Chapter 21

229 26 64
                                    

අන්තිම බෝලේ

සෑහෙන වේගෙකින්

හොද හුස්මක්

පන්දුවට හොද පහරක්

තත්පර කීපයක්..

"ඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕ"

මුලු ග්‍රවුන්ඩ් එකම හෙලවෙන තරම් සද්දයක් පැවිලියන් එකේ පැත්තකින් ආවේ බෑන්ඩ් එකකින් පපරේ සද්දෙකුත් එද්දි. පැවිලියන් එකේ හිටපු අය ග්‍රවුන්ඩ් එකට දුවන් ආවේ දිනපු කට්ටියව බදාගෙන ඉබගෙන සතුට සමරන්න.

තත්පර ගානක සිද්දියක්.. ලොකු කතාවක්.

දෙව්සස් අතේ තිබ්බ බැට් එක පොලවේ ගැහුවේ ඉවසන්න බැරි තරහකින්.නෑ නෑ නෑ.. මේක වෙන්න බෑ.. කොහොමද එහෙම... ශිට්.. හතරක්.. නිතීශ් දෙව්සස් ලගට දුවන් එනවා දැක්කත් කොල්ලා නිතීශ්ව ගනන් නොගෙන ග්‍රවුන්ඩ් එකට දුවන් එන සෙනග අතරින්ම දුවන් යන්න ගත්තා.යන්න දිහාවක් හිතාගන්න බෑ.. මැච් එක ඉවර නිසා දිනපු ඉස්කෝලේට සපෝට් ඔක්කොමලා ග්‍රවුන්ඩ් එක මැදට දුවන් එනවා.ඒ සෙනග අතරින් දුවනවා කියන්නෙත් වෙනම ගේමක්. දෙව්සස් පුලුවන් වේගෙන් පිරිස අතරින් දුවන් ගියා. දෙව්සස්ටත් නොදැනිම කකුල් දෙක එයාව ඇදන් ඇවිත් තිබුනේ වොශෲම් තිබ්බ දිහාට. ටීම් එකේ අය හෝ කවුරු හරි එයාව හොයාවි කියන බලාපොරොත්තුව කොල්ලගේ හිතේ තියේ. ඒ නිසාම එයා වොශෲම් පාස් කරන් ඉස්සරහට ගිහින් බිත්ති දෙකක් අතර තිබුනු හිඩැස් තීරුවකින් එහාට ගියා. එතනින් එහා පැත්තේ වල් ගස් ගොඩක්.. මල් පදුරුත් තියේද මන්දා.... ඒත් එතන හිටියෑකි.. ග්‍රවුන්ඩ් එකට පහල පාරේ ඉදන් බලපුවාම දැල් වැටට එහායින් මෙතන පේනවා. ඒත් දෙව්සස් හිටපු තැන මල් ගස් ගොඩකින් ආවරනය වෙලා තිබුනේ. 

ඒ ළඟ තිබුනු සිමෙත්ති ගැට්ටකින් වාඩි උනු දෙව්සස් මූනේ තිබ්බ දාඩිය ටී ශර්ට් එකෙන් පිහගත්තා. දෙව්සස්ට තාම හිතාගන්න බෑ මොකද්ද උනේ කියලා. ටීම් එකේ හොදම ප්ලෙයර්ගෙන් මේ වගේ දෙයක්.. කවුද බලාපොරොත්තු උනේ? දෙව්සස්ටවත් මේක ශුවර් නෑ. හීනයක් වෙන්න බැරිද..? ගොඩක් නරක එකක්.. දෙවෙනි පාරටත් කොල්ලා මූනේ දාඩිය පිහ දැම්මා. කොන්ඩේ නලලටම ඇලිලා දාඩියට. ඒ මදිවට දිව ගිලෙන්න තරම් වතුර තිබහක්..ඒ ඔක්කොටම වඩා කොල්ලගේ හිතේ අමාරුව.. කෙලින්ම කිව්වොත් දෙව්සස්ට මේ පරාජය භාර ගන්න බෑ. අර කිසිම වැදගැම්මකට නැති ඉස්කෝලෙට කොහොමද එහෙම පරාද වෙන්නේ?.. 

නොමියෙන හදවත් I UNDYING HEARTS - OngoingWhere stories live. Discover now