Chapter 6

4.9K 788 334
                                    

බැල්කනි දොර ගාව හිටන් ඉදපු රයන්ගේ ඇස් නැවතිලා තිබ්බේ මෙලෝ සිහියක් නැතුව තාලෙට පැද්දී පැද්දී පස්ස නලව නලව හිටපු නිකේශ්ගේ ගත පුරා...

යාශ්ගෙ ගැඹුරු කටහඩ ඇහෙනවාත් එක්කම හීයක් වේගෙන් අනික් පැත්ත හැරුනු නික් ගල් ගැහුනේ හීනෙන්වත් හිතපු නැති රුවක් එයාගේ කාමරේ ඇතුලට ඇවිත් හිටපු නිසා...නික් හැරුනු වේගෙට කන්නාඩි මේසේ උඩ තිබ්බ බඩු වගයකුත් බිම වැටුනා මහ සද්දෙන්...

"රයන් අයියා...ඔයා...ඔයා මෙහෙ මගේ කාමරේ මොකද කරන්නේ.."

මිමිනුමක් වගේ සිහින් හඩකින් නික් ඇහුවේ රයන්ගේ පැමිණීම අදහගන්න බැරුව...

එතකොටම රයන් අත්පුඩියක් ගහලා විසිල් එකක් ගැහුවේ ඒ සද්දෙට නික්ව ගැස්සිලා යද්දී...

නික් අඩියක්වත් එහෙ මෙහෙ වුනේ නෑ කන්නාඩි මේසේ ලගින්...ගම් ගාලා ඇලෙව්වා වගේ එයා අත් දෙක පිටිපස්සට කරලා තදින් මේසේ දාරේ අල්ලන් හිටියා...

"වාව්..නියමයි...පට්ටයි...මන් හිතුවෙම නෑ මට මේ වගේ හොට් වෙල්කම් එකක් ලැබෙයි කියලා ඔයාගෙන්...මහා අහිංසකයෙක් වගේ අපි ඉස්සරහ කැම්පස් එකේ හිටියට ගෙදරදී වෙනම කෙනෙක් වගේ....ඔයාව මෙහෙම දැකලා මේ වැස්ස වෙලාවේ මට මොකක්දෝ වෙනවා..."

නික් අහපු ප්‍රශ්නය මග ඇරලා දොර වහලා නික්ගේ ඇස් දිහා එක එල්ලේ බලන් යටි තොල හපන් යාශ් අඩි තියන් එනකොට නික් ගොලු වුනා...

මොකක්ද එයා කියන්නේ? මොකක්ද එයා කරන්නේ? කොස්ස කොහෙද? යාශ්ට ගහනවද එයා? ඒත් එහෙම ගහන්න ගිහින් රයන්ට ඇත්තටම අනතුරක් වුනොත් පොලිස් කූඩුවක ලගින්න වෙයි....එහෙම නැත්තම් අනුහස් කිව්වා වගේ රයන්ව මායම් දාලා අල්ලගන්නවද? නෑ ඒකත් පව් වැඩක්...

නික්ගේ ඔලුවෙ සිතුවිලි කෝටියක් එහා මෙහා යනකොට එයාට නොදැනීම යාශ් එයා ලගටම ඇවිත්...

සීතල අයිස් බාල්දියක් ඔලුව උඩට වැටුනා වගේ පියවි ලෝකෙට ආපු නිකේශ්ට බොත්තම් ඇරුනු එයාගේ ෂර්ට් එක මතක් වුනා..

එයාගෙ අත් වෙවලමින් ෂර්ට් එකට යනකොටම යාශ් එයාගේ අත අල්ලගත්තා මෘදුව...මේ අතරම එලියේ වැස්ස තද කරන්න ගත්තේ නික්ගේ හද ගැස්ම වැඩි කරලා...අනුහස් ගෙදරට ආපු ගමන් විහිලුවට කියපු කතාව ඇත්ත වෙලා..හැන්සම් කොල්ලෙක් එක්ක නික් ගෙදර තනියම මහ වැස්සක් කඩා හැලෙන රොමෑන්ටික් වෙලාවක...

Campus Crush (Complete)✔️Where stories live. Discover now