Chapter 22

3.8K 554 236
                                    

නික් අනුහස් බර බරේ දානකොට එයාවත් ඇදගෙන ෆුට්බෝල් මැච් එක බලන්න ආවේ ඒ වෙනකොටත් කට්ටිය ග්‍රවුන්ඩ් එක වටේ පිරිලා ඉද්දී...අනුහස්ට මොනා නැතත් කෑම එපැයි...ඉතින් එන ගමන් චිප්ස් මුරුක්කු සොෆ්ට් ඩ්‍රින්ක්ස් වතුර චොක්ලට් ජාති මහ ගොඩක් බෑග් එකේ දාගන්න එයා අමතක කලේ නෑ...නික් නම් අනුහස්ගේ කෑම පෙරේතකම දැක්කේ පිස්සුවක් වගේ...එයාට නම් බඩගින්නක් ලොකුවට දැනුනේ නෑ...හිත පිරිලනේ ඔක්කොටම වඩා රශ්ගේ බෝයිෆ්‍රෙන්ඩ් වෙලා නිසා...ඒත් ඇත්තටම එයා කොල්ලො දෙන්නෙක්ගේ බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක්...අනුහස් දන්නවා නම් මරයි...

මොකක්දෝ හේතුවකට තරඟය බලන්න ලස්සනට ඇදගෙන යන්න නික්ට හිතුනා...එයා නිල් පාට ඩෙනිමකට නිල් පාට ටී ෂර්ට් එකක් ඇදගත්තා....ඩෙනිම නම් චූට්ටාක් තදයි....ඒකත් නරකමත් නෑ....ඉස්සරහම පේලියකින් වාඩිවුන කොල්ලො දෙන්නා ඉතින් ඕපයක් හලන්න ගත්තා ගමේ ගෑණු දෙන්නෙක් වගේ...මැච් එක පටන් ගන්න පැයක් විතර තව තිබ්බා...

"අයියෝ නික් මට අමතක වුනානේ මචෝ..." එක පාරටම අනුහස් කෑ ගහන්න ගන්නකොට නික්ව ගැස්සුනා...

"මොකද ඒ පාර කෑ ගහන්නේ....මාව බය කලා ඔයා...."

"අම්මා අද කිඹුලා බනිස් වගයක් ගෙනත් තිබ්බා...මන් දෙකක් දාගන්න හිටියේ බෑග් එකට...උඹ කලබල වෙලා කෝල් කලානේ..මට කලබලේට ඒක දාගන්න බැරි වුනා...රෑ වෙලා ගෙදර ගිහින් කන්න බෑ...එතකොට ෆ්‍රෙශ් ගතිය ගිහිල්ලා...අපරාදේ...මට මැච් එකට ෆෝකස් කරන්නත් අමාරුයි...ඕකම මතක් වෙයි..."

කිඹුලා බනිස් ගැන ඇතිවුන දුක නිසා අනුහස් නාහෙන් අඩ අඩා හිටියා...

"අනූ ඔයාගේ මල සමයං..එනකම් කඩ කීයක නැවැත්තුවාද ඔයා බයික් එක...එපා වුනා මට...කෑම ගත්තේ අනේ සතියකට විතර.. තව පැය කීපෙකින් මැච් එක ඉවරයි...ඊට පස්සේ නිකම්ම ඩිනර් ටයිම් එක...ඔය ගත්තුවා කන්න වෙන්නෙ නෑ.. "

අනුහසුයි කෑමයි තකට තක...කොහේ ගියත් කන එකයි බොන එකයි අවශ්‍යමයි...

"උබට තේරෙන්නෙ නෑ බන් මගේ වේදනාව...ලව් එකක් නැති වෙනවටත් වඩා දාර වේදනාවක් බන් කෑමක් මිස් වෙන එක...උබට නම් කෑම ඕන නෑනේ රයන්ව දැක ගන්න තියෙනවානම්..."

Campus Crush (Complete)✔️Hikayelerin yaşadığı yer. Şimdi keşfedin