Chapter 1

1.4K 50 25
                                    

" ඕයි ආදිව්.. ඒහ් හිටපන් යකෝ.."

පිටිපස්සෙන් එන කොල්ලො රන්චුව මොනව කියල කෑගැහුවත් කොල්ලා නෙවේ නැවතුනේ. උරහිසින් පනින්න හදන බෑග් එකේ පටියත් උඩට තල්ලු කරන ගමන් බස් ස්ටෑන්ඩ් එකේ අයිනටම වෙන්න නවත්තල තිබ්බ රතු බස් එක දිහාට ලන් කලා. පාර මැද වැස්සට හැදිලා තිබ්බ ලොකු මඩ වලෙනුත් කන්ථක වගේ පැනපු කොල්ලා අඩියට දෙකට බස් එක දිහාට ගියා. ඩ්‍රයිවර්වත් තාම බස් එකට නැගලා තිබ්බෙ නැති නිසා ගොඩක් කොල්ලො බස් එකෙන් එලියෙ තමා හිටියේ. ඒ හිටපු හැමෝම අතරින් තමන්ට ඕනි එකාව හොයාගත්තු කොල්ලා ඒ පැත්තට කෙලින්ම ගියේ තමන්ගේ වටේ පිටේ වෙන දේවල් ගැන ගනන් නොගෙනමයි. අඩුම තමන්ගෙ යාලුවො ටික තමන් පස්සෙන් තාම එනවදවත් කියලා කොල්ලට නිච්චියක් උනේ නෑ. 

බස් එකට හේත්තු වෙලා ලග කොල්ලෙක් එක්ක කයියක් දාන් හිටපු එකා දිහාට ඇදෙද්දි කොල්ලගෙ අත මිට මොල වෙලා ගියා. කොල්ල යන වේගෙත් එක්කයි යන විදියත් එක්කයි ගද්දි බලන් ඉන්න ඕනිම කෙනෙක්ට තේරෙනවා තව ටික්කින් මෙතන වලියක් යනව කියලා. බස් එක ලග හිටපු කොල්ලොත් කට ඇරන් බලන් ඉන්නෙ කවුද මේ මොකද්ද මේ වෙන්නෙ කියලා. තමන්ගෙ බස් එකේ යන එකෙක්ට ගැහුවොත් අනික් පැත්තට ගහන්න වගේ තමා හැබැයි කොල්ලො ටිකත් බලන් හිටියෙ. 

"ආදිව්.. නැවතියන් යකෝ. තෝ ඔය යන්නෙ ගුටි කන්න තමා"

ටිකක් පරක්කු වෙලා උනත් තමන්ගෙ ගිනිපුග්ගාය හැදිලා වලියට ගිය මිතුරා සොයා අනික් කට්ටියත් පිටියට එන්ටර් උනේ ආදිව්ට කලබල වෙන්න එපා කියල අනතුරු අගවන ගමන්මයි.කොහෙද ඉතින් අවුරුදු ගානකින් කොහිල අලයක් තියා දල්ලක්වත් දැකලා නැති එකාට ඕව කනට තියා අරහෙටවත් ඇහෙන්නෙ නෑ. දැන් වටේ පිටේ ඉන්න හැමෝගෙම වගේ අවදානය ටික ටික මෙහෙට හැරිලා ඉවරයි.ඉස්කෝලෙ ඇරිලා පැයබාගයක් වගේ ගිහින් තිබුන නිසා තාමත් බස් වලට නගින්න ලමයි එන වෙලාව. ඉතින් මේ වගේ කලබලයක් වෙද්දි ඒ දිහාට අවදානය දෙන්න ටිකක් වැඩි පිරිසක් හිටියා.

කොල්ලා ගිය පිම්මෙන්ම බස් එකට හේත්තුවක් දාන් හිටපු කොල්ලගෙ කොලර් එකෙන් අල්ලන් බස් එකටම තද කලා.අර කොල්ලගෙ ඇස් දිහාම ටිකක් වෙලා බලන් ඉන්න ගත්තේ මොකුත්ම නොකියයි. එක පාරටම මේ උන දේත් එක්ක බස් එක ලග හිටපු කොල්ලා ටිකක් කලබල උනත් හරි ඉකනට සන්සුන් උනා. හරියට එයා මේ දේ බලාපොරොත්තු උනා වගේ.

නොමියෙන හදවත් I UNDYING HEARTS - OngoingWhere stories live. Discover now