Chapter 34

3.5K 579 203
                                    

කේශ් උන් දෙන්නා දිහා බලා හිටියේ කියන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරුව... මුන්ව කොහොම මැරුවත් මදි කියලමයි කොල්ලට හිතුනේ....නික් ගිනි පිටවෙන දෑස් වලින් උන් දිහා බලා ඉන්නකොට කින්ඩි හිනාවක් එක්ක ඉස්සරහට ආපු එම් අනුහස්ගේ උරහිස වටා අතක් යැව්වාම අනුහස් නික්ට දුන්නේ ජයග්‍රාහී හිනාවක්...ජයග්‍රහණය කියලා උන් හිතුවේ නික්ව අල්ලගත්තු එකද දන්නේ නැහැ....

"වොහ්...මරු සප්‍රායිස් එක...එම් තමුසෙගෙ ජරා ගති ගැන මට කවුරුත් අමුතුවෙන් කියන්න ඕන නෑ...යාලුවෙක් කියලා ලඟින් හිටපු මෙන්න මූ තමා මාව නැතිකලේ...මන් මූව විශ්වාස කලා වැඩී කැම්පස් එකට පය තියපු දා ඉදන්...ෆන් ජොලි හිත හොඳ පොරක් කියලා ලන්වුනා මූට මම...එතකොට තමුසේ එම් රයන් ලඟ ඉදලා මූ මට කලා වගේ අයියවත් විනාස කලා...අඩු ගානේ තමුසේ ජරා එකා කියලා එළිපිට පෙන්නුවා මූ වගේ නැතුව...තොපි ජරා සත්තු...තකට තක ගැලපෙනවා...මොන නාඩගමක්ද යකුනේ මේ කරන්නේ?...මගේ ප්‍රශ්න තමුසෙලට අදාලත් නෑ...මගේ අක්කයි මැරුනේ...තොපි මට රිද්දන්නේ උබලගෙ දෙයක් මන් ගත්තා වගේනේ....අනික එම් තමුසේ හැමදාම මට ගේ කොල්ලෙක් කියලා අනම් මනම් කිව්වා...රයන්ව දැලේ දාගත්තා කිව්වා...එතකොට තමුසේ ස්ට්‍රේට් වැඩි නිසාද මුගේ කොල්ලා වුනේ..කටකින්ද උබ කතා කලේ...බූමරංගයක් වගේ තමුසෙ මට කියපුවම කැරකිලා ආවා නේද තමුන්ටම...."

නික් කෑ ගහලා හිතේ කැකෑරෙන දේවල් අරුන් දෙන්නගේ මූණට කීවේ ගැටගහලා තිබ්බ අත් එයාගේ දැඟලිල්ලට ඒ පටියට කැපෙද්දී....නික්ට මුන්ව මරන්න තරම් තරහයි...ඒත් මොකුත්ම කරගන්න බැරි විදියට එයා අසරණයි...එයාට දුකයි නෙහාන් එයා වෙනුවෙන් කතා කරන්න ගිහින් පිහි ඇනුමක් කාපු එක ගැන....කෝ සෆ්‍රාස්ගේ ආරක්ෂාව...එයා පස්සෙන් ඉන්නවා කියපු චතුර කෝ...කොල්ලට ඒ දෙන්නා එක්කත් තරහා ආවා...ඕනම වෙලාවට කිසි එකෙක් නෑ එයා ලඟ....

"අනුහස් මගේ ලයිෆ් එකට ආවේ ගොඩක් කලින්...යාශා මා එක්ක කේස් දාගන්නකොට ඒකත් උබ නිසා මට මල පැන්නා...යාශා ආමී එකේ බව මම දැනන් හිටියා...මොකද ඌ මගේ යාලුවාටත් වඩා මගෙ අයියගේ යාලුවෙක් නිසා...මගේ අයියත් ආමී එකේ...එල කොල්ලෙක් ඌ...මතීශ...හැබැයි අපේ එකා යාශාගේ යාලුවෙක් කියන්නම බෑ ඉතින්...මොකද යාශා අපේ එකාට ජෙලස් වුනා...මන් දන්නවා උන් දෙන්නා අතර සීතල යුද්ධයක් තිබ්බා...උබේ ඒවට මැදිහත් වෙලා පව් අපේ යාශා මැරිලා ගියා..ඌ හිටියේ නම් කොහොමද ලෝකෙටම ලොක්කා වගේ...මම ගේ නෙමේ...බයි...මම අනුහසාට තරම් වෙන කිසි කොල්ලෙක්ට කැමති නෑ...අනුහස් ඔයා පස්සේ වැටුනා...මම අනුහස් පස්සේ වැටුනා...යාශාට රිද්දන්න මට ඕන වුනා...මුටත් එයාව එපා වෙලා හිටියේ...තමුසෙට පොඩ්ඩක් රිද්දලා ෆන් එකක් ගන්න හිටියේ අපි...එදා ෆුට්බෝල් මැච් එක දවසේ තමුසේ තනිපංගලමේ යාශා හම්බෙනවා කියලා මට කිව්වේ මේ අනුහස්...මම මූට කෝල් කලා උබ ඉන්න තැන අහන්න..මූ ඔත්තුව දුන්නා..මූ උබට කිව්වේ යසිත් කෝල් කරනවා කියලා...උබ ඒ ගැටේ ගිල්ලා....ඒත් මම හිතුවා වැරදී...උබට ස්කිල්ස් තිබ්බා හිතුවට වඩා...උබ ගේමක් ගහන එකෙක් කියලා මට හිතුනේ එතකොට....මගේ එකා උබේ අක්කගේ මර්ඩර් කේස් එක ගැන හොයන්න කන්ට්‍රෑක්ට් එක අරන් ඉන්නකොට ඒ ඔක්කොම විස්තර මේකා මා එක්ක ශෙයාර් කලා...මුට සල්ලි ඕන වුනා..මට යාශාට රිද්දන්න ඕන වුනා...මූටත් ඒකම ඕන කරලා තිබ්බා...බලන්න නික්...මූයි මායි පට්ට කපල් එක නේද?...උබ මූට කෙල ගහපු එක නම් වැරදී හොඳේ...මගේ හිත රිදුනා....යාශාගෙන් පලිය ගන්න කලින්ම ඌ එලොව ගියා...ඔයා තමා ඉතුරු...ඔයාට පුලුවන් ඌටත් එක්කම සම්බුව කන්න....අනුහසාගේ අනුකම්පාව නිසා තමා බන් උබ හානියක් නොවී මෙච්චරකල් හිටියේ...මගෙ කොල්ලට දුක හිතුනා උබට රිද්දන්න...මන් කිවේ ශාරිරිකව....උබට නොරිද්දා ගොඩින් වැඩේ බේරගන්න අනුහස් ගොඩක් ට්‍රයි කලා නික්...බලපන් මූ හොඳ යාලුවෙක් නෙවේද...."

Campus Crush (Complete)✔️Tempat cerita menjadi hidup. Temukan sekarang