Chapter 15

222 26 56
                                    

"මෙවර ### විද්‍යාලයේ අභිනව උප ප්‍රධාන ශිෂ්‍යනායකයා ලෙස පත්වන්නේ...."

නිවේදක කොලුවා හෙන ගැම්මට ලයින් එක දීගෙන ගියා. ඒත් පුරුද්දක් තියෙනවනේ ඔය වගේ විශේෂ නම් කියන්න කලින් නිවේදක මහත්තුරු පොඩි විවේකයක් ගන්නවනෙ. ඕක කෝමත් කියන එකේ කියලා දාන්නෙ නැතුව ආයෙ තටමන්නෙ අහවල් එක්කටද.. මුන්ගෙත් මහ මරිසි තියෙන්නේ.

"..........පත්වන්නේ , කවුද?....

 ඔබ සිතන්නේ කවුරුන් විය හැකියි කියාද?

 කවුරුන්ද මේ තනතුරට සුදුසු..?"

නිවේදක මහත්මයා හෙන ප්‍රොෆෙශනල් සීන් එකේ එයාගෙ විදියට ලයින්ස් කිහිපයක් එකතු කලා. මේ වෙනකොටත් මුලු ශාලාවෙම අවදානෙ තිබ්බෙ නිවේදකයා දිහාවට. 

නම නොකියා නතර කරපු නිසා මේන් හෝල් එකේ දොරවල් වලින් එබිකම් කර කර ඉදපු පොඩි කොල්ලො ටික හූ කියන්න ගත්තේ නොයිවසිල්ලෙන්. පොඩි ඇබිතියො ටික ඔය ඉන්නෙ පීරියඩ් කට් කරලද කොහේ. එක්කො ෆ්‍රී පීරියඩ්. ඇයි ඉතින් ගුරුභවතුන් මේක ඇතුලෙනෙ.

"ඔව්.. මට පෙනීයනවා සැවොම සිටින්නේ එම ප්‍රථිපලය දැනගැනීමටයි."

"ඕක කියපාන්...."

කොල්ලො ටිකක් ආයෙම කෑගැහුවේ ශාලාවේ වාඩිවෙලා හිටිය අයටත් හිනාවක් යද්දි. කවුද බන් මූට නිවේදක පට්ටම දුන්නේ.

"ඉදින්..

මෙවර ### විද්‍යාලයේ අභිනව උප ප්‍රධාන ශිෂ්‍යනායකයා ලෙස පත්වන්නේ... 







යශීර් ආදිව් කෞශල්‍ය 

13 මැත්ස් "

ආදිව් පුටුවෙන් නැගිටලා හෙන ගැම්මට ස්ටේජ් එකට නැග්ගේ කොහෙන්ද මන්දා විසිල් පාරවල් ටික්කුත් එද්දි. චීෆ් ගෙස්ට්ටත් හෑන්ඩ් ශේක් කරලා ෆොටෝ කීපෙකටත් පෙනී ඉදලා කොල්ලා දන්වැල් ටිකක් එල්ලුන දිලිසෙන තහඩු කෑල්ලකුත් එල්ලන් පහලට බැස්සා. අත්දිග ශර්ට් එකට උඩින් දාලා තිබ්බ තද නිල් බ්ලේසර් එකේ කොනකින් එල්ලුන තහඩු කෑල්ල දිහාවට හැමෝගෙම වගේ අවදානේ යොමු උනේ නිරායාසයෙන්. තහඩු කෑල්ලේ තනි මකන්න නම් වටේටම තව තව එක එක ආකාරයේ කෑලී බෑලි ගොඩක් තිබ්බා. ආදිව්ගේ වත්කම.. තහඩු කැල්ලක් එල්ලුන දම්වැල් ටික්කින් ලැබුන ඒ මහාපරිමාන වගකීම දරන්න සුදුසු පෙනුමක් ආදිව්ගේ මූනෙම තිබ්බා. කවුරුත් එයා මේ තැනට පත්වුනු එකට අකමැති බවක්නම් පෙනුනේ නෑ.

නොමියෙන හදවත් I UNDYING HEARTS - OngoingWhere stories live. Discover now