Chapter 5

385 35 60
                                    


මුලු ඇඟම තලලා දාලා වගේ දැනුන අමාරුවත් එක්ක කොල්ල ඇස් අරින්න උත්සහ කලා. ඔලුව උඩින් ලොකු බරක් තියලා වගේ අමුතු බර ගතියක් එක්ක වේදනාවක් දැනෙන්න ගත්තේ ඇස් දෙකත් හෙමින් අරින ගමන් එක අතකින් ලාවට ඔලුවත් අල්ලන අතරේ. මුලින් පෙනීම බොද වෙලා තිබ්බත් තත්පර කීපෙකින් ඒ ගතිය මගෑරිලා පෙනීම පැහැදිලි උනා. 

තමන් ඉන්නෙ නුපුරුදු පරිසරයක කියලා තේරුනු සැනින් කොල්ලා ඔලුව ඉස්සුවා. ඒ වුනත් ඒ වේගෙන්ම ආපහු ඔලුව කොට්ටෙ උඩටම කඩන් වැටුනේ පුන්චි වේදනාවකුත් දැනෙන අතරේ. ඒත් එක්කම වගේ දොරක් ඇරෙන සද්දෙ ඇහුන නිසා කොල්ලා සද්දේ ආපු  පැත්තට ඇස් යොමු කලේ තමන් ඉන්න තැන ගැන් පොඩි අදහසක් ඔලුවට එද්දි.

"ඕහ් ඔයාට සිහිය ආවද. ඉන්න මන් ඔයාගෙ යාලුවට කතා කරන්නම්"

ගැහැනු කටහඩක් තමන්ව අමතද්දි කොල්ලා ඒ කවුද කියලා බලාගන්න හිස හැරෙව්වා. නර්ස් කෙනෙක්. හිනා වෙලා කතා කරන ගමන්ම එයා ආපහු හැරිලා ආපු දොරෙන්ම එලියට ගියා.තමන් ඉන්නෙ හොස්පිට්ල් එක්ක බව කොල්ලට පැහැදිලියි. මෙතන ආවේ කොහොමද කියලයි දැන් තියෙන ප්‍රශ්නෙ. 

 ආපහු ගෙදර යන ගමන් හිටපු කොල්ලා කොහෙන්ද මන්දා ඉදලා පාරට පැන්න බල්ලව බේරන්න ඕනි නිසා ගහපු බ්‍රේක් එකත් එක්ක ඊටපස්සෙ උන දේවල් ටිකක් අපැදිලි මතක විදියටයි තිබ්බෙ. බයිසිකලේ ලෙස්සල ගිහින් ලග තිබ්බ වලකට හරි මොකකට හරි  වැටෙනවත්, බයිසිකලේ එක්කම එයා බිම වැටෙනවත් ටික්කින් එතනට කෙනෙක් එනවත් විතරයි එයාට මතක තිබ්බේ.ඊටපස්සෙ හැමදේම අදුරුයි.

නර්ස් ගිහින් විනාඩියකට විතර පස්සෙ ආයෙම දොර ඇරුනා. ඒ පාරනම් ආවෙ නර්ස් කෙනෙක්වත් ඩොක්ටර් කෙනෙක්වත් නෙවෙයි.කොල්ලා කකුල් දෙකේ ඉදන් උඩට ඇස් ගෙනිච්චේ මේ අමුත්තව අදුරගන්න. ඒත් මූන දකිනකම්ම කොල්ලට එයාව අදුරගන්නනම් බැරි උනා. ඒ මූන අදුරගත් සැනින් කොල්ලගෙ මූනෙ ඉරියව් පවා වෙනස් උනේ මේ වෙනස දැකලා අමුත්තගෙ කට කොනට හිනාවක් යද්දි.

" හලෝ දෙව්සස්.. "

"උබ මොකද මෙතන කරන්නෙ?"

දෙව්සස් කිසි වෙනසක් නොපෙන්වා ඇහුවේ කෙලින් ඉදගන්න උත්සහ ගන්න අතරේ.පිටට නොපෙන්නුවට දෙව්සස්ගෙ ඔලුව ඇතුලේ සෑහෙන්න පස්න.. අනික මෙවෙලේ කොහෙත්ම බලාපොරොත්තු නොවුන, මූනටවත් හම්බෙන්න ආස නොකර කෙනෙක් තමන් ලගට එද්දි. දෙව්සස් වැලමිට දෙකට බර දීලා ඉස්සෙන්න හදද්දිම වගේ ලොකු වේදනාවකුත් එක්ක ආයෙම ඇදට වැටුනා. දෙව්සස් අත් දෙකෙම වැලමිටවල්වල තුවාල වෙලා කියලා දෙව්සස්ට දැනුන වේදනාවෙන් ඔප්පු උනා. මේක දැකපු අනික් කෙනා ඉක්මනට ඇවිල්ලා දෙව්සස්ට කෙලින් වෙන්න උදව් කලා. අකමැත්තෙන් උනත් දෙව්සස් එයාගෙ උදව් අරන් ඇඳේ ඉදගත්තා.

නොමියෙන හදවත් I UNDYING HEARTS - OngoingWhere stories live. Discover now