Chapter 28

3.4K 552 317
                                    

වාග්ගේ පොට් එකේදී හීනෙන්වත් හම්බෙන්න හිතුවේ නැති කෙනෙක් නික් ඉස්සරහට ආවාම එයාට කට උත්තර නැති වුනා...එයා කවර් වෙලා හිටපු මනුස්සයා එහාට වුනාම තමා අනුහස් නික්ව දැක්කේ...එයා ගෙට ගොඩවෙන්න ඉස්සරහට තිබ්බ අඩිය පිටිපස්සට ගත්තේ බියමුසු බැල්මක් එක්ක....එයා කොහෙත්ම නික්ව දකින්න බලාපොරොත්තු නොවුනේ කොල්ලා පැය කීපයකට කලින් රයන්ගේ නොනිල අත් අඩංගුවේ හිටපු නිසා වගේම වාග් වගේ කෙනෙක්ට සම්බන්ධයක් තියෙනවා කියලා හිතන්නම බැරි නිසා....

"නික්?...." අනුහස් දෑස් විසල් කරන් අහනකොට වාග් කොල්ලෝ දෙන්නා දිහා මාරුවෙන් මාරුවට බැලුවා....

"ඔව් නික් තමා...මාව දකින්න ඔයා බලාපොරොත්තු වුනේ නැද්ද අනූ...වාව්...නියමයි...දවස ගානේ මාව සප්‍රායිස් කරනවා මගේ වටේ මගෙ ලඟින් ඉන්න කට්ටිය...නියමයි...මට සතුටුයි හුගාක්...සල්ලිවලට ඔයා ඔච්චර කෑදරයිද...තාත්තා බිස්නස් කාරයෙක් කිව්වා නේද...අන්තිමේ ඔයාත් බොරුකාරයෙක් වුනා නේද අනූ...ඇයි ඇයි...මට මෙහෙම කලේ?..."

නික් ඇහුවේ අත් දෙක ඉනට තියාගෙන නොසන්සුන්ව කලකිරීමකින්..රයන් සෆ්‍රාස් විතරක් නෙමේ අනුහසුත් රඟපාලානේ...තව කවුරු කවුරු ඩ්‍රාමා කලාද දන්නෙ නෑ...

"මේක නම් මම නොහිතපු ට්විස්ට් එකක්...අනුහස් නික්ව අදුරනවද?...අපි නික්ගේ නමවත් මූට කියලා තිබ්බේ නෑ..."වාග් ඇහුවේ පුදුම වෙලා...

"මන් ඔයාවත් මේ වගේ තැනක දකින්න බලාපොරොත්තු වුනේ නෑ නික්...මා එක්ක හිටපු ටියුබ් ලයිට් එක...පොඩි දේටත් අඩපු අහිංසක කොල්ලා...අද ඔත්තුකාරයෝ එහෙමත් නැත්තම් රහස් පරීක්ෂකයෝ එක්ක එකතු වෙලා..." අනුහස් කීවේ හෙල්මට් එක බයික් හැන්ඩ්ල් එකේ එල්ලන ගමන්...

"වාග් ඔයා කිව්වේ නැති වුනාට නික්ගේ නමයි නික්ගේ සම්බන්ධයයි මම දැනගත්තා...මට මෙයාගේ විස්තර කීවේ මගේ ලඟින් ඉන්න කෙනෙක්...එයා නික්ටත් වඩා මට ලන්වෙලා ඉන්න කෙනෙක්...එයාගෙන් දැනගත්තු එක තමා මම ඔයාට කියන්න යන්නේ...මට සල්ලි ඕන...අපේ තාත්තා මට ඕන දේවල් වලට සල්ලි දෙන්නේ නෑ...අනික මට කෙනෙක්ට රිද්දන්නත් ඕන...ඒකයි...මට සමාවෙයන් නික්...උබ අතනින් පනී කියලා මම ජීවීතේට හිතුවේ නෑ...ඒකයි මම මෙයාලා හම්බෙන්න අද ආවෙත්..."

Campus Crush (Complete)✔️Where stories live. Discover now