Chapter 33

3.3K 542 296
                                    

බිම ඉන්දවිලා මහ හඬින් නික් හඩන්න ගත්තාම එතනට දුවලා ආවේ නෙහාන්...එයාට හිතාගන්න අමාරුයි... හොඳට හිටපු කොල්ලට මක් වුනාද...ඒකත් එක පාරටම...

"අවී...මේ කොල්ලා කවුද?....තමුසෙගෙ යාලුවෙක්ද?..එකපාරටම ඇවිත් මගේ ඇඟේ එල්ලුනා..."

නෙහාන් ඔලුව උස්සලා බැලුවේ එයා හිතපුවත් නැති කෙනෙක්ගේ සුපුරුදු කටහඬක් ඇහෙද්දී....ඒ කටහඬේ ගැබ්වෙලා තිබ්බෙම නුරුස්නා ගතියක්..

"මේ නිකේශ්...කලම්බු බ්‍රාන්ච් එකේ ඉදන් රෙසිඩෙන්ශල් වීක් එකට අපේ කැම්පස් ආවේ....අදයි ආවේ....හොස්ටල් ඉන්න නිසා මම ඩිනර් එක්කන් ආවා..."

නෙහාන් කීවේ හඬමින් හිටි නික්ගේ උරහිස හෙමින් අතගාන ගමන්...

"නිකේශ්..ඔයාට මොකද වුනේ?...ඇයි මේ අඩන්නේ.."

නික් පිටි අල්ලෙන් කඳුලු පිහගෙන නෙහාන් දිහා බැලුවේ එයා දිහා එල්ල වුන තව ඇස් යුගලය දෙස බලන්න ශක්තියක් නොවෙද්දී...

"වටේ මිනිස්සුත් බලනවා...මෙතනින් යන්...තමුසේ කාර් එකේද ආවේ?..."

නික් උත්තර දෙන්න කලින් නෙහාන්ව අඳුරන නික් රැවටුන එයාගේ රශ් වගේ පෙනුමැති කොල්ලා නෙහාන්ගෙන් ඇහුවේ සද්දෙන්...

"හ්ම්ම් ඔව්.."

"මෙයාවත් අරන් එහෙනම් එනවා..එලියට ගිහින් කතා කරමු..තමුසේ වගේම මොන්ගල් යාලුවන්ටත්..යාලුවෙක් කියන්නත් බෑනේ තමුසෙත් අදම නම් මෙයාව දැක්කේ..."

"නිකේ.." අරයගෙ නෝක්කඩු අස්සේ නික්ව නැගිට්ටවගෙන නෙහාන් කොල්ලට කතා කරද්දීම..

"නලවලා බෑ බන්..මේ මල්ලී ඔයා මොකට මගේ ඇඟට පැන්නද දන්නෙ නෑ...ඔයා වෙන කෙනෙක් කියලා මාව මිස්අන්ඩර්ස්ටෑන්ඩ් කරගෙන වගේ....මන් කාර් එක ලඟට යනවා උබලා වරෙල්ලා..."

නික්ට ඒ හුරුපුරුදු රුව සහ හුරු කටහඬ...රශ්ට සමානමයි කියන්න බැරි වුනත් කටහඬේ සමානත්වයක් කොල්ලට දැනුනා...

"ඒ..ඒ...මට..මට වැරදිලා නෑ...නෙහාන්..ඔයා එයාව දන්නවද..."

අරයා එතනින් යනකොට තමා නික්ට ඔලුව උස්සගන්න ධෛර්යයක් ආවේ....

Campus Crush (Complete)✔️Where stories live. Discover now