"ප්‍රාතිහාරී.. නුරා ගේනා...
මීන දෑසේ.. මවා ආශා...
රූපසාරි මැවී.. පේනා...
චන්ද්‍ර ශෝභා රසේ... පානා..
මන ආශා රටා පානා...
හිත පෑහී සොබා... ගේනා....
නේත්‍රා මානනා.....සිත පාරා පෑ සිනා.....
සීමා නෑ සිතා... ඉඟි පානා දෑසිනා...
සිහින යායේ සරා මා හා....
එනවාදෝ මවා.. සේයා...
ප්‍රේම හීනේ සොබා ගේනා...."
ආසම සින්දුවක් ආසම කෙනාගේ කටින් කියවෙද්දි.. ඒකත්.. ප්‍රාතිහාරී.. ප්‍රාතිහ... ඒක මටම කියපු එකක්ද? දෙව්සස් ආදිව් සින්දුව කියනකොට බලන් හිටියෙම ඒ හෙලවෙන තොල් දිහා. ඒ ඇස් දිහා. ඉහල පහල යන උගුරු ඇටේ දිහා. ඒ ගැඹුරු කටහඬ.. ඒක පිස්සුවක්...
"ඇති..."
ආදිව් එහෙම කියන ගමන් හුස්මක් උඩට ඇරන් අතෑරියා. දෙව්සස්ට කියන්න දෙයක් හිතාගන්න බැරුව වගේ ඔහේ හිටියා. මොනවා කියන්නද එයා... ලස්සනයි කියන්නද? නැත්තන් මේ දැන් ආපු හිතිවිලි ඔක්කොම එකක් නෑර අකුරෙන් අකුර කියන්නද?
"ලස්සනයි.."
"ම්ම්.."
"කටහඬ මරු.."
"ම්ම්.. තෑන්ක්ස්.."
"ඔයාට නිදිමතයි.."
"මම්ම්.. නැ.."
"නිදාගන්න යශීර්.. ගුඩ්නයිට්.. හෙට හම්බෙමු.."
"හ්ම්ම්.. ගුඩ්නයිට්.."
"හෙටත් මන් එන්නද ඔයා ගාවට.."
"කියෙව්වා ඇති නිදාගන්නවා.. හෙට ඇවිත් නිදිකිරන්න නම් තියාගන්න එපා.."
"හරි හරි අනේ.."
"හ්ම්.. ගුඩ්නයිට්.. ස්වීට් වෙට් ඩ්‍රීම්ස්.. උම්මහ්.."
ආදිව් ඒම කියන ගමන් තොල් උල් කරලා දෙව්සස්ට පේන්න කිස් එකක් අහසට මුදා හැරියා. දෙව්සස්ට ඒකට හිනාවක් පැන්නා. බකමූනා වගේ 'ම්ම්'හ්ම්ම්' ගාන එකා එක පාරට මෙහෙම හැසිරෙද්දි. කියුට්..
"ගුඩ්මෝනින් රත්තරන්..."
YOU ARE READING
නොමියෙන හදවත් I UNDYING HEARTS - Ongoing
Non-Fictionප්රාණය නිරුද්ධ අවතැන් හදකට, සඳ එළියක් සේ ඔබ ආවා.... ඉතින් අවසරයි කියන්නට මට, මගේ හදවතේ ජීවය ඔබම කියා...... යශීර් ආදිව් කෞශල්ය x ප්‍රාතිහ දෙව්සස් සමරවික්රම Sinhala BL Non Fiction💗✨