ලැබුවාවූ සිංහල හිංදු අලුත් අවුරුද්දේ මහන්සි වෙලා හීනවලට යන්න...හීන ලඟා කරගන්න...ආදරෙන් ජීවත් වෙන්න උත්සාහ කරමින් සුභම අවුරුද්දක් බවට මේ අවුරුද්ද පත් කරගමු අපි හැමෝම...❤💜️ අවුරුදු දවසේ ආවේ නැති වුනාට සමාවෙන්න..
කේශ් දැනන් හිටියේ නෑ එයාගේ ලයිෆ් එක උඩු යටිකුරු වුනා කියලා දුර දිග නොහිතා එයා කරපු වැඩෙන්...එයාට යහපත් මානසිකත්වයක් තිබුනෙත් නෑ හරි වැරැද්ද තේරුම් ගන්න...එහෙමත් නැත්තම් අනුහස් කියපු එකේ ඇත්ත නැත්ත පරීක්ෂණ නිරීක්ෂණ නිගමන වලින් තෝර බේර ගන්න...සෆ්‍රාස් එපා කියලා කෑ ගහපු එකවත් වාග් සෆ්‍රාස් අදුනන්නේ කොහොමද කියන එකවත් ඒ ඔක්කොටම වඩා තමන්ගේ පණ වගේ හිටපු ආදරේ වුන රයන් ගෙදර ගිහින් කියන්නම් කියපු කතාව ඉවසීමෙන් අහන්නවත් සිහියක් කොල්ලට නොතිබුනේ දවසම එක එක රැවටීම් වලින් වෙස් මූණු වලින් එයා හෙම්බත් වෙලා හිටපු නිසාමයි...
එයා තීරණ ගත්තා ඉක්මන් වෙන්නත් ඇති...එවෙලේ එයාට හරී කියලා හිතුන දේ තමා කොල්ලා කලේ...පිටින් ඉදන් විනිශ්චය දෙන්න ලේසි වුනත් ඒ අත්දැකීමට ඇත්තටම මුහුන දෙනාට තමා ඒකේ අමාරුව...ඉතින් කේශ් කලේ වැරැද්දක් වුනත් හරි දෙයක් වුනත් එවේලේ හරි කියලා හිතුන එක තමා එයා කලේ හැඟීම්වලට යටත් වෙලා...
රයන් ආමී යුනිෆෝම් එකෙන් නොහිතපු වෙලාවක වාග්ගේ ගෙදරට ආවාම එයාගේ ඔලුවට අනුහස් එයාට කරපු රැවටීම පරයා ආවේ රයන් එයාට ඇත්ත හැංගුවා කියපු එකයි...අනික අනුහස් කියපු ආමී කතාව එයා ඉස්සරහ ඇත්ත වුනා...වාග්ට රයන් වෙඩි තිබ්බා...වාග් නික්ව විශ්වාස කලා...එයා නික්ට පලිගන්න කියලා ඇඟෙව්වා....හැමෝම අළු චරිත වුනත් එයාලා ඔක්කොටම නිදහසට කරුනු තිබ්බා..
එතකොට මේ කතාවේ අගතියටම පත්වුන නික්ට නිදහසට කරුණක්වත් සාධාරණ හේතුවක්වත් නැද්ද....වාග්ගේ හේතුව රිතූගේ මරණය එයාගේ කේස් එක වගේම ආදායම් මාර්ගය වුන එක...අනුහස්ගේ හේතුව සල්ලි...ඒකත් එයාගේ අබ්බගාත මල්ලිට සලකන්න...අනුහස් කිව්වා කාටහරි රිද්දන්න උවමනා වුන බවකුත්...එතකොට සෆ්‍රාස්ගේ හේතුව රිතූ එයාගේ කෙල්ල කියන එක...රයන්ගේ හේතුව එයා සෆ්‍රාස්ගේ මල්ලි වුන එකයි රිතූට ඇති නික්ට තවම නොතේරුන රයන්ගේ සම්බන්ධයයි...
YOU ARE READING
Campus Crush (Complete)✔️
Non-Fictionඑයා කඩවසම්....දගකාරයි... දඩබ්බරයි.. ජනප්රියයි...යාලුවෝ ගොඩයි....අපේ කැම්පස් එකේ බෑඩ් බෝයි...❤️🔥 මම ඒකේ සම්පූර්ණ අනික් පැත්ත...සරලයි..බෝරින්ග්.... අහින්සකයි...යාලුවො ගොඩක් නෑ.. පොත් ගුල්ලෙක්...කොටින්ම නර්ඩ් කෙනෙක්...🖤 නොගැලපෙන අය ගැලපෙන එක ලෝක ස්...