රයන් බාතෲම් එකෙන් එලියට ඇවිත් හිටියේ ෂෝටකුයි ටී ෂර්ට් එකකුයි ඇදන්...කේශ් රයන්ගෙ හඩ ඇහුන ගමන් එයා පැත්තට හැරුනේ බය වෙලා ඇස් ලොකු කරගන්න ගමන්...එයා කොහොමද දැක්කේ?...
එයාට හොඳටම විශ්වාසයි රයන් එයා වොලට් එක අදිනවා දැක්කේ නෑ කියලා...එතකොටත් බාතෲම් එකේ දොර වැහිලා තිබ්බේ රයන් ඇතුලෙනෙ හිටියේ...මූට දිවැස් තියෙනවාවත්ද???
"ම..මන්....ගත්තෙ නෑ...ඒ ඒක බිම වැටෙන්න වගේ අඩමානේ තිබ්බේ ඉතින් මන් ඒක එහාට කලා.."
දෙපැත්තටම හරියන බොරුවක් එයා කීවේ රයන් දෑස් හීන් කරලා එයා ලගට ඇවිදන් එද්දී..රශ් කොන්ඩේවත් හරියට පිහිදාගෙන හිටියේ නෑ....තාම තෙත බේරෙනවා....
රයන් කොහොමද එයා පර්ස් එක අදිනවා දැක්කේ කියලා අහන්න හිතුනෙ නැත්තේ රයන් එයා හිතනවට වඩා හුගක් විමසිලිමත් අමුතු කොල්ලෙක් කියන එක නික්ට ටික ටික වැටහීගෙන යන නිසයි....
"මොකෝ මේ බය වෙලා ගොත ගහන්නේ?...මන් විහිලුවක් කලේ බන්..."
ලගටම ආපු රයන් එහෙම කියලා මහ හඩින් හිනා වුනේ නික්ව අවුලෙන් අවුලට පත් කරලා....එයා ඇත්තටම විහිලුවක්ද කලේ?..නමුත් ඒ ගැන හාර අවුස්සන්නත් කොල්ලට හිත් දුන්නෙ නෑ...
"පිස්සු අයියේ ඔයාට....කෝ එන්න ඔය කොන්ඩේ පිහිදන්න..."
නික් බාතෲම් එක ඇතුලට දුවලා ගිහින් ටවල් එකක් අරන් ඇවිත් රශ්ගේ ඔලුව පිහිදාන්න පටන් ගත්තේ රයන් ඇදේ වාඩි වෙලා නික්ගේ කුසට ඔලුව හේත්තු කරන් ඉද්දී...
"තමුසේ නියමයි කේශ්...බලපන් මට කෙල්ලගෙන්වත් නැති සැලකිලිනේ තමුසෙගෙන් හම්බෙන්නේ....මන් පට්ට ලකී..."
"අපෙ අම්මා නම් නාලා කොන්ඩේ හරියට පිහිදාන්නේ නැත්තම් හොඳටම බනිනවා ලෙඩ වෙනවා කියලා...ඔයාලා නම් හෙයාර් ඩ්‍ර්‍යර් එකකින් වේලනවා ඇතිනේ කොන්ඩේ..."
"මන් දවලුත් කීවනේ තමුසෙගේ අත් ගුනේ ගැන...මාව සප්‍රයිස් කරනවා ඔයා....ඔය අත් වලින් ඔලුවට මාර සනීපයක් දැනෙන්නේ...වෙන තැනක් ඔය අතින් ඇල්ලුවොත් කොහොම වෙයිද...පණ යයිද...."
කට කොනකින් හිනා වෙලා යටි අරුතක් එක්ක රයන් කියනකොට නික් කලේ එයාගේ කොන්ඩේ පිහිදපු එක...එයාට රයන්ගේ මූණ පෙනුනෙත් නෑනේ එවෙලේ...
YOU ARE READING
Campus Crush (Complete)✔️
Non-Fictionඑයා කඩවසම්....දගකාරයි... දඩබ්බරයි.. ජනප්රියයි...යාලුවෝ ගොඩයි....අපේ කැම්පස් එකේ බෑඩ් බෝයි...❤️🔥 මම ඒකේ සම්පූර්ණ අනික් පැත්ත...සරලයි..බෝරින්ග්.... අහින්සකයි...යාලුවො ගොඩක් නෑ.. පොත් ගුල්ලෙක්...කොටින්ම නර්ඩ් කෙනෙක්...🖤 නොගැලපෙන අය ගැලපෙන එක ලෝක ස්...