Chapter 9

239 27 41
                                    

උදේම නැගිටලා ඉස්කෝලෙ එනවා කියන්නෙනම් දහතුනේ උන්ට එපාම කරපු වැඩක්. ක්ලාස් යනව වගේ නෙවෙයි ඉස්කෝලෙ එන්න ගියාම. නැති අමාරු ඇඟට ගහන්නේ. ආදිව් ටිකක් පරක්කු වෙලා හරි ඇහැරියේ ඉස්කෝලේ යන්න. 7.20 වෙලත් කොල්ලා තාම ගෙදර. ආදිව්ටනම් ගානක්වත් තිබ්බෙ නෑ ඉස්කෝලේ යන්න. නමුත් ආච්චම්මගේ කටේ බලේට ආදිව්ට ඉක්මනට ගෙදරින් එලියට බහින්න සිද්ධ උනා. සීයා වාහනේ ගිහින් දාන්න හැදුවත් ආදිව් පාරට ගිහින් බස් එක්ක යන්න කැමති උනා. අනික මහලොකු දුරක් තිබ්බෙත් නෑ ඉස්කෝලෙට. විනාඩි පහලවක් ඕන්නම් යයි. 

ආදිව් බස් එකෙන් බැහැලා ඉස්කෝලේ ලගට යද්දි 7.45 විතර වෙලා තිබ්බා. ආදිව් ගේට් එක ලගට යද්දිම වගේ පාසල් ගීය පටන් ගත්තේ ගාථා කියලා ඉවර වෙලා. ආදිව්ගේ පරක්කුව නිසා ගේට්ටුව ළඟ හිටපු ගාර්ඩ් අන්කල් රවලා බැලුවා. සාමන්‍යයෙන් ඉස්කෝලේ ගාර්ඩ්ස්ලා ඉන්නෙ ප්‍රින්සිපල්ටත් උඩින්නේ. ආදිව් ඉතින් පොඩි හිනාවක් දාගෙනම ගෙට්ටුවෙන් ඇතුලට පැන්නා. අභිමානවත් ශිෂ්‍ය නායකයෙක් විදියට ආදිව්ගේ ආසම වැඩේ තමා පරක්කු වෙලා ඉස්කෝලෙට යන එක . ඒ නිසාම ආදිව් එයාගෙ යකඩ කෑල්ල සාක්කුවේ දාන් තමා ඉස්කෝලෙට එන්නේ. ටික්කින් පාසල් ගීයත් ඉවර උන නිසා මග නතර වෙලා හිටපු කොල්ලොත් තමන්ගේ ගමනන්තවලට දුවන්න ගත්තා. කිසි හදිසියක් නැති ආදිව්නම් සයන්ස් සෙක්ශන් එක පැත්තට ගෑටුවේ හරි උදාසීනව. පඩිපෙල් ටිකත් නැගගෙන දහතුන මැත්ස් පන්ති දෙක පැත්තට ගියා. 

පන්තියේ ළගට යනකොටම වගේ ඇහුනේ  රනුත්මගෙ කටහඩ. ඒ අස්සෙන් සතීශ්ගෙ කැත කැස්සක් වගේ හිනාවත් ඇහුනා. ඌ හිනා වෙන්නෙ කුකුලෙක් කහිනවා වගේ කියන මතේ තමා ආදිව් හිටියේ. නෑ ඒක සමහර විට බල්ලෙක් කහිනවා වගේ වෙන්නත් පුලුවන්. ඒත් ඕව ගැන ලොකු වැටහීමක් ආදිව්ට තිබ්බෙ නෑ. කෝමහරි ඒ හිනාව කැස්සක් වගේමයි. පන්තියේ දොරෙන් එබිලා ආදිව් කෙලින්ම බැලුවේ පන්තියෙ පිටිපස්සහා පෝලිම දිහා. බුද්ධිමතුන් බිහිවෙන්නෙ පන්තියේ පිටිපස්සෙන් නිසා ආදිව්ගේ යාලුවෝ ටික හිටියෙම පිටි...පස්සෙම පෝලිමේ.

ආදිව්ව දැක්කගමන්ම සතීශ් ඇතුලු කට්ටියගේ අවදානේ ආදිව් දිහාට හැරුනා.පන්තියේ එහෙමට ලමයි හිටියෙත් නෑ. ගුරුවරු නම් කෝමත් දැන්ම සේවයට වාර්ථා කරන්න්නෙ නෑනෙ. එයාල එන්නෙ පලවෙනි පීරියඩ් එකත් ඉවර උනාම වගේ. මොකද ක්ලාස් වල ලමයිත් අඩුයි වගේම එන උනුත් ඉන්නෙ කැම්පස් සින්නො කියලා හිතාගෙනනේ.

නොමියෙන හදවත් I UNDYING HEARTS - OngoingWhere stories live. Discover now