සෆ්රාස් ලග යාශ් හැසිරුන විදිහ නික්ව හුගාක් බය කලා...රයන්ගේ මූණේ ඒ වෙලාවේ තිබ්බෙ මරාගෙන මැරෙන්න යන එකෙක්ගේ වගේ දරුණු පෙනුමක්...සාමාන්‍ය කේන්තියකට එහා ගියපු එකක්...නික් කාටවත් එහෙම තරහා යනවා දැකලා තිබ්බෙ නෑ...
අනික යාශ් එයාට කුනුහරුප කියලා බැන්නාම එයාට හුගක් දුක හිතුනා...අම්මා අප්පච්චිවත් එහෙම බැනලා නෑ එයාට...නික්ව එදා හවස ගෙදරට ගිහින් බැස්සුවත් යාශ් කොල්ලා එක්ක වචනයක්වත් කතා කලේ නෑ...මනුස්සයාව යකා කරගන්න බය වුන නිසා නිකුත් නිහඩව හිටියා...
ඊට පස්සේ ගතවුන දවස් කීපයම යාශ් නික් එක්ක කතා කලේම නෑ...නික් කතා කරන්න ගියෙත් නෑ...නික් හිටියේ දුකින්...එයා බැල්කනි එකෙන් රයන්ගේ ගෙදර බලා හිටපු වෙලාවල් තිබ්බා...යාශ් වැරදිලාවත් ඒ වෙලේ මිදුලේ හිටියනම් කලේ නික්ව නොදැක්කා වගේ හිටපු එකයි...බැරිම තැන නික් යාශ්ට මැසේජ් කීපයක් යැව්වා සොරි කියලා...
නික් වැරැද්දක් නොකලා වුනත් අන්තිමට සමාව ගන්න වුනේ එයාට...හිත හොඳ නිකේශ් හැමදාම අනුන්ගේ සතුට වෙනුවෙන් තමන්ගේ කරපිට වරද පටවගන්න දෙපාරක් හිතපු කොල්ලෙක් නෙමේ...නමුත් යාශ් රිප්ලයි කරලා තිබ්බෙ නෑ එක මැසේජ් එකකටවත්...
සිද්දිය වෙලා දවස් පහක් විතර ගියා..කැම්පස් එකේදිත් යාශ් එයාව මග ඇරලා හිටියා...හිතාගන්න බැරි හේතුවකට නික්ගේ හිත හොඳටම පෑරිලා තිබුනේ...අනුහස් නම් නික්ට බැනපු එකමයි කලේ උදේ ඉදන් හවස් වෙනකම්ම කොහේවත් යන එකෙක් වෙනුවෙන් නහිනවා කියලා...
සුපුරුදු පරිදි කැම්පස් යන තව දවසක් උදා වුනේ යාශ් නික් එක්ක හයවෙනි දවසටත් කතා නොකර ඉන්නකොට...මුල් ලෙක්චර්ස් ටික ඉවර වෙලා අනුහස් එක්ක නික් කැන්ටින් එකට යන ගමන් හිටියේ...වෙලාවට කෑවේ නැත්තම් අනුහස් කොල්ලට ගෑස් වැඩි වෙනවලුනේ...
"මොකෝ බන් මේ මූණ එල්ලන් ඉන්නේ?..තාම අර සීන් එකට රයන් තරහද උබ එක්ක?...උබ බ්රේක් අප් නොවීම බ්රේක් අප් වෙලා වගේ....."
දුක් මූනකින් නික් ඉන්නවා දැකපු අනුහස් ඇහුවේ විමසිල්ලෙන්...කොල්ලා පහුගිය දවස් ටිකේම මූඩ් ගහලා ඉන්නවා අනුහස්ට තේරුනා..
YOU ARE READING
Campus Crush (Complete)✔️
Non-Fictionඑයා කඩවසම්....දගකාරයි... දඩබ්බරයි.. ජනප්‍රියයි...යාලුවෝ ගොඩයි....අපේ කැම්පස් එකේ බෑඩ් බෝයි...❤️🔥 මම ඒකේ සම්පූර්ණ අනික් පැත්ත...සරලයි..බෝරින්ග්.... අහින්සකයි...යාලුවො ගොඩක් නෑ.. පොත් ගුල්ලෙක්...කොටින්ම නර්ඩ් කෙනෙක්...🖤 නොගැලපෙන අය ගැලපෙන එක ලෝක ස්...