Chapter 44

208 29 27
                                    

"යනවා එහාට.."

"බැහැ.."

"පලයන් වද නොදී.."

"බෑ.."

"ඇයි..?"

"බෑ! බෑ! බෑ! බෑමයි!!!!"

"මන් දන්නවා හැබැයි යවන හැටි."

හරි සිහියකට ආ හැටියෙම ආදිව්ගේ තුරුලට පැනපු දෙව්සස් තාමත් ආදිව්ව බදන්. ආදිව්නම් හිටපු විදියටම ඇඳේ ඉද්දි දෙව්සස් ආදිව්ගේ පපුවට ඔලුව තියන් ඇඟ උඩින් කකුලුත් දාන් බදාගෙන. දෙව්සස් ඇස් දෙකත් පියන් ආදිව්ගේ පපුවේ සද්දෙ අහන් ඉන්නවා. මෙච්චර කාලෙකට නොදැනුනු සැනසීමක් ඒ රිද්මේ අස්සෙ තියෙන වග දෙව්සස්ට තේරුනා. එයා ඒක අහන්න ආස කලා. දෙව්සස් ඇස් පියන් හිටියත් හිතට නිවනක් නෑ. ආදිව්ගේ අද හැසිරීම නිසා දෙව්සස් දැන් පිස්සෙක්. ආදිව්ව පලවෙනි පාරට දැකපු දවසෙ ඉදන් අද වෙනකන් දේවල් පෙලට මතක් වෙන්න ගද්දි දෙව්සස් තව තව ආදිව්ව හිර කරගෙන බදාගත්තා.

"මන් යන්නෙ නැහ්.. මට බෑ.."

ආදිව්ගෙත් බොරු මරිසිනේ අනේ.. දැන් පන්නනවා බොරුවට. පන්නන්න ඕන්නම් ඉස්සල්ලා අර මොනාද දන්නෑ කලේ. අනික දෙව්සස්ව ලේසියෙන් පන්නන්න අමාරුයි. එයා දැන්නැහැ මේව.. තව කල් යද්දි නම් තේරෙයි. 

"මන් යවන්නම් ඉතින්... ම්ම්ම්?"

"ඔයාට බෑ."

"ඇයි?"

"මන් යන්න නෙවේ ආවේ.."

දෙව්සස්ගේ ඒ වචනත් එක්ක ආදිව් ලොක් උනා. තමන් මේ කරන දේ හරිවැරැද්ද තේරුම් ගන්නවත් ආදිව්ට සිහියක් නෑ. දෙව්සස්ගේ හොදට එයාව ඈත් කරන්න හැදුවත් ඒක හිතට එකඟව කරන්න බැරි බව ආදිව්ට තේරුනේ ට්‍රිප් එක දවසේ රෑ වෙරලෙදි. අනික දෙව්සස්ව ඈත් කරලා තමන් වගේම දෙව්සස්වත් ඇයි රිද්දගන්න්නෙ.. අතීතේ අතීතේ විතරක්ම වේවි.. ඒත් .. තෙහස්... ආදිව්ට හෙනම අසරණ කමක් දැනුනා.තමන් මේ කරන්නේ වැරැද්දක්ය කියන සිතිවිල්ල නිතර නිතර ඔලුවට ආවා. ඒ නිසාම ආදිව් දෙව්සස්ට ඇගිල්ලක්වත් තිබ්බේ නෑ.. දෙව්සස්  අච්චර බදාන හිටියත් ආදිව්ගේ අත් තිබ්බේ නිදැල්ලේ... දෙව්සස් යන්න නෙවේය ආවේ කියන වචන ආදිව්ට හොදටෝම බර වැඩී. එක පාරකුත් එහෙම හිතන් ආදරේ කරලා අන්තිමට තමන් විතරයි දුක් උනේ. ඒක එහෙමම ආයේ වෙන්න ඕනිද? ඒත්.. දෙව්සස් ..

නොමියෙන හදවත් I UNDYING HEARTS - OngoingWhere stories live. Discover now