Chapter 4

4.8K 813 343
                                    

ඊලඟ දවසේ උදේ පාන්දරම නිකේශ් නැගිටලා බැලුවේ රයන්ගේ ශූස් වේලිලාද කියලා...ගොඩක් දුරට වේලිලා...ලාවට කහ පාට පැල්ලමක් දෙකක් සපත්තු දෙකේ යට හරියට වෙන්න තිබ්බත් ලොකු අවුලක් පේන්න තිබ්බේ නෑ නික්ට එයා හොඳට ඒක සුද්ද කරපු නිසා...

එයාට හිතුනේ රයන් ඒක මෑතකදි නම් හෝදලම නැතුව ඇති කියලා...කෝකටත් කියලා කොල්ලා පර්ෆියුම් ටිකකුත් සපත්තු වලට ස්ප්‍රේ කලේ නැවුම් සුවදක් එන්නත් එක්කමයි...

මුල්ම ලෙක්චර් එක අද තියෙන්නේ දහයට වුනත් නික් ටිකක් උදේන්ම යන්න හිතුවේ රයන්ගේ ක්ලාස් එකටම ගිහිල්ලා සපත්තු දෙක දීලා එන්නත් එක්කමයි...හොඳ ඉටි බෑග් එකකුත් හොයාගෙන සපත්තු ඒකට දාලා වැහුවේ නිකන්ම ගිහින් දෙන්න හොඳ නැති නිසා...

ක්ලාස් එක තියෙන බිල්ඩින් එක හොයාගෙන පන්තියට ගිහින් මැද පේලියකින් නික් වාඩි වෙනවාත් එක්කම එයා දැක්කා තවමත් ලමයි පස් දෙනෙක් විතරයි ඇවිත් ඉන්නෙ කියලා...ඔව් තව පැයක් විතර තියෙනවනේ පටන් ගන්න...අද නම් දවල් එක විතර වෙනකොට ලෙක්චර්ස් ඉවර වෙනවා...

එතකොට බස් එකේ යන්න වෙන නිසා උදේ මාමා වැඩට යන වෙලාවටම කැම්පස් එන එක පහසුවක් කියලා හිතුනා...

මාමා ජීප් එකේ එනකම්ම කලේ සෑම්ගේ පම්පෝරිය කියපු එක තමා...සෑම්ට එහේ ඉන්ටර්න්ශිප් එකක් සෙට් වුන හැටි කීවා..නික් ඉතින් හ්ම්ම්ම් කියලා තමා ගොඩක් ඒවට ප්‍රතිචාර දුන්නේ...සමීර වගේ දක්ශයෙක් වෙන්න ඕන කියලා මාමා මන්තරේ වගේ මතුරනවා...නික්ට ඕන වෙන කවුරුත් වගේ වෙන්න නෙමේ තමන්ගේම අනන්‍යතාවක් ගොඩනගාගන්න...

නිකේශ් ක්ලාස් එක පටන් ගන්න තව වෙලා තියෙන නිසා එයාලගෙ බිල්ඩින් එකේ උඩම තිබ්බ පුස්තකාලෙට ගිහින් සබ්ජෙක්ට්ස් වලට අදාල පොත් බලන්න ගත්තා...

අනුහස් අද කලින් එනවා කියපු නිසා එයා එක්කම රයන්ගේ ක්ලාස් එක තියෙන තැනට යන්න ඕන කියලා නිකේශ් හිතුවා...පොතකුත් අරන් හෙමින් ගාට ගාට පන්තියට යන්න පඩිපෙල බහිනකොටම නික්ට මුන ගැහුනේ චතුරව...අනුහස් එදා කැන්ටීමේදී අදුන්නලා දුන්න පැණි ඇඹල අයියා...එයාගේ යාලුවෝ දෙන්නත් හිටියා...

Campus Crush (Complete)✔️Donde viven las historias. Descúbrelo ahora