Chapter 30

197 34 66
                                    

හවසට වෙරළ හරි ලස්සනයි.... ඈත පේන කෙලවරෙන් රතු පාර ගිනි බෝලයක් වගේ ඉර බැහැන් යනවා. අහස හරියට පිස්සුවක් වගේ.. රතු කහ සුදු තැබිලි.. ඒක පාට පිස්සුවක්.. බලා ඉන්න ආස හිතෙන පිස්සුවක්. 

දෙව්සස් අහස දිහා බලන් අතේ තිබ්බ සන්ක්‍රශ් ටින් එකේ අන්තිම උගුරත් කටට හලාගත්තා.ඉදන් හිටපු ගලේ එහා පැත්තෙන් හිස් ටින් එක තියලා කොල්ලා හොද හුස්මක් ගත්තා. හුළඟ ලුණු රහයි. මිනිස්සු හිටපු පැත්තෙන් ටිකක් එහාට වෙලා ගල් ගොඩක් අස්සෙ හැන්ගිලා මුහුද දිහා බලන් කොල්ලා දැන් පැයක විතර ඉදලා. දෙව්සස්ට හිතන්න දේවල් ගොඩයි. ඒ ඔක්කොම පැත්තකින් දාල බැහැගෙන යන ඉර දිහා කොල්ලා බලන් හිටියා. තව ටිකකින් කලුවර වැටෙනවා. නැගිටලා ආපහු හොටෙල් එක දිහාට යන්න ඕනි කම තිබ්බත් කොල්ලට ඕනි උනේ තනියම ඉන්න. පැත්තකට වෙලා. ඒත් ඇත්තටම එයාට ඒකමද ඕනි උනේ. 

ආදිව්ත් එක්ක ඇති උනු කතාබහෙන් පස්සෙ කොල්ල හිටියේ ටිකක් සැහැල්ලුවෙන්..  සති ගානක් හිර කරන් හිටපු ප්‍රෙශර් එක එක පාරට නිදහස් වෙලා. මිශුල්‍යා නිසා ආදිව් එක්ක වලි දාගත්තට පස්සෙ මේ ගෙවෙන්නෙ හතර වෙනි හරි පස්වෙනි හරි මාසෙ වෙන්න ඇති. ආදිව්ව තරහාකාරයෙක් කියන මානෙන් අයින් කරලා යාලුවෙක් වගේ අශ්‍රය කරන්න උත්සහ කරපු තුන්වෙනි  මාසේ වෙන්න ඇති. ඒත් ආදිව් ගැන නමක් නැති හැගීමක් ඇති වෙලා ගතවුනු එකොලොස් වෙනි මාසේ මේක. අවුරුද්දකටත් ලගයි.ඒක පොඩි කාලයක් නෙවේ කොහොමවත්..  සමහරවිට... ඒ හැඟීම අවුරුද්දකටත් වඩා වයස ඇති මේ වෙනකොට..

ෆෝන් එක වයිබ්‍රේට් වෙන්න ගත්ත නිසා දෙව්සස් ෆෝන් එක අතට ගත්තෙ හිටපු තැනින් නැගිටින ගමන්. ඉර යන්නම ගිහින්. අහසේ වටෙන් වටෙන් අදුරු කරන් එනවා. වෙරලේ ඉන්න මිනිස්සුත් එකා දෙන්නා අකුලන් යන්න ලෑස්තිය.. සිනේත්‍රගෙන් ආපු කෝල් එක ආන්ස්වර් කරලා කනේ තියාගන්න ගමන් දෙව්සස් වෙරල දිහාට ඇවිදන් එන්න ගත්තා.

"උබ කොහෙද #කෝ..? "

"ම්ම්.. මන් පොඩ්ඩක් රැල්ල පාගන්න ආවා.."

"අනේ ^&%..! කියලා එන්න දන්නේ නැද්ද..?"

"ම්ම්.. උබලා ආපු ගමන් නිදිනේ. ඒ නිසා මන් කරදර කලේ නෑ. සොරි.."

නොමියෙන හදවත් I UNDYING HEARTS - OngoingWhere stories live. Discover now