අඩා වැලපෙමින් හිටපු කේශ් ආපු කෙනා දිහා හැරිලා බැලුවාම දැක්කේ ඒ ඇවිත් හිටියේ සෆ්‍රාස් කියලා....එයාව දැකපු ගමන් එයා තව හයියෙන් අඩාගෙන ගිහින් සෆ්‍රාස්ට තුරුලු වුනේ දැනෙන වේදනාවට අබමල් රේණුවක සහනයක් ලබාගන්න...මාස තුනකට පස්සේ කැම්පස් ආවාට පස්සේ එයාට දකින්න වුනේ රයන්ව නෙමේ රයන්ගේ මරණ දැන්වීම...මොන හිතකින්ද කොල්ලා ඒක ඉවසගන්නේ...
"සෆ්‍රාස් අයියේ!!!! අනේ..බල..බලන්නකෝ රශ්ට වුන දේ...එ..එයා...කො..හොමද මාව දාලා...ගියේ...ම...මම.වෙඩි...තිබ්බෙ නෑ...එයාට...අනේ නෑ...නොකියම ඉ..ක්මටනම මාව දාලා ගිහින්...ඔයාවත් එයාව නවත්තගත්තේ නැද්ද අයියේ....මා එක්ක එයා එච්චර තරහා වුනාද.."
අමාරුවෙන් හුස්ම ගනිමින් කොල්ලා එක දිගට කියාගෙන යනකොට සෆ්‍රාස් එයාගේ ඔලුව අතගෑවා සෙනෙහසින්...
"නික්...සන්සුන් වෙන්න කියලා මම උබට කියන්නේ නෑ...අඩපන් ඇති තරම්...වේදනාව හිතේ තද කරන් විඳවන්න ඕන නෑ උබ...මන් එහෙම කලා කාලයක්...මට උබේ දුක තේරෙනවා...උබ ආපහු යහතින් ආපු එක ලොකු දෙයක්...වෙඩි තිබ්බේ උබ නෙමේ කියලා මන් දන්නවා නික්..."
ඉදිමුණු ඇස් එක්ක හිටපු නික් සෆ්‍රාස් කියපු දේ තේරුම් ගන්න බෑ වගේ බැල්මක් එයාට දුන්නා...
"ඔ..ඔ...ඔයා දන්නවද මගේ රශ්ට මන් වෙඩි තිබ්බේ නෑ කියලා...ම..මගේ අත් වෙව්ලුවා අයියේ...එයා ගැන තරහක් තිබ්බ මට...අනුහස් එක එක ඒවා කිව්වා...මන් දන්නේ නෑ කොහොමද ඒක වුනේ කියලා...කවුද මගේ රශ්ව මගෙන් උදුරගත්තේ?...මන් රශ්ට ආ..ආදරෙයි අයියේ!!! එයාව මට ආයේ ලැබෙන්නෙ නෑ කියලා හිතෙනකොට මට මැරෙන්න හිතෙනවා...මන් මහ පව්කාරයෙක්...කාලකන්නියෙක්...අක්කා වෙනුවෙන් මොකුත් කලෙත් නෑ...ඔක්කොම කරන්න ගිහින් මගේ කොල්ලවත් නැති කරගත්තා...අනේ අයියේ..ම..ට..ඉවසන්න...බෑ මේ දුක...."
නික්ගේ කඳුලු ආපහු අලුත් වෙද්දී සෆ්‍රාස් කොල්ලා දිහා අනුකම්පාවෙන් බැලුවා...
"වෙඩි තියපු එකාව හොයනවා අපි මාස තුනක ඉදන්...ඔයා කෝමා එකෙන් මෙමරි ලොස් එකට යයි කියලා මන් බය වුනා....උබ නැගිටලා කෙලින් කටින් හිටගන්නකම් මාත් බයෙන් හිටියේ මල්ලී...වෙච්ච දේ වුනා...එදා වෙඩි වැදිලා රයන්ව හොස්පිටල් ගෙනියනකොටත් හුස්ම අල්ල අල්ල ඌ කීවේම උබව රැකපන් උබ රැවටිලා කියන එක විතරමයි...මාව පොරොන්දු කරගත්තා උබව ආරක්ශා කරන්න ඌට මොනාහරි වුනොත්...ඌට හිතෙන්න ඇති...මන් ඌ අපිව මෙහෙම තනි කරයි කියලා හිතුවේ නෑ මල්ලී...මට උබේ දුක තේරෙනවා අවුරුදු කීපෙකට උබ ඉන්න තැන මාත් හිටිය නිසා...මගේ කෙල්ල නැති වුනෙත් කැම්පස් එකේ අවුරුදු උලෙල දවසක..අදත් අවුරුදු උලෙලට කිට්ටු දවසක්...ඉතිහාසය රිපීට් වෙනවදෝ කියලත් මට හිතෙනවා...මන් රයන්ට වෙච්ච පොරොන්දුව ඉටු කරනවා පණ දීලා හරි...උබ කෙලින් කටින් ඉන්න ඕන රිතූට වගේම රයන්ට සාධාරණය ඉශ්ට කරන්න...කොයි සෙන්ස් එකෙන් ගත්තත් මන් උබේ මස්සිනා...උබේ අක්කාගෙ පැත්තෙන් වුනත් බෝයිෆ්‍රෙන්ඩ් පැත්තෙන් වුනත් මන් උබේ සහෝදරයෙක් වෙලා ඉවරයි..එදා වාග්ගේ ගෙදරදි වුන දේ උබට මතක නැතුව ඇති කියලයි මට හිතුනේ...හොඳ වෙලාවට උබට මතකයි...එදා උබව මරන්න කේන්තියක් ආවාත් මටම ඔප්පු වුනා උබ නිර්දෝෂී කියලා...ඔක්කොම අපි කතා කරමු...තැනවත් වෙලාවත් මේක නෙමේ...ගෙදර පලයන් මල්ලී...රෙස්ට් කරපන්...නිදහසේ කතා කරන්න පුලුවන් වෙලාවක තැනකදී අපි ඉක්මනටම හම්බවෙලා අපිට විසදගන්න තියෙන ගැප්ස් පුරවගෙන මිෂන් එක අපි පටන්ගමු නැවතුන තැනින්...උබට රයන්ගේ ආශිර්වාදය ශක්තිය ලැබෙන බව මතක තියාගනින්...උබ දුර්වලයෙක් නෙමේ...උබ ලඟ මේ අයියා ඉන්නවා..."
ESTÁS LEYENDO
Campus Crush (Complete)✔️
No Ficciónඑයා කඩවසම්....දගකාරයි... දඩබ්බරයි.. ජනප්රියයි...යාලුවෝ ගොඩයි....අපේ කැම්පස් එකේ බෑඩ් බෝයි...❤️🔥 මම ඒකේ සම්පූර්ණ අනික් පැත්ත...සරලයි..බෝරින්ග්.... අහින්සකයි...යාලුවො ගොඩක් නෑ.. පොත් ගුල්ලෙක්...කොටින්ම නර්ඩ් කෙනෙක්...🖤 නොගැලපෙන අය ගැලපෙන එක ලෝක ස්...