නෙහාන් කටකාරයෙක්....සාමාන්‍යයෙන් ඒ වගේ හැන්ඩි කොල්ලෝ අහංකාරයිනේ...නමුත් ඌ කටකාර වුනේ කේශ් එක්ක විතරයි...අර කෙල්ලො තුන් දෙනාත් කට ඇරන් බලාහිටියේ කොලඹින් ආපු කොල්ලෙක් එක්ක අරූ අවුරුදු ගානක් දැනන් හිටපු තාලෙට ෆ්ලර්ට් කරන අපූරුව...
"ඉතින් ඔයාගේ ගෙවල් කොහෙද නිකේශ්?..මම නම් පේරාදෙණියේ...මෙහෙ ආපු එක ෆන් ඇති නේද ඔයාලට?.."
පුටුව නික්ගේ පුටුව ලඟටම අරන් ඇවිත් නෙහාන් ඇහුවේ නික්ගේ කණ ගාවින්මයි...නික්ට යකා නගින්න ඔන්න මෙන්න...ඒත් තරහා පාලනය කරගෙන අහන දේට නික් උත්තර දුන්නේ මුණ ගැහුන පලවෙනි දවසෙම වෙන බැච් එකක කොල්ලෙක් එක්ක වලි දාගන්න අකමැති නිසාමයි...අනික මූ වගේ එකෙක් එක්ක වලියට ගියොත් නික්ගේ කෑලිවත් නැතිවෙනවා සවලකින් අහුලන්නවත්....
"හ්ම්ම්ම්...මම මතුගම..."
"මතුගම..ම්ම්ම්...අහලා තියෙනවා ගිහින් නැහැ...සවුත් පැත්තේ නේද..."
"හ්ම්ම්ම්ම්..."
නික් උත්තර දුන්නේ ඕනවට එපාවට...එයා පෝස්ටර් එක අදින්න ගත්තා...කෙල්ලන්ටත් උපදෙස් ටිකක් දුන්නා...උනුත් මෙලෝ මලදානයක් කියන්නේ නැතුව හැමදේම කේශ් කරනකම් බලා හිටියා...
"ඔයා ෆස්ට් ඉයර් එක ගොඩ දාගත්තද?...මට සබ්ජෙක්ට්ස් දෙකක් රිපීට් කරන්න වෙනවා...කොහෙද සුපිරි බ්‍රයිට් කෑල්ලක්වත් හිටියනම් කොල්ලා ගොඩ...ඔයාට වයස කීයද?...මට නම් විස්සයි..."
ඇහැක් ගහලා ඇහි බැමත් උඩ දාලා නෙහාන් කියද්දී නික් කොලේ දිහා බලාගෙනම උත්තර දුන්නා...මූ ප්‍රශ්න අහනවා විතරයි...මෙලෝ මඟුලක් කරන්නේ නැහැ.....
"දහනමයයි..."
"ආව්...මල්ලියෙක්නේ...මේ ඒක නෙවේ ඔයාලා කොච්චර දවස් මෙහේ ඉන්නවද?...මට පුළුවන් නුවර වටේ එක්ක යන්න..ග්‍රෙගරි ලේක් යමු...තව දළදා මාළිගාවටත් යමු...තව..."
නෙහාන් කියනකොට නික් රවලා බැලුවේ මූ මොකෙක්ද බලන්න වගේ බැල්මක් ඌට දීලා..
"නෝ තෑන්ක්ස් නෙහාන්...ඔයා මාව දැක්කෙත් අදයි...මට කොහේවත් යන්න ඕන නෑ...ප්‍රොජෙක්ට් එහෙකට මම ආවේ...ට්‍රිප් එකක් නෙවේ.."
KAMU SEDANG MEMBACA
Campus Crush (Complete)✔️
Nonfiksiඑයා කඩවසම්....දගකාරයි... දඩබ්බරයි.. ජනප්‍රියයි...යාලුවෝ ගොඩයි....අපේ කැම්පස් එකේ බෑඩ් බෝයි...❤️🔥 මම ඒකේ සම්පූර්ණ අනික් පැත්ත...සරලයි..බෝරින්ග්.... අහින්සකයි...යාලුවො ගොඩක් නෑ.. පොත් ගුල්ලෙක්...කොටින්ම නර්ඩ් කෙනෙක්...🖤 නොගැලපෙන අය ගැලපෙන එක ලෝක ස්...