Chapter 19

284 32 41
                                    

බිග් මැච් එකට කලින් දවස කියන්නේ තරග කරන ඉස්කෝල දෙකේ කොල්ලන්ට සෑහෙන වැඩ තියෙන දවසක්. හෙට බිග්මැච් නිසා බාලක පාසල් දෙකේම කොල්ලො ගොඩක් අය හිටියේ ඉස්කෝලෙට ඇවිල්ලා. විශේශයෙන්ම ප්‍රිෆෙක්ට්ස්ලා. එයාලට එක එක ආකරයේ වැඩ තිබ්බා. නිල් කහ ඉස්කෝලේ අය එයාලගේ ඉස්කෝලේ ඉදන් ටවුන් එකට එන්න පුලුවන් පාරවල් ඔක්කොගෙම වගේ ආරම්බක තැන  හන්දියේ පාර මැද සින්හයෙක්ගේ ඔලුවක් පාට කරමිනුයි හිටියේ. රෑ අටත් පහු වෙලා. ඒත් ප්‍රිෆෙක්ට්ස්ලා ටික තාම ඉස්කෝලවල. පොඩි පන්තිවල කොල්ලො ටිකනම් පහ හය විතර වෙද්දි ගෙවල් වලට ඇරියට ඕලෙවල් සෙට් එකේ සමහර ප්‍රිෆෙක්ට්ස්ලායි  දොලහ දහතුන ප්‍රිෆෙක්ට්ස්ලා වගේම තව කොල්ලො ටික්කුයි බරටම වැඩ. 

ටවුන් එකේ කඩවල් සේරම වගේ මේ වෙනකොටත් වැහිලා තිබ්බ නිසා පොඩි පාලු ගතියක් තිබ්බා. තීන්ත ස්ප්‍රේ කෑන් ටික්කුත් අරන් ආදිව් සතීශ් වගේම තව බයිසිකල් දෙක්ක කොල්ලො ආවෙ එයාලගෙ මිත්‍ර බාලිකා පාසල ගාවට. ගේට් එක ලග හිටපු ගාර්ඩ්ස්ලටත් නොපෙනිම පැත්තේ බිල්ඩින් එක්කට ලන් උනු කොල්ලො ටික බයිසිකල් හෙමීට නැවැත්තුවා. උස බැම්මත් එක්ක ඉස්කෝලේ ඇතුලට පනින එකනම් හීනයක්. හැබැයි මෙහෙමයි.. ඒක කරන්න බැරි වැඩක්මත් නෙවේ.

"අයින් වෙයන්.."

කොල්ලෙක් ඒම කියාගෙනම උස ඉනිමගකුත් උස්සන් ආවේ පිටිපස්සෙන් එකෙක් ෆෝන් එකේ ෆ්ලෑශර් එක දාන් එද්දි. මේ කට්ට කලුවරේ වටේ කොහෙවත් ලයිට් එකක් තිබ්බෙ නෑ. ඉස්සරහ ගෙවල් වලත් එලියේ ලයිට් එකක් දාලා තිබුනේ නැති නිසා පාරම කලුවරයි. වාහනත් නැති තරම්.

ඉනිමග තාප්පෙට තියපු කොල්ලෙක් වටේට ෆෝන් එකේ ටෝච් එක ඇල්ලුවා. කවුරුවත්ම පේන්න නම් නෑ. 

"ඒ බන්ග්.. මේ පැත්තට සීසීටීවී නෑ නේ.."

ඔව් ඔව්. දැන් තමයි එකෙක්ට හරි සීසීටීවී ගැන මතක් වුනේ.. ගැම්මට ආවට මොකෝ කවුරුත් ඕව ගැන හෙව්වෙ නෑනේ..

"හොයන්න බෑ යකෝ.. ඒවා වැඩක් නෑ.. කැප් දාලා නිසා පෙන්නෙ නෑනේ. ඒනම් නිල් කුමරියෝ අපේ තමයි කියලා නැගපන්."

තව කොල්ලෙක් කිව්වේ ෆෝන් එකේ ටෝච් එකත් ඔන් කරගන්න ගමන්. කොල්ලො හයක් වැඩට බැස්සට මොකෝ ඔක්කොම අමු ගවයෝ ඉතින්. 

නොමියෙන හදවත් I UNDYING HEARTS - OngoingWhere stories live. Discover now