Chapter 36

3.9K 549 294
                                    

රශ් කේශ්ව ඇදගෙන එයාගේ රූම් එකට ගිය ගමන්ම දොර වහලා දොරට කොල්ලව තද කරන් ඒ තොල් වලට පහත් වෙනකොටම කේශ් එයාව තල්ලු කලා...

"පොඩ්ඩක් ඉන්නකෝ අයියේ!! මට ප්‍රශ්නයක් තියෙනවා ඔයාගෙන් අහන්න.."

"මොන රෙද්දක්ද ඕයී?...තාම තමුසෙට ප්‍රශ්න අහලා ඉවර කරන්න බැරි වුනාද???...අර කැලේදිත් ප්‍රශ්න අහන එක නෙමේද කලේ???..මොනාද බන්...ඉස්කෝලේ කාලෙවත් එක්සෑම් වල තිබ්බේ නෑ ඔච්චර ප්‍රශ්න...අහනවා අහනවා ඕන මගුලක්...මූඩ් එකත් කෑවා..."

අගස්ත්‍යට යකා ආවේස වෙලා එයා නික්ගේ වතින් ඈත්වුනේ දත්මිටි කාගෙන...බඩගින්නේ ඉන්න සතෙක්ට කෑම පෙන්න පෙන්න කේවල් කරනවා වගේ දෙයක් තමා නික් දැන් කරන්නේ නොදැනුවත්ව හරි.....

"ඔය මූඩ් එක කොයි වෙලේත් අවුල් යනවනේ...හී.හී...මේ ඔයාගේ ෆස්ට් කිස් එක කවුද?...මම නෙවේ කියන එක මම සීයට සීයක් දන්නවා...ඒ හින්දා බොරු කියලා ඔයාගේ වචන නාස්ති කරන්න එපා අයියේ.....ඔයා සඳලිගේ බර්ත්ඩේ පාටියෙදි මගෙ ඉස්සරහම එයාව කිස් කලා..."

ගොන් හිනාවක් පාලා ඒත් ටිකක් බැරෑරුම්ව කොල්ලා අහනකොටත් අරයා පුප්පනවා....කේන්තිකාරයෙක් මහ..

"මට මතක නෑ බන්...සීරියස් හැඟීමකින් කිස් කලේ ඔයාව විතරයි....අර සඳලි කෙල්ලව කිස් කලේ තමුසේ එදා මාව කේන්ති ගස්සපු එකේ තරහටමයි...මන් කෙල්ලෝ එක්ක සෙක්ස් කරලා නෑ...උන්ව කිස් කරලා ඇති බීපු වෙලාවට නැත්තම් අනික් එවුන්ට පේන්න වගේ...ඒක මගේ අතීතය...තමුසේ මගේ වර්තමානය...ප්ලේබෝයි කෙනෙක් වුනාම එහෙම වෙන්න එපැයි..."

රශ් උත්තර දුන්නේ කාමරේ එහාට මෙහාට ඇවිදන ගමන් කේශ්ගේ දෑස් මඟ හරිමින්...එයාට නිකම් මොකක්ද වගේ අතීතය ගැන කතා කරන්න...එයාට ඉමේජ් එකක් තිබ්බා ජීවමාන කරන්න අනික් අය ඉස්සරහ...කෙල්ලෝ පිස්සු වට්ටන කොල්ලෙක් වුනාම එහෙම හැසිරෙන්න එයාට සිද්ද වුනා....වට්ටෝරුගත වුන බෑඩ්බෝයි කෙනෙක් වුනාම කවුරුත් මවාගන්නේ එහෙම කොල්ලෙක්ව තමා...අනික රශ්ගේ පෙනුමත් ඒකට හුඟාක් ඉවහල් වෙලා තිබ්බා...

"ප්ලේබෝයි තමා...අපෝ ඔයා නම්..ඩියුටි එක අස්සෙත් හොඳ හොඳ ෆන් අරගෙන..."

Campus Crush (Complete)✔️Where stories live. Discover now