Chapter 17

4.1K 652 240
                                    

රශ් ආගිය අතක් හොයාගන්න බැරුව බය වුන කේශ් ඉන්නෙ කොහෙද කියලා හිතාගන්න බැරි වුනත් කැලෑවේ ඇතුලටම දුවන්න ගත්තා....රශ්ට කරදරයක් වෙලාද කියලත් හිතුනා...ඒත් රශ් වගේ යකෙක්ටවත් බය නැති කොල්ලෙක්ට කරදර කරන්න පුලුවන් මොකාටද?...සතෙක්වත් ආවද?..

අනික වෙන කවුරුත් ඒ පැත්තට එනවා කේශ් දැක්කෙත් නෑ...එයාගේ පපුව ගැහෙනවා බයටම...රයන් එක්ක පැහැදිලි සම්බන්ධයක් නැතත් එයාට රශ්ට කරදරයක් වීමම බය හිතෙන කාරණාවක් වුනා...

"රශ්....රශ්....රයන් අයියේ!!!! ඔයාට මාව ඇහෙනවද?....අනේ අයියේ....ඔයා කොහෙද ගියේ...විහිලුවක් නම් කරන්නේ දැන් ඇති ඇස් රතු වෙන විහිලු එපා...මට බයයි...ඇඩෙන්නත් එනවනේ...එන්නකෝ හැන්ගිලා ඉන්න තැනකින්...."

ජැකට් එකත් ෆොටෝ එක ගහන තැන බිම තියලා ආපු නිසා කේශ්ට සීතල දැනුනා හුගක්..එයා ඇදන් හිටපු තුනී ෂර්ට් එක සීතලෙන් මිදෙන්න උදව්වක් වුනේ නෑ...

එයා එයාවම බදාගෙන උනුසුම් වෙන්න උත්සාහ කලා....එයා පොකට් එකෙන් ෆෝන් එක අරගත්තාමයි දැක්කේ තව පැය බාගෙකින් බස් එක යන්න නියමිත බව....ආපු විදියටම එලියට යන්නත් ඕන...ඒත් කොහොමද?...

රයන් නැතුව එයා අතරමන් වෙලා...අනුහස්ට කෝල් එකක් දෙන්න එයා හදනකොටම තේරුනා ඒ හරියේ නෙට්වර්ක් නෑ කියලා...අලි මදිවට හරක්...අනික එක සිග්නල් කට්ටක් පේන්නේ නෑ ෆෝන් එකේ...එයා එයාටම බැන බැන තව ඉස්සරහට ඇදුනේ රයන්ගේ නම කියමින් කෑ ගහමින්...

ටික දුරක් දුවලා ගිහින් දනිස් වලින් නැවිලා මහන්සී ඇරියා කොල්ලා....මහන්සී එයාට...අතේ තිබ්බ වතුර බෝතලෙන් බාගයක්ම බීලා ඉවර කලා නික්....

එතකොටම වගේ එයා දැක්කේ බිම වැටිලා තිබ්බ රයන්ගේ ඇපල් ෆෝන් එක... එයා කලබලෙන් ඒක අතට ගන්නකොටත් ඒකේ ස්ක්‍රීන් එක ලොක් වෙලා තිබ්බෙ නෑ...එයා ටිකකට ඉස්සෙල්ලා කේශ්ගේ ගත්තු ෆොටෝ එක තමා ඒකේ තිබ්බේ...

එයා දැනගත්තා රයන් මේ ලග පාතකම ඇති කියලා...එයා වටපිට කලබලෙන් විපරම් කලේ රශ්ගේ ෆෝන් එකත් එයාගේ පොකට් එකට දාගන්න ගමන්...හෝඩුවාවක් ලැබුන එක ගැන නම් පොඩි සතුටක් දැනුනා එයාට...

Campus Crush (Complete)✔️Onde histórias criam vida. Descubra agora