේ හිතේ...අලුත් පරිසරයක්...අලුත් ලමයි...හිතනකොට එයාගේ හිතත් ගැහෙනවා...බයකටම නෙමේ...නුපුරුදු ගතිය නිසා...කැම්පස් එක ඉස්කෝලේ වගේ නෙමේ කියලයි එයා අහලා තියෙන්නේ...අලුත් ලමයි එයාට හොදින් සලකයිද...එයාව රැග් කරයිද...ප්‍රයිවට් කැම්පස් එකක් නිසා එහෙම වෙන එකක් නෑ කියලා නික් හිත හදාගත්තා...සල්ලි දීලා යන නිසා එහෙම වෙන්න බෑනේ..නේද?

මාමාගේ ගෙදර ඉදන් ටික දවසක් කැම්පස් යන්න පුලුවන් නිකේශ්ට බෝඩිමක් හොයාගන්නකම්...නික් මාමාට බරක් වෙන්න කැමති වුනේ නෑ මාමා කොච්චර පෙරැත්ත කලත්...අන්තිමට මාමා බෝඩිමක් හොයලා දෙන්නම් කියලා එකග වුනා...හැමදාම ලැජ්ජාශීලී වෙලා බෑනේ...පොශ් ලමයි ඒ කැම්පස් එකට එද්දී පොඩ්ඩක් සමාජශීලී වෙන්නත් ඕනනේ...

දැන් නම් මෙයා ඉන්නේ මාමගේ ගෙදර...ඊයෙ හවස ගමේ ඉදන් ආවානේ...අම්මා නම් ටිකක් ඇඩුවා...නිකේශ්ටත් ඇඩුනා ටිකක්...ගෙදරින් පිට ඉදලම නෑනේ කොල්ලා...

තමන්ගේ පාඩුවේ පැත්තකට වෙලා වැඩක් බලාගෙන ඉන්න එක තමා නික්ට හොඳ..අනවශ්‍ය ප්‍රශ්න වලින් ගැලවිලා කාගෙවත් අවධානයකට ලක් නොවී මේ අවුරුදු හතර ශේප් එකේ ගෙවලා දාලා හොඳ ජොබ් එකක් හොයාගෙන අම්මවයි අප්පච්චිවයි ආදරෙන් බලාගෙන ගමේ ගෑණු ලමයෙක් කරකාර බදින සරල ප්ලෑන් එකක් තමා නික්ට තිබුනේ...

Campus Crush (Complete)✔️Tempat cerita menjadi hidup. Temukan sekarang