නිකේශ්ගේ මූණ දිගේ වතුර රූරා වැටෙනකොට නම් නික්ට ඇඩෙන්න ගත්තේ ඇති වුන ලැජ්ජාවටයි තරහටයි...කවමදාවත් කිසි කෙනෙක් එයාට එහෙම සලකලා නෑ...
එයා රයන්ට සපත්තු ප්‍රශ්නෙදි සොරි කිව්වා...තරහින් රණ්ඩු කරන්න ගියේම නෑ...පණ යනකම් සපත්තු හේදුවා...එයාගේ හොඳම ෂර්ට් එක ඒ නිසා අහිමි කරගත්තා...එච්චර කරපු එයාට සහනයක් ඇත්තෙම නැද්ද...තාම කැම්පස් එකට පය ගහලා දවස් දෙකයි...රයන්ගේ කෙනෙහිලිකම් ඉවරයක් නෑ....හැමදේම එයා කොලඹ කොල්ලෙක් නොවුන නිසාද?
"උබ මාව යකා කරන්න ආසයි නේද? ජුන්නෙක් කියලා පොඩි බුරුලක් දුන්නාම උබ මට කෙලවන්න හදනවා නේද හැමෝම ඉස්සරහ අහිංසක මූණ දාගෙන කිඹුල් කදුලු හලලා...උබේ වෙස් මූණ ලගදිම මන් ගලවනවා බලාගනින්...උබගේ මෙන්ටර් මන් විතරයි...බලාගෙන හිටපන් උබට මන් කරන දේ..."
මූනේ වතුර ටික අතින් පිහගන්න ගමන් රයන් දත් කූරු කමින් කීවේ කේන්තිය ඉහ වහා ගිහින් තිබ්බ නිසයි...
"මන් ඔයාට මොන වැරැද්ද කලාටද අයියේ මට මෙහෙම සලකන්නේ..."
නිකේශ් හඩමින් රයන්ට කියද්දී එයාගේ ඇස් ගැස්සුනා...නමුත් නිකේශ් දකිනකොට ඒ වගේම එයාගේ හැසිරීම් දකිද්දී තමන්ගේ හිතේ ඇති වන හැගීම් වලට යාශ් බය වුනා...
"නවත්තපන්...කිඹුල් කදුලු...උබ කැමති වුනත් නැතත් මේ අවුරුද්දේ මන් උබේ මෙන්ටර්...උබව මන් හදලා ගන්නම්...අනික තමුසෙ මොකක්ද මිස්ටර් නානායක්කාරගේ ගෙදර කරන්නේ...මන් එදා දැක්කා උඩ තට්ටුවේ...නාකි මිනිහා උනාට ඌ හැන්ඩියානේ...තමුසෙගෙ ශුගර් ඩැඩීද මිනිහා? වෙන්නැතිනේ...නැත්තම් ගමේ ගොඩයන්ට මේ වගේ යුනි එකකට එන්න සල්ලි කොහෙන්ද?..."
චටාස්...
රයාන් කේන්තියෙන් කෑ ගහගෙන කියද්දී හැමවෙලේම ඉවසීමෙන් කරුණාවෙන් වැඩ කරන නික්ට ඉහිලුම් නැති වුනා...නික් රයන්ගේ කම්මුලට වේගවත් අතුල් පහරක් එල්ල කලා...
"කටවහගනින් මිනිහෝ බලු කතා නොකියා කට තියපු පලියට..."
ප්‍රශ්නයට මැදිහත් වෙන්න විදියක් තිබ්බෙ නැතුව බලා හිටපු අනුහස්ටත් පුදුමයි නික්ගේ කේන්තිය..
BINABASA MO ANG
Campus Crush (Complete)✔️
Non-Fictionඑයා කඩවසම්....දගකාරයි... දඩබ්බරයි.. ජනප්රියයි...යාලුවෝ ගොඩයි....අපේ කැම්පස් එකේ බෑඩ් බෝයි...❤️🔥 මම ඒකේ සම්පූර්ණ අනික් පැත්ත...සරලයි..බෝරින්ග්.... අහින්සකයි...යාලුවො ගොඩක් නෑ.. පොත් ගුල්ලෙක්...කොටින්ම නර්ඩ් කෙනෙක්...🖤 නොගැලපෙන අය ගැලපෙන එක ලෝක ස්...