Chapter 16

281 26 66
                                    

ප්‍රිෆෙක්ට් ඩේ එක ඉවර වෙච්ච දවසේ ඉදන්ම ආදිව්ට උනේ පාඩම් කරන්න. ලබන සතියේ ටර්ම් ටෙස්ට් කියලා කිව්වත් හරි ආදිව්ට ප්‍රිෆෙක්ට් ඩේ එක නිසාම එයාගෙ වැඩ ටිකත් පොඩ්ඩක් පාඩු වෙලා තිබ්බා. දවස් තුන හතරකට පස්සේ පාඩම් කරන්න මේසෙට ඇවිල්ලා පාඩම් කරන්න පොතක් අතට ගත්තා. පොත පෙරලලා ටිකක් වෙලා පාඩම් කරත් එක පාරටම එයටත් නොදැනි එයාගෙ හිත තැන් තැන්වල අතරමන් වෙන බව ආදිව්ට තේරුනා. 

ඔලුව දෙපැත්තට ගසලා ආයෙමත් පොතට අවදානෙ දුන්නත් ඒ අවදානේ හුග වෙලා පොතේ නම් නතර උනේ නෑ. ආදිව් වෙලාව බැලුවම එයා පොත අතට අරන් පැයක් වෙලා. ඒත් තාම එක පිටුවයි පාඩම් කරලා තියෙන්නේ. ඒ කියන්නෙ පැය බාගයක් විතරම කොල්ලා ඉදලා තියෙන්නේ මනෝලෝකේ.

ආයෙ පාඩම් කරන්න හදන එකේ තේරුමක් නැති නිසා කොල්ලා පොත් මේසෙන් නැගිට්ටා. පොඩ්ඩක් රිෆ්‍රෙශ් වෙන්නත් හිතන් ආදිව් හොද වොශ් එකකුත් දාන් ආවා. අලුත් ටී එක්කුයි ශෝටකුයි දාගත්ත ආදිව් ආයෙම වාඩි උනේ පාඩම් කරන්න.වාඩි උනත් හරි  පොඩියට බඩගින්නක් දැනුන නිසා නැගිටලා පහලට ගිහින් ෆ්‍රිජ් එකෙන් චොකලට් එක්කුත් ඇරන් ආයෙම උඩට ආවා. 

ඇදෙන් වාඩි වෙලා චොකලට් එකත් කඩන ගමන් ආදිව් ෆෝන් එක අතට ගත්තා. වට්සැප් පැත්තේ ගිහින් මිශුල්‍යාගෙන් ඇවිත් තිබ්බ මැසේජ් මැසේජ් ටික්කට රිප්ලයි දාපු කොල්ලා ස්ටේටස් බලන්න ගත්තා. ආදිව් කිසිම තේරුමක් නැතුව, බලනවාට බලන්නැහේ ස්ටේටස් බලාගෙන බලාගෙන ගියා. බූට් කාල වගේ දාන වීඩියෝ තමයි ආදිව්ට වැඩියෙන් බලන්න උනේ. මුන් බූට් කෑවත් වදේ අනික් උන්ට. මුන් ලව් කරත් වදේ අනික් උන්ට. තඩි තඩි ඈනුම් යවන ගමන් ඇදේ ඇලවුනු කොල්ලා ජස්ට් නව් පෝස්ට් කරපු ස්ටේටස් එකක් දැකලා ඒක ඕපන් කලා. ගර්වුන්ඩ් එක්ක වගේ ඉදන් ගහපු ෆොටෝ එකක් ඒක. කොල්ලො දහයක් විතර එක එක පෝස් වලින් ඉදන් ෆොටෝ එකට ඉන්නවා. ඒ මූනු අතරේ ඇස් ගෙනිච්ච ආදිව්ගෙ ඇස් වලට එකපාට්ටම අහුවුනේ එක මූනක්. ඒත් එක්කම වගේ මේ ස්ටේටස් එක දාලා තිබ්බ එකාගෙ නම දිහාට අදිව්ගේ ඇස් සින් ගාලා ගියා.. 

දෙව්සස් කියලා තිබ්බ ප්‍රොෆයිල් එකට ගියපු ආදිව් බැලුවේ ප්‍රොෆයිල් පික් එක. යමහා බයික් එකකට හේත්තු වෙලා පැත්තක් බලන් ගහපු ෆොටෝ එකක්. පාර මැදක වගේ ඉදන් ඒක ගහලා තිබ්බේ. ලා නිල් පාට බැගී ටී එක්කට පැච් කලු ඩෙනිමක් ඇදලා සුදු පාට ඩෙක් දෙකක් දාලා.බොරු ඔනී නෑ කොල්ලට එතන තිබ්බේ හෙන හැන්ඩ්සම්. බාගයක් විතරක් පේන සුදු මූන දිහා ආදිව් බලාන ඉදියා.  

නොමියෙන හදවත් I UNDYING HEARTS - OngoingWhere stories live. Discover now