නික්ට කරන්නෙ මොකක්ද කියලා හිතාගන්න බැරිව හිටියේ එයා ජීවිතේට දැකපු කඩවසම්ම ලස්සනම පිරිමි ලමයා එයා ඉස්සරහ හිටන් ඉන්න නිසා...
මොන හේතුවකට හරි එයාට හුරුපුරුදු කමක් දැනුනා...මීට කලින් කොහේදිහරි මුණ ගැහිලා තියෙනවා වගේ හැගීමක්...
රයන්ට නිකේශ්ගේ මුහුණ ලගින් දැක්කාම එක පාරටම නුපුරුදු හැගීමකින් හිත වෙලිලා ගියා වගේ දැනුනා...ඉක්මනටම ඒ හැගීම යටපත් කරන් තව කේන්තියෙන් නිකේශ්ට කෑ ගහන්න ගත්තා..
"මාව ගිලින්න වගේ බලා ඉන්නේ මොකද තමුසේ ආහ්? බලනවා මගේ ශූස්...මේක රුපියල් විසිදාහක් විතර වටිනවා යකෝ...කෑවනේ තමුසේ...දණ ගහපිය...දණ ගහලා ඔය ෂර්ට් එක ගලවලා ඒකෙන් පිහදාපන්..."
රයන් ගුගුරන්න ගන්නකොට මුලු හෝල් එකම එයාලා දිහා බලා හිටියේ විසල් දෙනෙත් වලින්...ඒත් කිසි කෙනෙක් වචනයක් කිව්වේ නෑ...
"සොරි අයියේ ...මම එක පාරටම ශොක් වුනානේ...වැරදීමක් වුනේ..." හිනාවක් එක්කම හදවතින්ම නික් සමාව ගත්තා...
"ඇයි උබේ අත පණ නැද්ද? වෙන ඒවට නම් අත පණ ඇති..දුක අහිංසක මූණ දාගෙන එන්නෙපා උබ...කියපන් කරපු දේ.."
රයන්ගේ ගිගිරුමත් එක්ක නික් දණින් වැටුනේ රයන්ගේ කල්ලිය ඩෑන් යසිත් සහ එම් මහ හඩින් හිනා වෙද්දී...
"උබ නයාට ගහලා පොල්ල වරද්ද ගත්තා සුදු මල්ලියා..." ඩෑන් කිව්වේ හිනා වෙන ගමන්..
නික් ඇඩුවේ නෑ...අහිංසක කමට හිටියාම එක එකාගේ ඇනුම් පද රැවිලි ගෙරවිලි ලැබිලා පොඩි කාලේ ඉදලාම පුරුදුයි එයාට..නගරෙට ඇවිත් මේ විදියට ලමයි ඉස්සරහ පලවෙනි දවසෙම ලැජ්ජ වෙන්න වෙයි කියලා හීනෙකවත් ලියවිලා තිබ්බෙ නෑ නික්ගේ...
"යාශ්...මල්ලී...සැර වැඩී නේද බන් මුන්ගේ පලවෙනි දවසෙම..."
ස්ටේජ් එක උඩ හිටපු අයියා කෙනෙක් තත්වය සමනය කරන්න මැදිහත් වෙන්න කතා කලා...
"උබ කට වහපන් අයියේ...නැත්තම් උබයි උබේ සෙට් එකයිත් මෙහෙමම දණ ගහපන්...මල්ලිලා ගැන කැක්කුම වැඩීනේ..."
රයන්ගේ ඒ වචන ටිකම ඇති තුන් වෙනි වසර අයියලා ටිකගේ කටවල් ටික සීල් කරලා දාන්න..
YOU ARE READING
Campus Crush (Complete)✔️
Non-Fictionඑයා කඩවසම්....දගකාරයි... දඩබ්බරයි.. ජනප්රියයි...යාලුවෝ ගොඩයි....අපේ කැම්පස් එකේ බෑඩ් බෝයි...❤️🔥 මම ඒකේ සම්පූර්ණ අනික් පැත්ත...සරලයි..බෝරින්ග්.... අහින්සකයි...යාලුවො ගොඩක් නෑ.. පොත් ගුල්ලෙක්...කොටින්ම නර්ඩ් කෙනෙක්...🖤 නොගැලපෙන අය ගැලපෙන එක ලෝක ස්...