Chapter 12

222 27 26
                                    

ගෙදර ආපු ගමන් කෙලින්ම කාමරේට ගිය දෙව්සස් පොත් බෑග් එක මේසේ උඩට පුරුද්දට වීසී කරල ඇඳට වැටුනා. ඒත් ආදිව්ගේ පේපර්ස් ටිකක් බෑග් එකේ තිබ්බ නේද කියල මතක් වෙලා ආයෙම නැගිටලා මේසේ  ළඟට ගියා. බෑග් එක ඇරලා ඒකෙන් ආදිව්ගේ පේපර් ටික ඇදලා ඇරන් ඒ ටික මේසේ උඩින් තිබ්බා. ආයෙ ඕකට මොකක් හරි වෙලා මරණ තර්ජනේවත් කරොත්. එහෙව් එකානෙ.

ආදිව්ගේ පේපර් ටික දිහා දෙව්සස් ටිකක් බලන් හිටියා. මුලු පිටුවම හරි වලින් පිරිලා එක වැරැද්දක් නෑ. උඩින් පැහැදිලි බෝල අකුරින් ආදිව්ගේ සම්පූර්න නමම ලියලා තිබ්බා.

යශීර් ආදිව් කෞශල්‍ය

යශීර්.. ටිකක් අමුතු නමක්. දෙව්සස් එහෙමම පේපරේ අනික් පිටුවට පෙරලුවා. නම ලියලා තිබ්බ වගේම ලස්සන අකුරු වලින් පිලිවලට ප්‍රශ්න වලට උත්තර ලියලා තිබ්බා. පේපරේ ඒ පිටුවෙත් හරි විතරයි. මේ දේවල්වලින් දෙව්සස්ට පුලුවන් උනා ආදිව් කියන්නෙ මීටරයක් කියලා නිගමනේකට එන්න.  

පේපර් ටිකත් එහෙමම තියෙන්න ඇරලා දෙව්සස් පොඩි වොශ් එකක් දාගන්න කියලා බාතෲම් එකට රින්ගුවා. දවසේ මහන්සිය හේදිලා යන්නම හොදට නාගත්ත දෙව්සස් තුවායත් ඉනේ පටලන් එලියට එන අතරේ බාතෲම් එකේ තිබ්බ මිරර් එක ළඟ නැවතුනා. මිරර් එකෙන් පේන තමන්ගේ නිරුවත් උඩුකය දිහා දෙව්සස් බලන් හිටියේ නොදැනිම කල්පනා ලෝකෙකට යද්දි.

කොන්ඩෙන් බේරුන වතුර බින්දුවක් බෙල්ලත් පාස් කරන් පහලට පහලට ආවේ දෙව්සස්ගේ ඇස් ඒ පස්සේ පන්නද්දි. පපුව හරියෙදි වතුර බින්දුව නැති උනත් දෙව්සස් එයාගෙ ඇස් වලින්නම් පහලට යන එක නතර කලේ නෑ. ඒත් එක්කම වගේ දෙව්සස්ට ආදිව් ගැන තරහක් එන්න ගත්තේ  අහේතුකවයි.

'ආදිව්ට ඇයි හැමෝම කැමති.?'

'හරි ඌ මට වඩා පොඩ්ඩක් හැන්ඩ්සම් තමයි.. ඒත් මගේ තියෙන අඩුව මොකද්ද?'

'මිශුල්‍යා හොදටම දැනන් ඉදියා මන් එයාව අවුරුදු ගානක් ක්‍රශ් කරා කියලා. ඒ තියෙද්දිත් ඇයි.. ඇයි එයා ආදිව්වම තෝරගත්තේ?'

'ආදිව් ඇත්තටම මිශුල්‍යාට ආදරේ කරනවද?'

'ආදිව් කෝමද එච්චර ලකුනු ගන්නෙ? ඌ විශය භාහිර වැඩත් කරනවා.. ලවුත් කරනවා. ඇයි මට ඔය එකක්වත් හරියට බැරි?'

නොමියෙන හදවත් I UNDYING HEARTS - OngoingWhere stories live. Discover now