ලෙක් එකට ගියාමත් අනුහස් හිටියේ නික් එක්ක තරහින්...නික් රයන් එක්ක හිටි ගමන් ෆිට් වුන එක එයාට බින්දුවක්වත් දිරෙව්වේ නෑ....රයන්වත් එයාගේ සෙට් එකවත් අනුහස්ට ඇල්ලුවේ නෑ...
ලෙක්චර්ස් ඉවර වෙලා යනකොට නික් අනුහස්ගෙන් හේතු ඇහුවා...
"මොකෝ අනූ මූණ එල්ලන් ඉන්නේ..."
"මගේ ගෑණී මලානේ ඒකයි..."
"මොන ගෑණීද?..."
"යකෝව් නික් උබ එක්ක බෑ යකෝ...මට තරහා වෙලාවත් ඉන්නෙ දෙන්නෙ නෑ උබ.."
"මොකටද ඔයා තරහා...රශ් අයියා නිසාද..."
"රශ්? ඒ මොකාද? මන් දන්නෙ නැති අයියා මොකාද ඒ කියපන් බලන්න මටත් දැනගන්න..."
"රයන් අයියා අනේ...වෙන අයියලව මන් අදුරනවද?..."
කෝල බවකින් නික්ගේ මූණ එලිය වෙලා තිබ්බා...යාශ්ගේ නම පවා එයාගේ හිතට ගෙනාවේ අමුතු සතුටක්...
"හහ්?...ඊයේ හවස් වෙනකම් රයන් වෙලා හිටපු අරූ රශ් වුනේ කොයි වෙලේද බන්...අනික හවස් වෙනකම් උබේ ගෙදර නේද මන් හිටියේ...කියපන් මොකක්ද වෙන්නේ...මාව සමාන්තර ලෝකෙකටවත් ගිහින්ද...මාව ගෙදර ගිහින් දාපන් බන්...අඩෝ..."
"ඔයා ඩ්‍රාමා රගපාන්න ගියා නම් ශෝයි අනූ...මොකක්ද වෙලා තියෙන්නෙ ඔයාට..."
අනුහස් නාට්‍යයසානුරයෙන් රගපාලා කියද්දී නික්ට හිනාවක් පැන්නා...
"මට නෙමේ...උබට මොකක්ද වෙලා තියෙන්නෙ...අරූ එක්ක තුරුල් වෙලා කතාව ෆෝන් නම්බර් මාරු කරන්...යකෝ මන්වත් මගේ මෙන්ටර් වුන නෙතූ අක්කිගෙන්වත් නම්බර් එක ඉල්ලගත්තෙ නෑ...ඒකට උබ...ඇහුවොත් නම් ගමෙන් ආපු කොලඹ ගැන මෙලෝ සසරක් නොදන්න බබා...ඒත් කැම්පස් එකේ පොරම කොල්ලව අල්ලේ නටවනවා..."
"යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේනේ ඔයා...මන් එයාව අල්ලගෙන නෑ මොට්ටස්...ඔයා ඔහේ කියවනවා.."
අනුහස්ට තිබ්බෙ කටක් නෙමේ වක්කඩයක්...බෝක්කුවක්..
"මට කටක් තියෙන්නේ කියවන්න...මට ඕන එකක් මන් කියවනවා...දැන් උබ ලෑස්ති වෙන්නෙ පුතේ අඩව්වක් අල්ලන්න හොදේ...මට බෑ අහක යන කොල්ලන්ගේ ලමයින්ට අප්පා වෙන්නේ..."
CZYTASZ
Campus Crush (Complete)✔️
Literatura Faktuඑයා කඩවසම්....දගකාරයි... දඩබ්බරයි.. ජනප්රියයි...යාලුවෝ ගොඩයි....අපේ කැම්පස් එකේ බෑඩ් බෝයි...❤️🔥 මම ඒකේ සම්පූර්ණ අනික් පැත්ත...සරලයි..බෝරින්ග්.... අහින්සකයි...යාලුවො ගොඩක් නෑ.. පොත් ගුල්ලෙක්...කොටින්ම නර්ඩ් කෙනෙක්...🖤 නොගැලපෙන අය ගැලපෙන එක ලෝක ස්...