Chapter 7

276 29 57
                                    

එදා නිවාඩු දවසක් උනත් දෙව්සස් උදේම නැගිට්ටෙ පොඩි ගමනක් යන්න. ෆේස්බුක් එකේ අහම්බෙන් දැක්ක පෝස්ට් එක්කට අනුව සතියක් පුරාවට පැවැත්වෙන බුක් ෆෙයා එක්කට යන්න තමා උදෙන්ම කොල්ලා ලැස්ති උනේ. මේ වෙනකොට ඒක පටන් අරන් දවස් කීපයක්ම ගිහින් තිබුනා. ඒ වුනාට ඒකට යන්න තරම් නිදහසක් කොල්ලට තිබ්බෙ නෑ. හැමදාම උදේ ඉදන් රෑ වෙනකන් තිබුනු පන්තියි වගේම සීයට අසූව බලන නිසා පන්ති නැති දවස්වලට යෙදුන ඉස්කෝලෙ ගමනයි නිසා කොල්ලට වෙලාවක් හොයාගන්න අමාරු උනා. කෝම හරි වාසනාවට වගේ කෙමිස්ට්‍රි ක්ලාස් මේ සතියට කැන්සල් වෙලා තිබ්බ.

පාරට ඇවිල්ලා විනාඩි දහයකට පහලවකට පස්සෙ නුවර බස් එකක් ආවා. කොල්ලා ඒකට ගොඩ වෙලා හිස් සීට් එකක වාඩි උනා. නුවරට ටිකට් අරන්  ඉවර වෙලා පොඩි නින්දක් දාන්න හිතන් කොල්ලා සීට් එකෙන් ඔලුව තියාගත්තා. 

හොද නින්දකට පස්සෙ එක පාරටම දෙව්සස් ඇහැරුනේ ෆෝන් එක වයිබ්‍රේට් වෙන්න ගත්ත නිසා. නිදිමතේම ඇස් දෙකත් පොඩි කරලා ඇහැරපු දෙව්සස් ජනේලයෙන් එලිය බැලුවෙ කොහෙද ඉන්නෙ කියලා නෝට් කරගන්න. ගලහා හන්දිය පහු වෙනවා දැකපු කොල්ලා ඉවරයක් නැතුව රින්ග්වෙන ෆෝන් එක අතට ගත්තා. 

අතට ගන්නකොටම වගේ කෝල් එක කට් උනා. මිස්ඩ් කෝල් කියලා ඇවිල්ලා තිබ්බ නොටිෆිකේශන් එකේ සදහන් වෙලා තිබ්බ නම නිසා කොල්ල කන්ෆියුස් වෙලා ගියා. කෝල් බැක් කරන්නදො නොකරන්නදෝ කියලා හිතත් එක්ක කරපු අරගලයකින් පස්සේ දෙව්සස් වට්සැප් පැත්තට ගියා.  පොඩ්ඩක් උඩට පහලට ගිහින් කන්ටැක්ට් එකක් හොයපු දෙව්සස් ඒකට මැසේජ් එකක් දැම්මෙ ඔන්ලයින් ඉන්නවද කියලත් බලන ගමන්.

Ay? 👀

                                                                                                                                                                                                                                                      Ay?

මැසේජ් එක සෙන්ඩ් වෙලා ටික වෙලාවකින් රිප්ලයි ආවා. මැසේජ් එක ආපු ගමන් සීන් නොකර ටික වෙලාවක් බලන් ඉදලා මිනිත්තුවකට විතර පස්සෙ තමා රිප්ලයි කලේ.. මොනා උනත් ලොකු කම තියාගෙන ඉන්න ඕනිනේ. 

නොමියෙන හදවත් I UNDYING HEARTS - OngoingWhere stories live. Discover now