"මේ ළග හෙළබොජුන් එකක් නම් තියේ. අපි වෙනදට නුවර ආවම ඒකෙන් කෑම ගන්නෙ.. මන් වෙන තැන් ගැන නම් දන්නෙ නෑ.."
දෙව්සස් පඩිපෙලකින් උඩට නගින ගමන් කිව්වා. ආදිව්ත් එයාගෙ පිටිපස්සෙන් ගියේ වෙන යන්න තැනකුත් හිතාගන්න බැරුව.
"කොහෙද ඒක තියෙන්නෙ?"
ආදිව්ට නම් දැන් ඕනි තැනක්. කොල්ල උදේට කාලත් නැති නිසා බඩගින්නෙ හිටියේ. දෙව්සස් කැමැත්තෙන්ම ආදිව්ව තැනට එක්කන් යන්න කැමති උනා. දෙව්සස්ගෙ බන්ඩිගෙඩිය උනත් කෑමක් බීමක් වැටෙනවට අකමැත්තක් තිබ්බෙ නෑ.
කොහෙන්ද මන්දා පාරවල් වලින් හැරි හැරි හෙළ බොජුන් එකට දෙව්සස් පස්සෙන්ම ආදිව් ආවා. මහ සෙනගක් නොහිටිය නිසා ආදිව් ඒ තැනට කැමති උනා. හිස් ටේබල් එක්ක දෙව්සස් බෑග් එක තියනවත් එක්කම ආදිව්ත් ඒ ටේබල් එකෙන්ම බෑග් එක තිව්වා.
"මොනාද කන්නෙ?"
දෙව්සස් පෙළට තියලා තිබුනු කැම දිහා බලන ගමන් ඉස්සරහට යන්න ගත්තා. එතන වැඩ කරපු අය එවෙලමයි ඒව හද හදා දාන්නෙ.. එනිසා කෑම අලුත් වගේම උනුවෙන් තිබ්බා. කැම වලට දූවිලි, මැස්සො යන්නෙ නැති වෙන්න ඉටිකොලේකින් වගේ වහල තිබ්බා. එක එක වර්ගවල කෑම එක පෙලට තිබ්බා. වඩේ, තෝසෙ, පිට්ටු,රොටී,පොලොස් කට්ලට් අරව මෙව්ව හෙන ගොඩක් තිබ්බා. එතන තිබ්බෙම වගේ දේශීය කෑම.අනික ඒවගෙන් ආපු සුවදට හැමෝගෙම බඩගිනි වැඩි කරන්න පුලුවන් උනා.
"ම්ම්.. වඩේ හොදයි වගේ."
"කීයක්ද?මන් සල්ලි ගෙවන්නම්.. උබට මන් ණයයිත් එක්කනේ."
දෙව්සස් පර්ස් එකත් ඇදලා ගන්න ගමන් කීවේ ආදිව් දිහා බලාගෙන.. දෙව්සස්ට ඕනි උනේ ආදිව්ට තියෙන මේ ණය ටික බේරල ඌත් එක්ක තියෙන ගනුදෙණු සේරම අහවර කරන්නයි. දෙව්සස්ට ආදිව් එක්ක ඉන්න එක එච්චර සෙට් උනේ නෑ.මොකද කෙල්ලෙක් නිසා වලි අල්ලපු කොල්ලා එක්ක මෙහෙම යාලුවො වගෙ ඉන්න එක දෙව්සස්ට මදි කමක් වගේ උනා.. අනික ආදිව් දෙව්සස්ගේ යාලුවො ඉස්සරහා එයාට කතාකරනවට දෙව්සස්නම් කොහොමටවත් කැමති උනේ නෑ.
"ඒව කමක් නෑ බන්.. උදව්.."
"උබ කට පුප වහගෙන වාඩිවෙයන්."
YOU ARE READING
නොමියෙන හදවත් I UNDYING HEARTS - Ongoing
Non-Fictionප්රාණය නිරුද්ධ අවතැන් හදකට, සඳ එළියක් සේ ඔබ ආවා.... ඉතින් අවසරයි කියන්නට මට, මගේ හදවතේ ජීවය ඔබම කියා...... යශීර් ආදිව් කෞශල්ය x ප්රාතිහ දෙව්සස් සමරවික්රම Sinhala BL Non Fiction💗✨