Chapter 22

227 28 67
                                    

"ඒ වුනාට බන්. මන් නම් හිතුවා උන්ට යයි කියලා.."

දෙව්සස් එක්ක එහාපැත්තෙන් ආපු කොල්ලො දෙන්නගෙන් එක්කෙනෙක් කිව්වා. මැච් එකෙන් පස්සෙ දෙව්සස් කතා කරන්න අකමැතිම මාතෘකාවක් උනේ බිග්මැච් එක. නොහිතුව විදියට මැච් එකේ දිනුම විරුද්ධ පිලට යද්දි නම් දෙව්සස්ට ඉවසුම් නැති උනා. ඒත් එක්කම  ඒ දවසේ තමන් කරපු හපන්කමත් මතකෙට එද්දි දෙව්සස් පාරෙ තිබ්බ ගලකට හයියෙන් පයින් ගැහුවා.

"මටත් නිකන් හිතුනා. ඒත් බන් මුන් හොදට සෙල්ලම් කරානෙ.."

අනික් කෙනා පිලිතුරු දුන්නේ දෙව්සස් දිහාත් බලන ගමන්. දෙව්සස්ගෙන් මීක් සද්දයක් නෑ. පාරෙ යන වාහන දිහා බලන ගමන් බර කල්පනාවක. දෙව්සස් දන්නව මේක වැරදී කියලා. කවුරු නොදැක්කත් දෙව්සස් දැක්කා විරුද්ධ පිලේ කෙනෙක් තමන්ගේ පිලේ කෙනෙක්ට කකුල් මාට්ටුවක් දානවා. ඒක ග්‍රවුන්ඩ් එකේ හිටිය කාටවත් දැනුනේ නැති තරම් ඒත්.. ඒක එහෙමයි උනේ. 

"ඔව් හැබැයි. ශෙවානයා එහෙම හොදට ප්ලේ කරා.ඕවරේකට බර ගානක් ගැහුවනේ ඌත්.."

මුලින්ම කතා කරපු කෙනා දෙව්සස්ගේ කර වටේ අත දාන ගමන් කිව්වේ. ශෙවාන්ගේ නම ඇහුනත් හරි දෙව්සස් හකු තද කරන් අහක බලාගත්තේ හිත අස්සෙන් මෝදු වෙන කේන්තිය යට කරන්. ශෙවාන් කියන එකාගෙ නම ඇහුනත් දෙව්සස්ට අප්පිරියයි.. කේන්තීයි. 

'ටීම් එකම හොදට ප්ලේ කලා'

'උන් හොර කලා'

'උන් හොර කලේ නැත්තන් අපි පරදින්න විදියක් නෑ.'

'ශිට් තව ලකුනු දෙකක් තිබ්බනම්.'

'මට මොකද්ද උනේ? '

'ඇයි මෙහෙම..?'

'ආදිව්.. ඌ'

'උගේ ප්ලෑනක් මේක. ඇයි මට මේක හිතුනේ නැත්තේ කලින්..ආඅර්හ්..අපි බලාගමු'

"ඒ ඩෝ.. අර.. මේ ඔය එන්නෙ අරකේ කැපා නෙහ්.."

"අඩෙහ් ඔව්මයි.. සධීරයා"

මනෝලෝකේ ගිලිලා හිටපු දෙව්සස්ට ඒ වචනනම් හරි පැහැදිලිව ඇහුනා. වාහන පස්සෙ ගියපු ඇස් හරි ඉක්මනට ඉස්සරහින් එන රූපේ දිහාට යොමු උනේ දෙව්සස්ගේ අත මිටමෙලවෙද්දි.

නොමියෙන හදවත් I UNDYING HEARTS - OngoingWhere stories live. Discover now