Chapter 32

254 24 50
                                    

අතින් කටත් වහන් පස්සට පස්සට ගියපු තෙහස් මුලු මූනම අත්වලින් වහගත්තේ අඩිය අඩිය පිටිපස්සට යද්දි. එක පාරටම කකුල් දෙක පැටලිලා වැටෙන්න ගියේ ආදිව් දුවන් ගිහින් ඉන වටේ අත දාලා අල්ල ගද්දි. ආදිව්ගේ අත් තමන් වටේ යනවා දැනෙනකොටම තෙහස් ආදිව්ගේ උනුහුම් පපුවවට තුරුලු උනේ ඇස් වලින් හෝ ගාල කදුලු වැටෙද්දි.

"ඒහ්.. තෙහස්.. අනේ.. මේ.. ඒහ්.. ඔයා අඩනවද..? ලමයෝ.. ඇයි මේ..? අම් සොරි මන් වැරදි දෙයක්...."

"මෝඩයා මෝඩයා මෝඩයා..ම්ම්හ් මෝඩ හරක් පැටියා..හ්ම්.. තමුසෙටත් දැන්ද මතක් උනේ ඕවා කියන්න ඈ..ම්ම්. හුහ්.. මන් කොච්චර කල් බලන්... ඉදියද.... මෝඩ මී හරකා. තමුසෙව පොඩ්ඩක් පයර් කරලා...ගන්න මට අර කොහෙවත් නැති... කෙල්ලෙක්ගේ අතකුත්..ම්ම්හ්.. අල්ලන්න උනා. මෝඩා මීමා.. මම තරහයි..ම්ම්හ්.."

අන්තිම ටික කියද්දි තෙහස් අමාරුවෙන් හුස්ම ඇල්ලුවේ ආදිව් හෙමිහිට තෙහස්ගේ පිට අතගාද්දි. තෙහස්ට චූටි කාලෙ ඉදන් හුස්ම ගන්න එකේ අපහසුවක් තිබ්බා. ඇඩුවාම  ඒක හොදටම වැඩි වෙනවා. තෙහස් ටිකක් සාමාන්‍ය වෙනකන් ආදිව් හිටියේ මොකුත් නොකියා. තෙහස් කදුලු අස්සෙන් කියපු වචන ආයෙ ආයෙ ඔලුව ඇතුලෙන් ඇහෙද්දි ආදිව්ට හිනාවක් ගියේ පපුව තව තව වේගෙන් ගැහෙද්දි.. ඒ කියන්නෙ එයත් මට ආදරෙයි....

.

.

.

ආදිව් ලොකු හුස්මක් අතෑරියේ තව බියර් උගුරක් තොල ගාන ගමන්. ඈතින් කොල්ලො ටිකගේ කටහඩ ඇහුනා. උන් සින්දු කියනව වගේ. ආදිව්ට ආපහු යන්න හිත නොදුන්නු නිසා ආදිව් තව වෙලා මෙතන ඉන්න තීරනය කරා. ආදිව්ට හිතන්න ගොඩක් දේවල් තිබ්බා. අහම්බෙන් වගේ අවුරුදු තුනකට පස්සෙ හරියටම අද දවසේ දෙව්සස් කියපු දේවල් එක්ක ආදිව්ට මේවා කල්පනා නොකර ඉන්න බැරි උනා. දෙව්සස්ට තමන් දෙන්න ඕනි මොන වගේ උත්තරයක්ද කියලා ආදිව්ට හිතාගන්න බැරි උනා.ඒ අස්සෙන් තෙහස්ව ඔලුවේ හොල්මන් කරන්න ගත්තේ ආදිව්ගේ ඔලුව රිදිගෙන එද්දි.

"අයි විල් බී විත් යූ අන්ටිල් දි එන්ඩ්"

"මන් ඔයාට ආදරෙයි මගේ හරක් පැටියෝ"

නොමියෙන හදවත් I UNDYING HEARTS - OngoingWhere stories live. Discover now