Chapter 15

4.3K 673 212
                                    

නිකේශ් අනුහස්ව තුරුල් කරගත්තේ කොල්ලා අවංකවම එයාට ආදරෙයි කියපු හැගීමට පයින් ගහන්න බැරි නිසාමයි....අනික එහෙම දෙයක් නික්ට වුනානම් දරාගන්න බැරි එකේ අනුහස් වගේ නික් ලගින්ම හිටපු කෙනා කොහොම දරාගන්නද?...

ඒත් එයාට අනුහස්ට ආදරේ කරන්න පුලුවන්ද...අනුහස් රයන්ට වඩා ගතිගුන වලින් ඉස්සරහ ඇති...රයන්ට වඩා නික්ට ආදරේත් ඇති...රයන් නොහිටිය තැන්වල ඉන්නත් ඇති එයා වෙනුවෙන්...කියන්න තරම් වරදක්...එහෙමත් නැත්තම් ප්‍රතික්ෂේප කරන්න තරම් වරදක් එයා ගාව නෑ...

ඒත් නික් ආදරෙයිද අනුහස්ට?...ඔව් ආදරෙයි යාලුවෙක්ට වගේ...ඒත් යාලුකමකමට එහා ගියපු හැගීමක් නික්ට අනුහස් ගැන නෑ බිංදු කාලක්වත්...රශ් ඉස්සරහ වේගවත් වෙන හදගැස්ම දැනෙන උනුසුම් හැගීම් අනුහස් ඉදිරියේ එයාට දැනෙන්නේ නෑ...ඒ වගේම අනුහස්ට වඩා සියගුනයකින් රශ් එයාව අඩවලා තිබ්බත් එයාගේ හිතේ ආදර හැගීම් තියෙන්නේ රයන් වෙනුවෙන්...

අනුහස්ව බදාගෙන නික් එයාගේ ඔලුව අතගාන්න ගත්තේ එයාට දෙන උත්තරයක් හිතාගන්න බැරුව...කොහෙද ගියේ විහිලු තහලු කරලා ඉදපු එයාගේ බෙස්ටා...මොකද වුනේ ඒ කොල්ලට...අනුහස් සීරියස් මූඩ් එහෙකින් හැඩූ කදුලින් ඉන්නවා නික් දැකපු පලමු වතාව තමයි මේක....කොහොමද කටක් ඇරලා බෑ කියන්නේ...එහෙම බැරි නම් හා කියලා දෙන්නගෙම ජීවිතේ විනාස කරනවද...

"උබට මට ආදරේ කරන්න බෑ නම් ඒක කියපන් රත්තරනේ...මන් යාලුවා වගේම ඉන්නම්...හිත හදාගන්නම්...වටේ ගිහින් ලස්සන වචන දාලා මාව රිජෙක්ට් කරන්න එපා...උබගේ ගෙදර ආපු මුල් දවසෙම මට උබ ගැන විශේෂයක් හිතුනා...ඒත් උබ රයන් මත්තේ නහිද්දී මම අසරණ වුනා...මට නෝ චාන්ස් වුනත් මන් ට්‍රයි කරන්න හිතුවේ පසුතැවෙනවට වඩා ඒක හොඳ නිසයි...මට උබේ කතාවේ සයිඩ් කැරැක්ටර් එකක් විතරක්ම වෙන්න ඕන වුනේ නෑ...මට වීරයා වෙන්නම බැරිද බන්..." අනුහස්ගේ කම්මුල් දිගේ ගලන කදුලු බොරු නොවන බව නික්ට තේරුනා...ඒකෙන් වුනේ අනුහස්ට බෑ කියන්න බැරි වුන එකයි...

"අනූ මේක මන් හීනෙන්වත් බලාපොරොත්තු වුන දෙයක් නෙමේ...දුකින් මිරිකිලා ඉන්න අද වගේ දවසක කීයටවත්ම හිතුවේ නෑ...මන් මොකක්ද අනූ කියන්නේ...ඔයාට ආදරේ මන් මගේ යාලුවා වගේ...ඔයා මගේ ජීවිතේට ආවේ පිනකට...ඒත් රයන්ට දීපු තැන ඔයාට මන් දෙන්නේ කොහොමද අනූ...අන්තිමට අපි දෙන්නම නොලැබෙන අයට ආදරේ කරලා නේද...." නික්ටත් ඇඩුනා...අනුහස්ගේ හිත රිද්දන්න එයාට හිත් දුන්නෙ නෑ...

Campus Crush (Complete)✔️Donde viven las historias. Descúbrelo ahora