"හරි මචන් ඒනම්.. සින්නා ,ආදි...ක්ලාස් එකේදි සෙට් වෙමු.. දෙව්සස් උබත් එනවනේ.. රනුවා අපි කැපුනා එහෙනම්... ටටා..."
උදේ හතට විතර සතීශ් ගෙදර දුවන්න ලෑස්තිය. අද කොල්ලෝ ටික සාමන්‍යෙන් ඉස්කෝලේ යන දවස.ඊයේ පොඩ්ඩක් නිදිමැරුවයි කියලා සෙට් එකටම හෙන අමාරුවලු ඉතින් පාසල් යන්න.උදේ හයට විතර සතීශ්ගෙ මෑණියන්දෑගෙන් ආපු කෝල් එකක් නිසායි කොල්ලා උදෙන්ම ගෙදර ගියේ. අනික් තුන් දෙනාත් ඒ එක්කම යන්න හැදුවත් ආදිව්ගේ ආච්චම්මගේ කටේ බලේට නවතින්න උනා.
"පුතාලා මූන කට සෝදන් එන්න තව ටිකකින් කෑම රෙඩි."
ආදිව්ගේ සීයා ඒම කියාගෙන මිදුල පැත්තට ඇවිදන් ගියා. සීයා ගිය දිහා ඔලුවත් කස කස රනුත්ම බලන් ඉදියා.
"ඒ බන් මූන සෝදන්න ටූත්බ්‍රස් එක ගෙනාවේ නෑනේ."
"ඉදකින්... තෝ ඉදපන් කුනුකෙලත් පෙරන් ඔහොමම... මන් යනවා දත් මදින්න.."
"අඩෝ ඉතින්.. අනේ ගෙදර යන ටිකට මොන සැරසිලිද.."
රනුත්ම තමන්ටම ඒම කියාගන්න ගමන් එයාලා හිටපු කාමරේ දිහාවට සිනේත්‍ර පස්සෙන්ම ඇවිදන් ගියා. ආදිව්ත් කාමරේට යන්න හිතන් පඩිපෙල ගාවට ඇවිදන් ගියා.
"එන්න.. මූන හෝදන් කමු.. මට බඩගිනිත් එක්ක.."
"අහ්.හ්ම්."
ආදිව් කාමරේට ගිහින් කෙලින්ම හැරුනේ බාතෲම් එක දිහාට. ඇතුලට ගිහින් දත් බුරුසුවත් අරන් ටවල් එක්කුත් කරේ පටලන් ආයෙම එලියට ආවා. දෙව්සස් දොර ලගට වෙලා ඔහේ බලාන ඉන්නවා.
"උබ ගිහින් මූන හොදගනිම්. මන් අම්මගේ කාමරේ බාතෲම් එකෙන් හෝදගන්නම්.."
"ආහ්.. මේකෙන් හෝදගන්න... මට අවුලක් නෑ. මෙහ්.."
"නෑ නෑ උබ ඕකෙන් හෝදගනින්.."
"එහ්..? ඕනි එකක්.."
දෙව්සස් ඔලුවට ආපු එක කියන්න හදලත් ආයෙම කටපියාගත්තේ ආදිව්ට යන්න ඇරලා. ආදිව් ගියාට පස්සේ දෙව්සස් කාමරේ තනි උනා. කොල්ලා වටේම ආයෙ බලන්න ගත්තා. ඒක ලොකු කාමරයක්. ඒවගේම මාර පිලිවෙලයි. දෙව්සස්ගේ කාමරේනම්.. ඒක ගැන කතා නොකර ඉමු.දෙව්සස් තමන් ගෙනාපු බෑග් එක අතට අරන් ඒකෙන් දත්බුරුව එලියට ගත්තා. බෑග් එක එහෙමම තිබ්බ පුටුව උඩට දාලා යන්න හැරුනත් කොල්ලා ආයෙම නැවතුනා. ආදිව් ඊයේ මේසේ උඩ තියලා බිමින් තියපු පොත් ගොඩේ උඩම තිබ්බෙ හාර්ඩ් කවර් එකක් දාලා තිබ්බ පොතක්. ඒකේ දකුනු පැත්තේ පල්ලේ කෙලවරේ ආදිව්ගේ නම ලියලා තිබ්බා.
YOU ARE READING
නොමියෙන හදවත් I UNDYING HEARTS - Ongoing
Non-Fictionප්රාණය නිරුද්ධ අවතැන් හදකට, සඳ එළියක් සේ ඔබ ආවා.... ඉතින් අවසරයි කියන්නට මට, මගේ හදවතේ ජීවය ඔබම කියා...... යශීර් ආදිව් කෞශල්ය x ප්රාතිහ දෙව්සස් සමරවික්රම Sinhala BL Non Fiction💗✨