දවසේ ප්‍රැක්ටිස් ඉවර වෙලා කොල්ලො එකා දෙන්නා ගෙදර යන්න සූදානම් වෙනවා. සමහර අයට පන්ති එහෙම තියෙන නිසා දෙක විතර වෙද්දි ප්‍රැක්ටිස් ඉවර උනා. ප්‍රැක්ටිස් ඉවර උන ගමන්ම ටීම් එකේ ඉන්න එකොලහ වසරේ පොඩි උන් දෙන්නා ක්ලාස් වලට දිව්වා. ක්ලාස් තියන උන් කලින් කලින් යද්දි අන්තිමට එතන ඉතුරු උනේ කීප දෙනයි. ඉස්කෝලෙත් ඇරිලා තිබුන නිසා හෙඩ් ප්‍රිෆෙක්ට් තව ප්‍රිෆෙක්ට්ලා කීප දෙනෙක් එක්කම ග්‍රවුන්ඩ් එකට ඇවිල්ලා තිබ්බේ කොල්ලො ක්‍රිකට් ගහනවා බලන්න. ඒත් ඒ වෙනකොටත් අදට ප්‍රැක්ටිස් අවසන් වෙලා තිබ්බා.
"ඒහ් නිතීශයා. උබ නම් මේ පාර හෙඩා වෙයි බන්.. ඒම පොඩි රාවෙකුත් යන්නෙ නැතුවම නෙවෙයි."
"විකාරද බන්.. මට වඩා ඕකට ගැලපෙන උන් ඉන්නවා."
නිතීශ් ඒම උත්තර දුන්නෙ දෙව්සස්ගේ අතේ තිබ්බ වතුර බෝතලෙත් උදුරලා ගන්න ගමන්මයි.
"අනේ මන්දා. මන් නම් එහෙමට එකෙක්ව හිතාගන්න බෑ..ඒක නෙවේ දැන් ටීම් එකේ ප්‍රැක්ටිස් ඒම කෙරෙනවද දිගටම?"
"ඔව් බන්.. මුන්ට ඒ හැටි ප්‍රැක්ටිස් එකක් ඕනිත් නෑ ඉතින්. ඉස්කෝලේ ඉන්න හොදම ප්ලෙයර්ස්ලා ටික ඉන්නෙත්.. ඒ වුනාට කෝම හරි මේ පාර කප් ඒක අපේ වෙන්න ඕනි."
"අඩෝහ් කප් එක කෝමත් අපේ තමා බන්. අරුන්ට බෑ ඕක ගන්න. "
"ඒ වුනාට බන්.. අනේ මන්දා. හැමදාම ප්‍රැක්ටිස් දාන්නත් බෑ ඉතින්. තව මාස 6-7 ක්නේ ඒලෙවල් වලටත්."
"අවුලක් ගන්න එපා බන්.. අපිට පුලුවන් අනික උබ ඉන්නකන් අවුලක් නෑ අපිට."
හෙඩ් ප්‍රිෆෙක්ට් ඒම කිව්වෙ නිතීශ්ගේ පිටත් පොඩි තට්ටුවක් දාන ගමන්. නිතීශ් ලග තිබ්බ වතුර බෝතලෙත් ඇදලා ගන්න ගමන් දෙව්සස් නැගිට්ටෙ නිවසට යන්න. ගිහින් හොදට නාගෙන කාලා බීලා නිදියන්න තමා කොල්ලට ඕනි. දවස් ගානකින් පාඩම් කරන්න පොතක් අතින් ඇල්ලුවේ නැති නිසා කොල්ල පාඩම් කරන්නත් හිතාන තමා ඉදියේ.
"ඒ බන් මන් යනවා ඈ.. ඒහ් .. අපි කැපුනා ඒනම්.. අයියේ අපි ගියා."
නිතීශ්ට වගේම ඉතුරු වෙලා හිටපු ප්ලෙයර්ස්ලා ටිකටයි ප්‍රිෆෙක්ට්ලගෙනුයි සමු අරන් දෙව්සස් නැගිට්ටෙ යන්න.ඒත් එක්කම වගේ ශෙවානුත් නැගිටලා දෙව්සස් ලගට ආවා.
YOU ARE READING
නොමියෙන හදවත් I UNDYING HEARTS - Ongoing
Non-Fictionප්‍රාණය නිරුද්ධ අවතැන් හදකට, සඳ එළියක් සේ ඔබ ආවා.... ඉතින් අවසරයි කියන්නට මට, මගේ හදවතේ ජීවය ඔබම කියා...... යශීර් ආදිව් කෞශල්‍ය x ප්රාතිහ දෙව්සස් සමරවික්‍රම Sinhala BL Non Fiction💗✨