Chapter 2

5.6K 904 317
                                    

නිකේශ් චකිතයෙන් තමා කැම්පස් එකේ ගේට් එක ලගට ආවේ...මාමා එයාගේ ජීප් එකෙන් බැස්සුවත් ඇතුලට ගිහිල්ලා තනියම වැඩ ටික කරගන්න කිව්වා මිසක් උදව්වට ආවේ නෑ...

මාමා එයාට නිතරම කියන්නේ කොල්ලෙක් වුනාම අවුරුදු දහ අට වෙද්දීම තනියම දේවල් කරගන්න පුලුවන් වෙන්න ඕන කියලා.. දහ අටක් වෙනවා කියන්නේ මිනිහෙක් වෙන එකලු...දැන් දහ නමයක් නිසා නිකේශ් පොඩි එකෙක් නෙමේ...අනික මිස්ටර් නානායක්කාරගේ කටේ තියෙන අනික් දේ තමා නිකේශ්ගේ කුලෑටි ගති අඩු කරගන්න ඕන එක...

ඒ ගතිවලට සමීර කැමති නෑලු...සමීර කියන්නේ දැනට එංගලන්තේ මාස්ටර්ස් එකක් කරන නික්ගේ මාමාගේ පුතා...මාමා ඩිවෝස් වෙලා ඉන්නේ...එයාගේ කලින් වයිෆ් එංගලන්තේ...ඉතින් සමීරත් දැන් අවුරුදු දහයක විතර ඉදන් එහේ.. ඉදලා හිටලා නානායක්කාරව බලලා යන්න නිවාඩුවට සමීර ලන්කාවට එනවා...

පොඩි කාලේ නම් නික් සමීර එක්ක එකටම වගේ හැදුනේ...ලොකු වෙද්දී නම් ලොකු ආශ්‍රයක් තිබ්බෙ නෑ...ඒත් දැනට අවුරුදු දෙකකට විතර කලින් සමීර නිතරම නික්ට කතා කරන්න චැට් කරන්න ගත්තා...ඕනවටත් වඩා නිකේශ් ගැන එයා හොයලා බැලුවා...සමීරට වයස 25යි..නිකේශ්ට වඩා අවුරුදු හයක් වැඩිමල්..

එංගලන්තේ ගියාට පස්සේ හැමෝම එයාට සෑම් කියනවලු.. සෑම් ලගකදි ලංකාවට ඇවිත් නෑ....එයා හුග කාලෙකින් නික්ව දැකපු නැති නිසා බලන්න එනවා කියලා කිව්වලු ලගදීම...නික්ට නම් විශේෂයක් නෑ එයා ගැන...

නිකේශ්ගේ මාමයි අම්මයි අම්මලා දෙන්නෙක්ගේ..ඒ කියන්නේ එයාලා අර්ධ සහෝදරයෝ...ඒත් මාමා නම් කවදාවත්ම වෙනස්කමක් කරලා නෑ නික්ගේ පවුලේ අයට...ඉතින් ඕක තමා නානායක්කරලගේ පසුබිම.....

නිකේශ් හා හා පුරා කියලා පලවෙනි දවසට ඇදන් ගියේ තද නිල් පාට ඩෙනිමක් එක්ක සුදු ටී ෂර්ට් එකක් ඇදලා ඒක උඩින් කහපාට බට්න් අප් අත් දිග ෂර්ට් එකක් ඇදලා...බොහොම සිම්පල් විදියට ඇදලා හිටියත් නිකේශ්ව කැපිලා පේන්න ඒකම ඇති...එයාගේ පිටේ ලොකු බැක්පැක් එකක්...

පලවෙනි දවසෙම සෙමෙස්ටර් එකට තියෙන සබ්ජෙක්ට්ස් ටික බලලා පුස්තකාලෙන් ඒවට අදාලා පොත් ටික අදම ගෙනියන්නයි නික්ගේ කල්පනාව..පහු පහු වෙද්දී පොත් හොයාගන්නත් අමාරු වෙයි කියලා කොල්ලා හිතුවා...එහෙම තමා පොතට පතට හුරු ලමයි වුනාම...

Campus Crush (Complete)✔️Where stories live. Discover now