Chapter 18

224 33 64
                                    

ආදිව් දැක්ක දේත් එක්ක ආදිව් තත්පර කීපයක්ම ශොක් වෙලා වගේ බලන් ඉදියා. මොකද්ද මෙතන වෙන්නේ කියන ප්‍රශ්නෙත් එක්ක රූම් එක ඇතුලට නොයා ආදිව් දොර ලගම හිටන් හිටියා. 

ළා  ආලෝකයක් තිබ්බත් ලොකර් රූම් එක ඇතුලේ බිත්තියක් ළඟ රූපකායන් දෙකක් ඉන්නවා ආදිව්ට පෙනුනා. එයාලා ඇදන් ඉදපු ඇඳුමුත් එක්ක දෙන්නම අද ග්‍රවුන්ඩ් එකේ ඉදපු ප්ලෙයර්ස්ලා දෙන්නෙක් කියලා හිතන්න අමාරු උනේ නෑ. ඒ දෙන්නගෙන් එක්කෙනෙක්වත් ආදිව් දොර අරිනවා දැක්කේ නෑ. දකින්න තරම් සිහියක්වත් තියෙන්න නැතුව ඇති. එක කොල්ලෙක් බිත්තියටයි අනික් කොල්ලටයි අතරමැද. ඒ නිසා එතන ඉන්න කෙනාගේ මූනවත් හරියට පෙනුනේ නෑ. අනික් කොල්ලත් අර කොල්ලගේ මූන වැහෙන්න තරම් මූනූ ලන් කරන් ඉදියේ. බිත්තියට තද වෙලා ඉදපු කොල්ලගෙ අත් දෙක ඔලුවට උඩින් බිත්තියට තදවෙලා තිබුනා.  

ඒ කොල්ලව බිත්තියට තද කරන් කොල්ලගේ අත් දෙකත් බිත්තියට තියලා තදට අල්ලන් හිටපු අනික් කොල්ලාව ආදිව් ටික්කින් අදුර ගත්තා.ඒ රූපේ ආදිව්ට හුරුපුරුදුයි. එතන හිටපු කොල්ලො දෙන්න හිටියේ එකිනෙකාට බොහොම ලන්වෙලා. ඒ වගේම එයාල කිස් කරමින් ඉන්නේ කියලා ආදිව් දැකපු මොහොතෙම තේරුම් ගත්තා.

ආදිව්ට ඕනි උනේ මෙතනින් ඉක්මනට යන්නයි. තමන් ඕන්නැති දෙයක් මැදට ඇවිත් වගේ හැගීමකින් ආදිව්ව පිරිලා ගියා. ගල් වෙලා තිබ්බ කකුල් අමාරුවෙන් එහෙ මෙහෙ කරමින් ආදිව් ටිකක් පස්සට උනා. තවමත් ආදිව්ගේ ඇස් රැදිලා තිබුනේ අර කොල්ලො දෙන්න ගාව.. එක කොල්ලෙක්ව අඳුරගත්තත් අනිකා කවුද කියන්න ආදිව්ට අදහසක් තිබ්බේ නෑ. ඒත් ඒ ඇඳුම් පැලඳුම් හරි හුරුයි. 

බිත්තියට තද වෙච්ච කොල්ල දගලන්න ගන්නවත් එක්ක අනික් කෙනා කිස් එක බ්‍රේක් කරලා පොඩ්ඩක් පිටිපස්සට උනා. ඒ ලිහිල් වීමත් එක්ක අනිකා තවත් දගලන්න ගත්තා. ඒ ඇසිල්ලෙන් ආදිව් අනික් කොල්ලගෙ මූනත් හොදටම දැක්කා. යන්න හදපු කකුල් ආයෙම එක තැන නතර වෙද්දි ආදිව් ටිකක් ශොක් වෙලා වගේ බලන් හිටියේ.

"ශෙවාන්.. මට යන්න දීපන්.. මාව අතෑරපන්.. උබට පිස්සුද?.. උබ මේ...ම්ම්ම්ම්ම්ම්හ්.."

නොමියෙන හදවත් I UNDYING HEARTS - OngoingWhere stories live. Discover now