"තමුසෙටනේ බැරි..මට පුලුවන්..."
රශ් බලෙන් වගේ කේශ්ගේ තොල් වලට ලන්වෙනකොට කේශ් ඈත් වුනේ වෙර දාලා රශ්ගේ උරහිස් වලින් තල්ලු කරන ගමන්...කේශ්ගේ අරගලයෙන් සිද්ද වුනේ රශ්ව තව කේන්ති ගස්සන එක විතරයි...
බෙල්ලෙන් අල්ලගෙන තොල් වලට රශ් පාත් වෙනකොටම දෙතොල් මත අත්ලක් තියාගෙන සිපගැනීම වලක්වන්න කේශ්ට පුලුවන් වුනා...එයාගේ හිත ඒ දෙතොල්වල පහස ඉල්ලුවත් හරිහමන් සම්බන්ධයක් නැතුව ලන්වෙන්න හිත් දුන්නෙ නෑ...
කේන්තියෙන් රවලා බලපු රශ් කේශ්ගේ අත්ල හැපුවා හෙමීට...ඒත් කේශ් නෙමේ අත අහකට ගත්තේ....
"තමුසෙ එහෙමයි නේද? දෙකට ගනින්න බෑ වගේ හිටියට කට්ටයි උබලා හෙනට..හරි කමක් නෑ දවසක් එයිනේ මටත්..."
ආපහු ඩ්‍රයිවින් සීට් එකට හුස්මක් හෙලලා හේත්තු වුන රයන් කීවේ දෑස් පියාගෙන..
"තමුසේ මගේ ලග ඉන්නකොට මට මොනවා වෙනවද කියලා මටම තේරෙන්නෙ නෑ කේශ්..." රයන් හෙමින් කියවනවා...
"මටත් තේරෙන්නෙ නෑ ඔයා ඇයි මෙහෙම කරන්නෙ කියලා...ඔයාට මාව පේන්න බෑ එක වෙලාවකට...තවත් වෙලාවකට ඔයා මෙහෙම...අපිට යාලුවෝ වෙන්න බැරිද රශ්?..." හිතේ තියෙන දේ කෙලින්ම එයා කිව්වා...
"මන් දන්නෙ නෑ...මගෙන් අහන්න එපා අනවශ්‍ය ප්‍රශ්න...මට තමුසෙව ඉඹින්න හිතුනා.. මන් ඒක කිව්වා...තමුසෙට බෑලුනේ...පින නෑ උබට..."
"මන් තාම පලවෙනි කිස් එක දීලා නෑ කාටවත්...ඒක මේ විදියට දෙන්න කැමති නෑ මන්..." මූන බිමට හරවන් නික් කීවේ ලැජ්ජාවෙන්...
"මෙතන නොවී වෙන රොමෑන්ටික් ප්ලේස් එකක වුනානම් කමක් නැද්ද ඒ කියන්නේ?..එහෙනම් හා කියනවද?.." දගකාරව බලපු රශ් අහනකොට කේශ් නිරුත්තර වුනා....එයා යටි තොල හපන් උත්තරයක් කල්පනා කලා..
"මන් කීවා නේද යටි තොල හපන්න පුරුද්ද අයින් කරගන්න කියලා...මාව අවුස්සනවානම් ඒකේ ප්‍රථිපල විදින්නත් ලෑස්ති වෙනවා.. " බොරු තර්ජනයක් කලා එයා නික්ගේ දත් වලින් යටි තොල මුදවන්...
"ම්ම්...ගෙදර යමුකෝ රශ්...පරක්කුයිනේ හොඳටම...අනේ.." රතු වුන කොල්ලා කීවා....
YOU ARE READING
Campus Crush (Complete)✔️
Non-Fictionඑයා කඩවසම්....දගකාරයි... දඩබ්බරයි.. ජනප්‍රියයි...යාලුවෝ ගොඩයි....අපේ කැම්පස් එකේ බෑඩ් බෝයි...❤️🔥 මම ඒකේ සම්පූර්ණ අනික් පැත්ත...සරලයි..බෝරින්ග්.... අහින්සකයි...යාලුවො ගොඩක් නෑ.. පොත් ගුල්ලෙක්...කොටින්ම නර්ඩ් කෙනෙක්...🖤 නොගැලපෙන අය ගැලපෙන එක ලෝක ස්...