"ආආආආආආආආආආආදීඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඉව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්"
කන ලගින් ඇහුනු බෙරිහන් දීමත් එක්ක ආදිව් උඩ ගිහින් ඇහැරුනා. කවුද යකෝ මේ උදේ පාන්දර බෙරිහන් දෙන්නේ..ආදිව් නිදිමතේම ඇස් දෙකත් පියන් අත එහෙට මෙහෙට වැනුවේ කන ලග ඉන්න එකාගෙ වැදෙන්නම කියලා. ඒත් එක්කම 'තොහ්' ගාල අත කොහෙ හරි වැදුනා තමා. ආයෙමත් බෙරිහන් දීමක් ඇහුනා තමා. ආදිව් අනික් පැත්ත හැරුනේ ආයෙ නිදාගන්න.. නිවාඩු දවසටවත් නෑනෙ නිදහසක්.
ආදිව් ඇස් පියන් හිටියත් කොල්ලගෙ නින්ද පෑල දොරෙන් පැනලා ගියා. ඉස්සලා කන ලගින් ඇහුනු සතීශ්ගේ සද්දෙත් නැවතිලා තිබ්බා. ඊයේ දවස ගැන මතක් කරද්දි එක එක ජාති හෙන තොගයක් ඔලුවේ පිරුනේ ආදිව්ට උදෙන්ම ලාවට ඔලුව කැක්කුමකුත් එද්දි. ඊයෙ දවසනම් හරි බරයි.
ඊයේ රෑ අර බේබද්දො දෙන්නාව හොටෙල් එකට එක්කන් ආවත් හරි දෙව්සස් සිනේත්‍රව එහා කාමරේට ඇරන් ගියේ ආදිව්ට සතීශ් එක්ක ඉන්න කියලා. ඒක ආදිව්ට ඇත්තටම පොඩි සහනයක් උනා. ආදිව්ට ඕනි කලේ දෙව්සස්ව රිදෙන්නේ නැතුව ඈත් කරන්න.. දෙව්සස් එහෙම ලේසියෙන් හිතහදන් පැත්තකට වෙයි කියලා හිතන්න බෑ. ඒක ඊයේ රෑ දෙව්සස් කියපු කරපු දේවල් වලින් හොදටම ඔප්පු උනා..
ආදිව් මුනින් අතට හැරිලා ආයෙම හැදුවේ නිදාගන්න.. ලාවට ඔලුව කැක්කුමකුත් ආවේ ආදිව් තද කරලා අස් පියාගද්දි. විනාඩි පහ දහය ඔහේ ගෙවුනේ ආදිව් ඇස් පියන් ඔහේ ඇද උඩ ඉද්දි. පැය බාගෙකට විතර පස්සේ දොර ඇරෙන වැහෙන සද්දයක් ආවත් ආදිව් ඇස් අරින්න කලබල උනේ නෑ.. සතීශ් වෙන්න ඇති කියලා හිතාන හිටපු විදියටම ආදිව් හිටියේ පොඩ්ඩක්වත් හෙලවෙන්නෙ නැතුව.. විනාඩි ගානක් යන්න ඇති.. ආපු කෙනා යන සද්දයක් ඇහුනෙත් නෑ.. වෙන කිසිම සද්දයක් ඇහුනෙත් නෑ.. එක පාරටම ඇදේ කොනක තිබුනු ආදිව්ගේ ෆෝන් එක මහ සද්දෙන් රින්ග් වෙන්න ගත්තා. ඒත් ඒ සද්දෙ තත්පරයක්වත් තියෙන්න නැතුව ඇති. එකපාරටම නැවතුනා. ආදිව්ට ඇස් ඇරලා බලන්න හිතුනත් ඔහේ කම්මැලි කමට හිටියා.
තවත් තත්පර ගානක නිහැඩියාවකට පස්සේ ඇඳෙන් යන්තම් සද්දයක් ආව.. ඒක ලී වලින් ආපු පොඩි කිරි කිරි සද්දයක්. කවුරු හරි කෙනෙක් ඇදේ කොනක ඉන්නවා වගේ ආදිව්ට දැනුනා. ආදිව් ඔලුවෙ තිබුනු සියලු දේවල් පැත්තකින් තියලා වටපිටාවට කන් දුන්නා. හොල්මන්වත්ද? ආදිව් ඇස් අරින්නෙ නැතුව හිටියේ හොල්මනක් උදේම දකින්න ඕනි නැති නිසා. අස් නොහරින තාක් හොල්මන නොපෙනේ.
YOU ARE READING
නොමියෙන හදවත් I UNDYING HEARTS - Ongoing
Non-Fictionප්‍රාණය නිරුද්ධ අවතැන් හදකට, සඳ එළියක් සේ ඔබ ආවා.... ඉතින් අවසරයි කියන්නට මට, මගේ හදවතේ ජීවය ඔබම කියා...... යශීර් ආදිව් කෞශල්‍ය x ප්රාතිහ දෙව්සස් සමරවික්‍රම Sinhala BL Non Fiction💗✨