"ආදිව්වෝ.. හෙට අනිද්දම ආයේ නයිටක් අදිමුකො ඕයි.."
"ම්ම්"
"මට අහගන්න දේවල් ටිකකුත් තියේ බන්.. "
රනුත්ම කියාගෙන ගියේ එහා පැත්තෙන් ඇවිදන් යන ආදිව්ට. සතීශුයි රනුත්මයි උදේ ඉදන් තාම එකම වචනයක්වත් කතා නොකරපු එක ගැන දෙව්සස්ටවත් ආදිව්ටවත් ලොකුවට ගානක් ගියේ නෑ. ඒ නිසා රනුත්මනම් හිටියේ ටිකක් සතුටෙන්. සතීශ් උනත් රනුත්ම ගැන මොකුත්ම ආදිව්ට කියන්න ගියේ නෑ..
"ෆ්‍රී දවසක් දාගමු.. "
"හ්ම්.. අනික් උන් එක්කත් කතා කරලා බලමුකො.. "
රනුත්ම නොකියා කීවේ ආදිව්ට අනික් අයගෙන් අහන්න කියලා. ඒත් ආදිව්ටනම් ඒ කියපු දේ තේරුනේ නෑ. සතීශ් එක්ක පිටිපස්සෙන් ආපු දෙව්සස් ඔය එක්කම වගේ ආදිව්ට සමාන්තරව ඇවිදන් යන්න ආවා.
"යශීර්.. මොනව හරි කන්න යමු..?"
ආදිව් එක්ක තනියම කොහෙ හරි යන්න හිතන් දෙව්සස්ට ආපු ආසාව නිසා ආදිව්ට ලන් වෙලා අනික් අයට නෑහෙන්න හෙමින් ඇහුවා. ආදිව්නම් දෙව්සස් දිහා පොඩ්ඩක්වත් බැලුවේ නෑ.. ඉස්සරහා බලාගෙනම ඇවිදිනවා. එයා... කවුරු හරි හොයනවා වගේ...
"ම්ම්ම්"
නිදකින්..ඔච්චර තමා ඉතින් කොච්චර කලත්. මුගේ මේ 'ම්ම්' ගෑවිල්ලනේ පේන්න බැරි..
"හා කියලද කීවේ?"
"ම්ම්ම්.."
"ඈ?"
"ම්ම්ම්"
"හානේ?"
"ම්ම්ම්"
"යශීර්?"
"ම්ම්"
"තොට මොකද්ද ඔට්ටපාලුවෝ වෙලා තියෙන්නේ.. ? හැම එකටම බස්සා වගේ 'ම්ම්' 'ම්ම්' ගාන්නේ.."
දෙව්සස් තරහෙන් කෑගැහුවේ අනික් කොල්ලො තුන් දෙනාත් තමන්ගේ ලෝකවලින් එලියට වැඩලා මේ දෙන්නට අවදානේ දෙද්දි. එච්චර කෑගහලත් ආදිව් නිකන්වත් නොබලපු නිසා දෙව්සස් මූනත් දෙක කරන් ඉස්සරහා බලාගත්තේ තරහෙන්. මටෝන්නෑ කවුරුත්.!!!!
"උබලා යමන් මන් මිශ්ව හම්බෙලා එන්නම්.."
ආදිව් පිටිපස්ස හැරිලා කියද්දි සතීශ් තම්බ්ස් අප් එකක් දුන්නා වගේම සිනේත්‍ර 'හා' කියලා ඔලුව වැනුවා. ආදිව් එහෙමම කෙලින්ම ඇවිදන් ගියේ මිශුල්‍යා හිටගෙන හිටපු ගහ ගාවට. එතන ගැහැනු ලමයි කීපදෙනෙක්ම හිටියා. ඔතන හුඟක් වෙලාවට කට්ටිය රැඳෙන්නේ ගෙදරින් එක්කන් යන්න එනකන්. හැම ක්ල්ස් එකක් ලගම ඒ වගේ පොට් එකක් තියෙනවනේ..
YOU ARE READING
නොමියෙන හදවත් I UNDYING HEARTS - Ongoing
Non-Fictionප්‍රාණය නිරුද්ධ අවතැන් හදකට, සඳ එළියක් සේ ඔබ ආවා.... ඉතින් අවසරයි කියන්නට මට, මගේ හදවතේ ජීවය ඔබම කියා...... යශීර් ආදිව් කෞශල්‍ය x ප්රාතිහ දෙව්සස් සමරවික්‍රම Sinhala BL Non Fiction💗✨