Chapter 10

261 26 49
                                    

ඉස්කෝලෙන් ටිකක් කලින් එලියට පැනගත්ත ආදිව් සීයට එන්න කියලම ගෙදර ගියා. ගෙදර ගිහින් වොශ් එකක් දාලා ආච්චම්මගෙ කෑමවලටත් වග කියලා රූම් එකට ගියා.හවස තව ක්ලාස් එකක් තියෙන නිසා ආදිව් ඒකට යන්න කලින් පොඩි නැප් එකක් දාන්න හිතුවා. ආදිව් ෆෝන් එකේ එලාම් එක්කුත් තියාගෙනම  ඇඳට වැටුනා. ආදිව්ට එක පාට්ටම මතක් උනේ ඊයෙත් මොකුත් පාඩම් කලේ නෑ නේද කියලයි. ඒත් ආයෙම හිත හදන් කොට්ටෙ මූන ඔබා ගත්තේ අද රෑනම් නයිටක් ගහලා පාඩම් කරන්න හිතන්..

ලස්සන හීනයක් දැක දැක හිටපු ආදිව් උඩ ගිහින් ඇහැරුනේ කනලගින් බෙරිහන් දෙනවා ඇහෙද්දි. හරියටම කනට යට වෙලා තිබ්බ ෆෝන් එකෙන් තමයි ඒ වගේ සුමිහිරි නාදයක් ගලන් ආවෙ. එකපාරටම ඇහැරුනත් හරි ආදිව් තෝන්තුවෙන් වගේ බැලුවේ ඒ මොකද්ද කියලා.ආයෙම ඒ සද්දෙ ආවත් එක්කම ආදිව් සද්දෙ ආපු පැත්තට ඇස් යැව්වා. ඇසුත් පිහ පිහම ෆෝන් එක අතට ගත්ත කොල්ලා එලාම් එක ඕෆ් කරලා දැම්මා.ඒත් එක්කම වගේ ෆෝන් එකේ සෙටින්ග්ස් වලට ගිහිල්ලා එලාම් එකේ ටෝන් එක වෙනස් කරන්න ගත්තා. දැන් දාලා තිබ්බ එක ආයෙම ආදිව් ප්ලේ කරද්දි අර සුමිහිරි ටෝන් එක ආයෙම ආවා. 

ආදීඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඉව්... මගේ සුදාප්පච්චෝ.. අවදි වන්න අවදි වන්න දීප්තිමත් දිනකි උදාවෙලා තීන්නේ. උඹ හිතනවාට වඩා සොදුරු යාලුවෙකි උබට ලැබිලා තියෙන්නේ.. බු.හහ්...හහ්..හාඅ.......හ්.. නැගිටපන් #$%. තොට මල් වඩම් අල්ලනකන්ද ඉන්නෙ.

සතීශ්ගේ සුමිහිරි කටහඩ ඇහුනේ ආදිව්ගෙ නිදිමත ගතියත් නැති වෙලා යද්දි. සුලු මොහොතකට පෙර තමන්ගේ දකුනු කනට සිදිවෙච්ච අසාදාරනේ තේරුම් ඇරන් ආදිව් කනත් අත ගෑවා. ආදිව්ට හිතාගන්න බැරි උනේ සතීශ් කොයි වෙලේද මේ අලුගුත්තේරු වැඩේ කරේ කියලා. මේක මේ දවස් දෙක තුන ඇතුලත වෙච්ච දෙයක්. මොකද ආදිව්ට හොදටම මතකයි මීට දවස් හතරකට කලිනුත් එයාගෙ සුපුරුදු සෞම්‍ය ටෝන් එක එලාම් එකෙන් ඇහුනා කියලා. එලාම් එකට අලුත් ටෝන් එක්කුත් දාලාම කොල්ලා වෙලාවත් බලලා ඇඳෙන් බැස්සේ ක්ලාස් යන්න ලෑස්ති වෙන්න.

කාමරෙන් එලියට ඇවිල්ලා කෙලින්ම ගියේ කුස්සිය පැත්තට. ආපු පොඩි බඩගින්නට විසදුමක් හොයන්න ෆ්‍රිජ් එක ඇරිය කොල්ලා නැමීගෙන කන්න දෙයක් හෙව්වා. ඇපල් ගෙඩියක් තියෙනවා දැකලා ඒකත් කටට ඔබන් ෆ්‍රිජ් එකේ දොරත් වහලා අනික් පැත්ත හැරුනේ යන්න. ඒත් එක්කම වගේ ආදිව්ගෙ ආත්තම්මා කුස්සියට ආවා.

නොමියෙන හදවත් I UNDYING HEARTS - OngoingWhere stories live. Discover now